Breaking
Loading...
පරිඝනක වල භාවිත - Uses of Computers

පරිඝනක වල භාවිත - Uses of Computers

වර්තමානය වනවිට පරිඝනක තාක්ෂණය සම්බන්ධ ලෝකයක් නිර්මාණය වී තිබෙන නිසා පරිඝනක සහ ඒවා ආශ්‍රිත සියලුම සාමාන්‍යය විස්තර දැනගැනීම අත්‍යාවශ්‍ය වේ.


පරිඝනක වල විශේෂතා


input (ආදානය) ලෙස දත්ත ලබාගනී.
memory (මතකය) තුල දත්ත/උපදෙස් අවශ්‍ය විට ලබාගැනීමට ගබඩා කර තබාගනී. දත්ත සකස් කර තොරතුරු බවට හරවයි.
output (ප්‍රතිදානය) ලෙස තොරතුරු නිපදවයි.

පරිඝනක භාවිතා කිරීමේ වාසි -


1. High Speed - පරිඝනක යනු ඉතා වේගවත්ව,කෙටි කාලයක් තුල විශාල දත්ත ප්‍රමාණයක් පාලනය කල හැකි,මිලියන ගණනක ගණිත කර්ම (calculations) සිදුකල හැකි උපකරණයකි.

2. Accuracy - ලබාදෙන දත්ත අනුව නිවැරදිව,සත්‍ය තොරතුරු ලබාදීමේ හැකියාව ඇත.

3. Storage Capability - මිනිසුන්ගේ මතක ප්‍රමාණයට වඩා ඉතා විශාල මතක ප්‍රමාණයක් රඳවාගැනීමට හැකියාව සහ අවශ්‍ය විටක එම මතකයන් ලොකු ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පින්තූර,වීඩියෝ,සංගීත වැනි ඕනෑම වර්ගයක දත්ත ගබඩා කරගැනීම හැකියාව ඇත.

4. Diligence - මිනිසුන් මෙන් නොව පරිඝනක වලට ඉක්මණින් වෙහෙසට පත්නොවී කාර්යක්ෂමව එක දිගට වැඩ කිරීමේ හැකියාව ඇත. වැරදි අඩුපාඩු නොවී එකම වේගයකින් සහ කාර්යක්ෂමතාවයකින් වැඩ කිරීමේ හැකියාවද ඇත.

5. Versatility - පරිඝනක යනු විවිධ වර්ගයේ හැකියාවන් ගණනනාවක් ඇති යන්ත්‍ර වේ. විවිධ ගැටළු විසදාගැනීමට,සංකීර්ණ විද්‍යාත්මක ගැටළු වලට පවා පහසුවෙන් විසඳිය හැකිය.

6. Reliability - පරිඝනක යනු විශ්වාසනීය උපකරණයකි. දිගු කාලයක් වැඩ කිරීමේ හැකියාව සහ ඒවා පහසුවෙන් පාලනය කල හැකි ලෙස තිබීම විශේෂ ලක්ෂණයකි.

7. Automation - විවිධ වැඩ කටයුතු තනිවම කිරීමේ හැකියාව පරිඝනකයට ඇත. එයට සිදු කිරීමට අවශ්‍ය විධාන සහ උපදෙස් ලබාදුන් පසු එක් වැඩක් නොව වැඩ කිහිපයක් වුවුද කර ගත හැකිය.

8. Reduction in Paper Work - මිනිසුන් කිහිපදෙනෙකුට වැඩි කාලයක්,වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගෙන කරන කාර්යයන් කිහිපයක් තනිවම කිරීමේ හැකියාව පරිඝනක සතුව තිබේ. විවිධ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය වන ලිපි ද්‍රව්‍ය,පෑන් පැන්සල් ආදිය සහ ඒවා ගබඩා කිරීමට අවශ්‍ය වන පහසුකම් අවශ්‍ය නොවේ.

9. Reduction in Cost - පරිඝනක සමඟ වැඩ කිරීම නිසා වෙනත් අමතර වියදම් ආදිය අවම කරගත හැකිය.

අවාසි -


* පරිඝනක වලට තනිවම සිතා වැඩ කල නොහැකිය. සෑම උපදෙසක්ම ලබා දිය යුතුය.
* පරිඝනක වලට තනිවම තීරණ ගත නොහැකිය.
* පරිඝනක වලට තනිවම වැඩ කල නොහැකිය. එය පාලනය කිරීමට මිනිසෙකු සිටිය යුතුය.
* පරිඝනක වලට ඒවා තැබීමට,ඒවා නිවැරදිව ක්‍රියා කිරීමට සුදුසු පරිසරයක් තිබිය යුතුය.
* පරිඝනක වලට හැගීම් දැනීම් නැත.

පරිඝනක වල භාවිත (Computer Applications)


1. ව්‍යාපාර වල - 
පරිඝනක සතුව ඉතා වේගයෙන් ගණිත කර්ම කිරීමේ හැකියාව, නිරවද්‍යතාව,වැඩ කිහිපයක් කිරීමේ හැකියාව ඇති නිසා ව්‍යාපාර වල කටයුතු කිරීමට පරිඝනක භාවිතා වේ. සේවක පඩිපත් සැකසීමට, අයවැය කටයුතු වලට, විකුණුම් විශ්ලේෂණය කිරීමට, මූල්‍යමය පූර්වකතන කිරීමට, සේවකයන්ගේ දත්ත ගබඩා කළමනාකරණය කිරීමට, කොටස් වෙළඳපොල කටයුතු සිදු කිරීමට ආදී ලෙස ව්‍යාපාර වල විවිධ වැඩ කටයුතු කිරීමට පරිඝනක යොදාගනී.


