
සේවාදායක පරිඝනක වර්ග
වෙනත් පරිඝනක වල ඉල්ලීම් වලට අනුව අවශ්‍ය දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන පරිඝනක server ලෙස හැඳින්වෙනවා. ඉතින් මේ අපි භාවිතා කරන සාමාන්‍යය පරිඝනකයක් වුනත් server එකක් ලෙස යොදාගන්න පුළුවන්. නමුත් එහෙම සිදු කරන්න නම් ඒ පරිඝනකය දිගටම ක්‍රියාකාරී තත්වයේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තිබිය යුතුය. නැත්තන් client කෙනෙක් ඇවිත් server එකට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවිට එය නැති නම් ඉන් ප්‍රයෝජනයක් සිදුවන්නේ නැහැ.
ඉතින් මේ වගේ servers ඒවායේ ක්‍රියාකාරීත්වය සහ සපයන සේවා අනුව කොටස් කිහිපයකට වෙන්කර දක්වන්න පුළුවනි. ඒවා වන්නේ Web Servers, ApplicationServers, Network Attached Storage (NAS), Domain Name Servers (DNS), Proxy Server සහ Mail server යන ඒවායි.
Web servers
වෙබ් අඩවි ප්‍රචාරණය කරනු ලබන, html තොරතුරු ගබඩා කර තිබෙන server වලට තමයි Web servers කියලා කියන්නේ. කුඩා files මෙන්ම විශාල files පවා මෙවැනි web server වල අඩංගු වී තිබෙනවා. ලෝකයේ ජනප්‍රිය web server සඳහා උදාහරණ ලෙස Apache HTTP Server, Internet Information Services (IIS), Lighttpd, Sun Java System Web Server සහ Jigsaw Server ගන්න පුළුවන්.
Application servers
සාමාන්‍යය ගණයේ html පිටු වලට අමතරව ඊට එහා ගිය සංකීර්ණ භාෂා වලින් ලියවුනු, විවිධ වර්ගයේ scripts ඇතුලත් වන,ඒ වගේම SQL වැනි database සම්බන්ධ වැඩසටහන්කරණය කරන ලද වෙබ් අඩවි සහ මෘදුකාංග ධාවනය කරනු ලබන servers මෙසේ හඳුන්වනු ලබනවා.
Network Attached Storage (NAS)
විශාල වර්ගයේ files, චිත්‍රපටි ගීත මෘදුකාංග ආදිය ගබඩා කර තබාගන්නා, හුවමාරු කරගන්නා වෙබ් අඩවි සඳහා භාවිතා කරන්නේ මෙම server වර්ගයයි.
Domain Name Servers (DNS)
DNS එකක් යනු හරියට දුරකථන නාමාවලියක් වගේ අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වල ලිපිනයන්ගේ ලැයිස්තු අඩංගු වෙලා තිබෙන server එකටයි. මෙමඟින් එම වෙබ් ලිපින නිර්මාණය,පාලනය සහ කළමනාකරණ සිදුකරනු ලබනවා. එමෙන්ම එම වෙබ් ලිපින අදාළ IP ලිපින බවට පරිවර්තනය කිරීමත් DNS වල ප්‍රධාන කාර්යයක්.
Proxy Server
Proxy Server එකක් කියන්නේ client-server ආකෘතියේ අතරමැද තිබෙන server වර්ගයකට. ඒ කියන්නේ Proxy Server එකක් මඟින් client කෙනෙකුගේ අවශ්‍යතාවය හඳුනාගෙන එම ඉල්ලීමට අනුව සැපයුම ලබාදෙන server එකට සම්බන්ධවීම කරනු ලබනවා.
Mail server
emails සම්බන්ධ කටයුතු සිදුකරන්නේ මෙම Mail servers මඟින්. ඒ කියන්නේ emails නිර්මාණය කිරීම,ගබඩා කිරීම සහ හුවමාරු කිරීම කරනවා. එමෙන්ම client කෙනෙකුගේ ඉල්ලීම අනුව අදාළ emails වලට ප්‍රවේශවීමේ පහසුකම් Mail servers මඟින් කරනු ලබනවා.