Breaking
Loading...
ඔබ අනිවාර්යෙන්ම office මෘදුකාංගය භාවිතා කර ඇතිනේද. word සමඟ වැඩ කරනවිට අකුරු හෝ වාක්‍ය කොටස් bold කිරීමට italic කිරීමට ඔබ භාවිතා කරපු tools තිබුනානෙ. ගොඩක් වෙලාවට මාතෘකා,අනු මාතෘකා ආදිය යොදන විට සහ highlight කිරීමක් කරන්න අවශ්‍ය වුනාම තමයි අපි ඒවා භාවිතා කලේ. ඉතින් html වලත් ඒ විදියට bold කරන්න, italic කරන්න, underline කරන්න ක්‍රම තිබෙනවා. ඒවාට තමයි මේ html formatting කියලා අපි කියන්නේ.


Bold text - 

bold කිරීමට අවශ්‍ය කොටස <b>.....</b> කියන element අතර යෙදීමෙන් bold කරගැනීම කරන්න පුළුවන්.

<!DOCTYPE html>
<html>
<head>
<title>Bold Text Example</title>
</head>
<body>
<p><b> This is bold </b></p>
</body>
</html>


Italic text - 

italic කිරීමට අවශ්‍ය කොටස දෙපස <i>.....</i> කියන element යොදාගැනීමෙන් italic කරගැනීම කරන්න පුළුවන්.

<html>
<head>
<title>Italic Text Example</title>
</head>
<body>
<p><i>This is italic</i></p>
</body>
</html>


Underline text - 

<u>.....</u> කියන element එක භාවිතා කිරීමෙන් අපිට කිසියම් text කොටසක් යටින් ඉරක් ඇඳගැනීම කරගන්න පුළුවන්.

<html>
<head>
<title>Underlined Text Example</title>
</head>
<body>
<p><u> This is underline </u></p>
</body>
</html>

Strike text - 

මේකෙන් කියවෙන්නේ කිසියම් කොටසක් හරහා හරි මැදින් ඉරක් ගහල කපා දමලා තිබෙන ආකාරයට සකස් වීමයි. ඉතින් මේකට යොදාගන්නේ <Strike>.....</Strike> කියන element එක.

<html>
<head>
<title>Strike Text Example</title>
</head>
<body>
<p><strike>This is strike</strike></p>
</body>
</html>


Superscript text - 

මොකක් ගැනද මේ කියන්නේ. මොකටද මේක යොදාගන්නේ. ඇත්තටම මේක word මෘදුකාංගයේත් තිබෙනවා. සාමාන්‍යය අකුරු කොටසකට වඩා පොඩියට ඊට ඉහළින් ඉලක්කමක් හෝ අකුරක් යෙදීමට තමයි මේක භාවිතා කරන්නේ. උදාහරණයක් විදියට ගණිත ප්‍රකාශන වල, කිසියම් සංඛ්‍යාවක් වර්ග කර දැක්වීම පෙන්වන්න යොදාගන්න අවස්ථාව තිබෙනවා නේද..අන්න එහිදී යොදාගන්නේ මේ Superscript යන ක්‍රමයයි. html වල මේ සඳහා <sup>.....</sup> කියන element එක.

<html>
<head>
<title>Superscript Text Example</title>
</head>
<body>
<p>x <sup>2</sup>+ y <sup>2</sup></p>
</body>
</html>


Subscript text - 

Superscript text කොටසේ  අනිත් එක තමයි Subscript text කියලා කියන්නේ. මෙහිදී සිදුවන්නේ කිසියම් text කොටසකට වඩා කුඩාවට ඊට පහළින් text කොටසක් යෙදීමයි. විද්‍යාවේ තිබෙන මූලද්‍රව්‍ය සහ වායූන් වර්ග ලිවීමේදී මේ රටාව භාවිතා කරනවා. ජලය අපි H2O ලෙස හඳුන්වනවා නෙ. එතනදී 2 යන්න H සහ O අකුරු වලට වඩා කුඩාවට තමයි යොදන්නේ. ඉතින් html මඟින් වෙබ් පිටු නිර්මාණයේදී යොදාගන්නේ <sub>.....</sub> කියන element එකයි.

<html>
<head>
<title>Subscript Text Exam ple</title>
</head>
<body>
<p>H<sub>2</sub>O</p>
<p>CO<sub>2</sub></p>
</body>
</html>


Larger text -

සාමාන්‍යය අකුරු හෝ වාක්‍ය කොටසකට වඩා ප්‍රමාණයෙන් වැඩි අකුරු කොටස් යෙදීමට මෙය භාවිතා කරයි. මේ සඳහා <big>......</big> යන element යොදාගනී.

<html>
<head>
<title>Larger Text Example</title>
</head>
<body>
<p><big>This is big size</big></p>
<p>This is normal size</p>
</body>
</html>


Smaller text - 

සාමාන්‍යය අකුරු වලට වඩා කුඩාවට අකුරු යෙදීමට <small>.....</small> යන element යොදාගත හැකිය.

<html>
<head>
<title>Smaller Text Example</title>
</head>
<body>
<p><small>This is small size</small></p>
<p>This is normal size</p>
</body>
</html>