Breaking
Loading...
පරිඝනක පරම්පරා - II

පරිඝනක පරම්පරා - II

2. දෙවන පරම්පරාව - 

දෙවන පරම්පරාව අයත්වන්නේ 1959-1965 දක්වා කාලයටය. මෙම පරම්පරාවේ පරිඝනක වල භාවිතා කලේ transistors වේ. එම නිසා පළමු පරම්පරාවේ පරිඝනක වලට වඩා මෙම පරිඝනක තරමක් වේගවත් විය. මෙම පරම්පරාවේ පරිඝනක වල දත්ත ගබඩා කිරීමට magnetic cores, magnetic tape සහ magnetic disks භාවිතා විය.

Magnetic cores


ක්‍රමලේඛන' භාෂාව ලෙස assembly භාෂාව සහ උසස් මට්ටමේ භාෂා ලෙස FORTAN සහ COBOL යොදාගත්තේය. එමෙන්ම මෙම කාලයේ භාවිතා කල  මෙහෙයුම් පද්ධති batch processing (කාණ්ඩ ලෙස ක්‍රියාත්මකවන ) මෙන්ම  multi programming (බහු ක්‍රමලේඛන) ඒවා විය. පළමු පරම්පරාවේ පරිඝනක වලට වඩා කුඩා සහ තාපය නිපදවීම අඩුවිය.

විදුලි ශක්තිය වැය වීමද අඩු අතර, වේගවත් විය. නමුත් දෙවන පරම්පරාවේ පරිඝනක්ද මිලෙන් අධික විය. machine(යන්ත්‍ර ) and assembly භාෂා භාවිතා විය.

මෙම පරම්පරාවේ භාවිතා වූ පරිඝනක වන්නේ IBM 1620,IBM 7094,CDC 1604,CDC 3600,UNIVAC 1108

IBM 1620

IBM 7094

CDC 1604

CDC 3600