2. බැංකු ක්ෂේශ්ත්‍ර වල -
අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීම, ATM යන්ත්‍ර වල කටයුතු සිදුකිරීමට, ජංගම දුරකථන හරහා වැඩ කිරීමේ හැකියාව ලබාදීම වැඩ කිරීමේ හැකියාව ලැබේ.


3. රක්ෂණ සේවා - 
රක්ෂණ සමාගම් ඔවුන්ගේ සියලුම රක්ෂණ වාර්තා යාවත්කාලීන කිරීම ආදිය පරිඝනක හරහා සිදුකෙරේ.

4. අධ්‍යපාන ක්‍ෂේත්ත්‍ර වල -
පරිඝනක ආශ්‍රිත අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ හැකියාව. අන්තර්ජාලය හරහා අධ්‍යාපනික වෙබ් අඩවි හරහා අධ්‍යාපන කටයුතු,උසස් අධ්‍යාපන කටයුතු කිරීමේ හැකියාව ලැබීම,
අන්තජාලය සහ ජංගම දුරකථන හරහා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ගැන දෙමවුපියන් දැනුවත් කිරීමේ හැකියාව ලැබීම.


5. අලෙවිකරණ කටයුතු -
වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදී වර්තමානයේදී පරිඝනක ආශ්‍රිතව සියලුම වැඩ කටයුතු සිදුවේ. අන්තර්ජාලය ඔස්සේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සිදුවීමද නව ප්‍රවණතාවයක් ලෙස දැක්විය හැකිය. නිවසේ සිටම වෙළඳ ව්‍යාපාර කටයුතු කිරීමට හැකිවීම,තම භාණ්ඩ හා සේවා අන්තර්ජාලය ඔස්සේ විකුණාගත හැකිවීමද පරිඝනක ආශ්‍රිතව සිදුවේ.


6. සෞඛ්‍යය ක්‍ෂේශ්ත්‍රය -
රෝහල් වල, රසායනාගාර වල සහ ඖෂධහල් වල වර්තමානයේ පරිඝනක සහ උපාංග අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත. රෝහල් වල රෝගීන්ගේ සහ බෙහෙත් වල විස්තර වාර්තා රැස්කර තබාගැනීමට මෙන්ම විවිධ රෝග විනිශ්චය කිරීම සඳහා වන ECG, EEG, CT scan වැනි උපකරණ භාවිතා කිරීම සිදුවේ.


7. ඉංජිනේරු කටයුතු සඳහා -
ඉදිකිරීම්,ගොඩනැගීම් ආදී වැඩ කටයුතු සඳහා පරිඝනක යොදාගැනීම වර්තමානයේ සිදුවේ. නිර්මාණකරණයේ සිට ඉදිකිරීම් කටයුතු දක්වා සියලුම පියවර වලදී පරිඝනක සහ ඒවායේ භාවිත අවස්ථා නැතුවම බැරිය.


8. යුධමය කටයුතු සඳහා - 
නවීන යුධමය ටැංකි,ගුවන්යානා,මිසයිල,අවි ආයුධ සියල්ලක්ම පාහේ ක්‍රියාත්මක වන්නේ පරිඝනක වලින් සිදුකරන පාලන ක්‍රමවේදයන්ට අනුවය. පරිඝනක පද්ධති මඟින් සියලුම යුධමය කටයුතු පාලනය සහ ක්‍රියාතමක වීම වන අතර යුධමය අවස්ථාවල සන්නිවේදනය සඳහාද පරිඝනක සහ අන්තර්ජාලය යොදාගනී.


9. සන්නිවේදනය - 
වර්තමානය වනවිට ලොවපුරා තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදනය බොහෝ දියුණු තත්වයකට පත්ව ඇත. email,chatting,video conferencing වැනි සන්නිවේදන කටයුතු මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී.


10. රාජ්‍ය කටයුතු - 
පුද්ගලික ක්ෂේත්‍රය තුල බහුලව පැතිරී තිබුණු පරිඝනක ආශ්‍රිත කටයුතු වර්තමානය වනවිට රාජ්‍ය අංශය දක්වාද පැතිරී ගොස් තිබේ. රාජ්‍ය ආයතන වල සියලු වැඩ කටයුතු පරිඝනක සහ අන්තර්ජාලය ආශ්‍රිතව සිදුකිරීමට දැනටමත් කටයුතු යොදමින් සිටී.
උදාහරණයක් ලෙස අන්තර්ජාලය හරහා දුම්රිය ආසන වෙන් කිරීම, මෝටර් වාහන බලපත්‍ර ලබාගැනීම, බැංකු කටයුතු කිරීම,බදු ගෙවීම් කල හැකිය. එමෙන්ම රාජ්‍ය
ආයතනවල සේවකයන්ගේ පහසුව සඳහා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාදීමද රාජ්‍ය ආයතන වලින් සිදුකෙරේ.