Breaking
Loading...

HTML Basic Tags (HTML මූලික tags)



1. Heading Tags

අපි කිසියම් document එකක්,note එකක්  නිර්මාණය කරන්න කලින් එයට ඉහළින් මාතෘකාවක් යෙදීම කරනවනේ.  ඒවාට අපි සාමාන්‍යයෙන් කියන්නේ heading කියලානේ. විවිධ ප්‍රමාණ වල මාතෘකා html වලදී භාවිතා කරනවා. <h1>, <h2>, <h3>, <h4>, <h5>, සහ <h6> කියන්නේ එහෙම html documents වල යොදා ගන්නා මාතෘකා ප්‍රමාණයන්.

<h1> යනු විශාලම මාතෘකා ප්‍රමාණය වන අතර <h6> යනු කුඩාම මාතෘකා ප්‍රමාණය වේ.

<!DOCTYPE html>
<html>
<head>
<title>Heading Exam ple</title>
</head>
<body>
<h1>This is heading 1</h1>
<h2>This is heading 2</h2>
<h3>This is heading 3</h3>
<h4>This is heading 4</h4>
<h5>This is heading 5</h5>
<h6>This is heading 6</h6>
</body>
</html>


2. Paragraph Tag

වෙබ් පිටුවට විවිධ ඡේද කොටස් සහ වාක්‍ය කොටස් යොදනවිට <p> tag එක හෙවත් paragraph tag භාවිතා කරනවා. සෑම වාක්‍යක්ම <p> ... </p> කියන කොටස් තුල ඇතුලත් වෙන්න ඕන.

<html>
<head>
<title>Paragraph Example</title>
</head>
<body>
<p>Here is a first paragraph of text.</p>
<p>Here is a second paragraph of text.</p>
<p>Here is a third paragraph of text.</p>
</body>
</html>

3. Line Break Tag

කිසියම් වාක්‍ය,ඡේද හෝ ඕනෑම text කොටසක් කිසියම් පේළියකින් ලියා නිම කර එම පේළිය කඩා අලුත් පේළියකින් ලිවීමට <br /> element එක භාවිතා කරනවා. ඔබට මෙහි වෙනසක් දකින්න පුළුවන් නේද.. ඔව්, මේ වගේ ඒවාට කියන්නේ empty element කියලයි. මේවට එහෙම කියන්නේ මේ වගේ tags වලට ආරම්භක<> සහ අවසාන ලෙස</> tags දෙකක් අවශ්‍ය නොවීමයි.

<br /> tag එකේ br කොටස සහ / කොටස අතර හිස් තැනක් තිබෙන්නම ඕන. එහෙම නැතුව ලිව්වොත් පරණ web browser වල මේ line break tag එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවනි.

<html>
<head>
<title>Line Break Exam ple</title>
</head>
<body>
<p>Hello<br />
You are welcome<br />
Thanks<br />
Daily ICT</p>
</body>
</html>

Centering Content

ඕනෑම text කොටසක්, රූපමය කොටසක්, මාතෘකාවක්, වගුවක් යන ආදී ඕනෑම එකක් මධ්‍යස්ථ කිරීමට හෙවත් මැදට පිහිටන ලෙස සකස් කිරීමට (center) කිරීමට <center> tag උපයෝගී කරගන්නවා.

<html>
<head>
<title> Centering Content Example</title>
</head>
<body>
<p>This text is not in the center.</p>
<center>
<p>This text is in the center.</p>
</center>
</body>
</html>