Information Technology & the Workplace

Information Technology & the Workplace

තොරතුරු තාක්ෂණය සහ වැඩකරන ස්ථානය

විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු සැකසීම, ගබඩා කිරීම, සහ බෙදාහැරීම සදහා භාවිතා කරනු ලබන සියලුම තාක්ෂණයන් තොරතුරු තාක්ෂණය ලෙස හැදිනවේ. 



එමෙන්ම තොරතුරු සැකසීම හා ඒවා සන්නිවේදනය කිරීම සදහා සංවිධානය කොට ඇති ක්‍රියාපටිපාටීන් හෙවත් තොරතුරු පද්ධතීන්ද තොරතුරු තාක්ෂණයෙහි ප්‍රතිඵලයන් වේ. 
ඒ අනුව තොරතුරු තාක්ෂණය යන්න අද පරිගණක හා පරිගණක හැකියාවන්(computer capabilities) වලට වඩා පුළුල් සංකල්පයක් ලෙස සැලකේ.

තොරතුරු තාක්ෂණය මගින් රැකියාවන් කරනු ලබන පුද්ගලයන්ට සහ ආයතන වලට කරන ලද වැදගත් දායකත්වයන් කිහිපයක් පහත පරිදි හදුනාගත හැක. 

☑ තොරතුරු තාක්ෂණය සම්බන්ධ කරගෙන නව ආයතනික ව්‍යුහයන් නිර්මාණය වීම. 

☑ පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් සමග විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ නව සම්බන්දතා ඇති කොට පවත්වාගෙන යාම. 

☑ විද්‍යුත් දත්ත හුවමාරැ ක්‍රමය (Electronic Data Interchange/ EDI) භාවිතා කිරීමෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු වල අඛණ්ඩ කාර්යක්ෂමතාවයක් ලගා කර ගැනීම. 

☑ බොහෝ කර්මාන්තවල ව්‍යුහය හා තරගකාරීත්වය තොරතුරු තාක්ෂණය නිසා වෙනස් මුහුණුවරක් ගැනීම. 

☑ ආයතනික කටයුතු සම්බන්ධීකරණය සදහා දැනුම් මූලික ආයතනික පරිසරයක් (knowledge based organizational environment)නිර්මාණය කොට පවත්වාගෙන යාම. 

☑ දැනුම් සේවකයන්ගේ (Knowledge workers) ඵලදායීතාවට හා නම්‍යශීලීභාවයට උපකාරී වීම. 

☑ කළමණාකරුවන්හට සෙසු පර්ශවයන් සමග මුහුණට මුහුණලා සන්නිවේදන කටයුතු (Face to face communication) තොරතුරු තාක්ෂණික ක්‍රම ඔස්සේ සිදු කිරීමට අවකාශ උදාවීම.

පහත දැක්වෙන ආකාර වලින් ආයතන වලට තොරතුරු තාක්ෂණය භාවිතා කොට තම ව්‍යාපාරික අරමුණු ඉටුකරගත හැකිය.


💲ආදායම වැඩි කරගැනීම

💲පිරිවැය අඩුකර ගැනීම

💲ලාභය වැඩිකර ගැනීම

💲ගුණත්වය ඉහල නැංවීම

💲නව අවස්ථාවන් නිර්මාණය කරගැනීම

💲නම්‍යශීලීභාවය ඇති කිරීම

Related Articles