පරිඝනකය ලොක් කරන්න shortcut එකක්

පරිඝනකය ලොක් කරන්න shortcut එකක්


පරිඝනකය off කරන්න,එහෙමත් නැත්තන් shutdown කරන්න ඔබ මොකද කරන්නේ. ඔබට ටිකක් හදිස්සි අවස්තාවක් නම් එය කරන්න තවත් ඉක්මන් වෙනවා නේද. හැබැයි හිතන තරම් ඉක්මනට පරිඝනකය,ලැප්ටොප් එක off කරන්න බැහැ නේද. අන්න ඒ වැඩේට shortcut එකක් click කරපු ගමන් පරිඝනකය off කරන්න තියේනම් කොච්චර ලේසිද?
දැන් එහෙනම් බලමු කොහොමද ඒ වගේ වැඩසටහනක් කරන්නේ කියල. හරිම පහසුයි.

1. මුලින්ම desktop එකේ  right click කරලා shortcut එකක් නිර්මාණය කරගන්න.
2. ඉන් පසුව ලැබෙන box එකේ Type the location of the item කියන ස්ථානයේ පහත කේත කොටස paste කරන්න.

rundll32 user32.dll,LockWorkStation


3. ඉන්පසුව Next > කරලා ඊළඟට තිබෙන Type a name for this Shortcut කියන ස්ථානයේ shortcut එකට කැමති නමක් දීල save කරගන්න.

ඔන්න දැන් අපේ වැඩසටහන නිර්මාණය කරලා අවසන්. ඔබගේ පරිඝනකයේ desktop එකේ තිබෙන මේ shortcut එක double click කරාම පරිඝනකය lock වේවි. ඒ කියන්නේ sleep mode, නැතිනම් shoutdown වේවි. ඔබට මෙය toolbar එකට add කලොත් එක වරක් click කරාම පරිඝනකය lock කරගන්න පුළුවන්.

Related Articles