HTML Comments

මොකක්ද මේ html comments කියලා කියන්නේ. මෙය ඕනෑම programming language එකක තිබෙන විශේෂ දෙයක්. මෙය programming වල ඇති යහපත් දෙයක්, හොඳ පුරුද්දක් විදියට සලකන්න පුළුවන්. වෙබ් අඩවියක් programming කරනවා කියන්නේ ලොකු කාර්යයක්. මෙහිදී විශාල codes ප්‍රමාණයක් භාවිතා කරනවා. මේ එක් එක් code කොටස් වලින් කෙරෙන්නේ විවිධ කාර්යයන්.ඉතින් code කරන කෙනෙකුට වුනත් පසුව කිසියම් code කොටසක් වෙනස් කරන්න හෝ අලුත් කරන්න අවශ්‍ය වුනොත් මුල ඉදන් අගට බලාගෙන යද්දී අවශ්‍ය කොටස් තෝරාගැනීම පහසු වෙන්නේ නැහැ.



අන්න ඒ නිසා එක් එක් code කොටසින් කියවෙන්නේ කුමක්ද, එය යොදාගත්තේ ඇයි කියල කෙටියෙන්ස ටහනක් දාන්න තමයි මේ html comments භාවිතා කරන්නේ. ඉතින් මේ html comments දැම්මා කියල ඒවා වෙබ් පිටුව තුල පෙන්නන්නේ නැහැ.

html comments දැමීමට භාවිතා කරන්නේ <!-- --> කියන tag එකයි. ඉතින් මේ <!-- --> කොටස ඇතුලේ තිබෙන ඕනෑම දෙයක් code කොටස තුල පමණක් පෙන්වන අතර වෙබ් browser එක මඟින් නොසළකා හරිනවා.ඒ නිසා එය වෙබ් පිටුවේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.

<html>
<head>
<title>This is document title</title>
</head>
<body>
<!-- Document Starts -->
This is a comment
<!-- Document Header Ends -->
<p>This is not a comment</p>
</body>
</html>

<!-- --> ආකාරය single line හෙවත් තනි පෙළට ඇති comment ලෙස මෙන්ම multiline comments හෙවත් පේළි කිහිපයකට ඇති  comments ආකාරයට යොදාගන්න පුළුවන්.