Breaking
Loading...

HTML Attributes (HTML උපලක්ෂණ)

මේ කියන්නේ HTML වල ගුණාංග ගැනයි. අපි දන්නවා ඕනෑම දෙක ගුණ අගුණ කියලා ඒවා තියෙනවා. එහෙමත් නැති නම් සාමාන්‍ය දෙයක් තවත් වැඩිපුර දියුණු කරලා,අලුත් ගුණාංග සහිතව කියන්න පුළුවන් වෙනවා. ඉතින් html වලත් එහෙමයි. සාමාන්‍ය html element එකක් තවත් රසවත් කරලා විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට තමයි මේ html attributes කියලා අපි කියනු ලබන්නේ.



ඉතින් මේ html attributes වලට මූලික කොටස් දෙකක් තිබෙනවා. ඒ තමයි name සහ value කියලා.  name(නම) මඟින් යෙදීමට යන කොටසේ නම සහ  value(වටිනාකම) කියන කොටසින් එම කොටසට අදාළ වටිනාකම,එහෙම නැතිනම් අගය නිරූපණය කරනවා.

උදාහරණයක් විදියට අපි ,මෙහෙම ගමු. අපි වාක්‍යයක් යොදනවා <p> භාවිතා කරලා. මේ වාක්‍යය අපිට කිසියම් පිහිටීමකට සකස් කරගන්න අවශ්‍ය නම්  ඒ සඳහා අපි align කියන නම(name) භාවිතා කරනවා. ඉතින් අපි ඒ වාක්‍යය කොහොමද සකස් කරන්නේ. අපිට පුළුවන් එය වම් පසට,දකුණු පසට,හරි මැදට ආදී ලෙස සකස් කරගන්න. එතකොට අපිට values විදියට left,right සහ center ලෙස අගයන් භාවිතා කරන්න පුළුවනි. ඔන්න බලන්නකෝ පහත උදාහරණය.

<html>
<head>
<title>Align Attribute Example</title>
</head>
<body>
<p align="left">This is left aligned</p>
<p align="center">This is center aligned</p>
<p align="right">This is right aligned</p>
</body>
</html>


HTML elements වල භාවිතාවන core attributes 4ක් තිබේ.

✔ id - html පිටුවක් තුල ඇති ඕනෑම element එකක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරයි.
✔ title - element එකකට සුදුසු title එකක් ලබාදීම සඳහා මෙය යොදාගනී
✔ class - html පිටු තුල CSS(Cascading Style Sheet) යෙදීමට,එනම් සාමාන්‍යය html පිටු අලංකාරවත් කරගැනීමේදී යොදාගනී.
✔ style -  html elements කොටස් වලට CSS(Cascading Style Sheet) නීති භාවිතා කිරීමට මෙය යොදාගනී.