
ඉහතින් දැක්වෙන්නේ ඔයාලා
බ්ලොග් එකක් හැදුවට පස්සේ ඒ බ්ලොග් එකට අදාළ Control Panel එකයි. මෙතනින් තම
බ්ලොග් එකට කරන සියලු එකතු කිරීම්,වෙනස් කිරීම් සිදු කරනු ලබන්නේ.
Overview කියන මේ කොටසින්
පෙන්නුම් කරන්නේ ඔයාගේ බ්ලොග් එකට කොපමණ ප්‍රමාණයක් page views එහෙමත් නැත්තන්
කොපමණ ප්‍රමාණයක් ඔයාගේ බ්ලොග් එක බලලා තියේද කියන එකයි.
Blog posts

මේක තමයි බ්ලොග් එකේ
තියෙන වැදගත්ම කොටස. ඒ කියන්නේ බ්ලොග් එකට එකතු කරන posts මොනවාද කියන එකයි.
ඔයාලගේ බ්ලොග් එකේ මොන ආකාරයේ posts දාන්න ඕනද කියන එක බ්ලොග් එක නිර්මාණය කරන්න
කලින්ම හිතන්න ඕන.
මේ කොටසේ තියෙන Create a
new post කියන ලින්ක් එක මඟින් ඔයාගේ පළවෙනි post එක නිර්මාණය කිරීම පටන් ගන්න
පුළුවන්. Post එකක් කියන්නේ හරියට පත්තරේක article එකක් වගේ දෙයක්. කිසියම් දෙයක්
පිළිබඳව විස්තරයක් පළකිරීම තමයි post එකක් මඟින් සිදුකරන්නේ. පහතින් දැක්වෙන්නේ
post එකක් නිර්මාණය කරන්න ගන්න page එකයි.

දැන් අපි බලමු මේ එකින්
එක අංක කරලා තියෙන කොටස් වලින් මොනවද කරන්නේ කියලා.
1. Post title - ඔයාගේ
post එකට යොදන නම,එහෙමත් නැත්තන් මාතෘකාව තමයි මෙතනට යොදන්න ඕන.
2. Compose/HTML - අපි
නිර්මාණය කරන post එකේ සියලුම කරුණු යොදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටසේ තමයි.
HTML දැනුම ඔබට තියේනම් ඒ කොටසින් පුළුවන් html මඟින් post එකක් නිර්මාණය කරන්න.
එහෙම නැති උනා කියලා ප්‍රශ්නයක් නැහැ.Compose කොටස මඟින් සාමාන්‍ය විදියට
අකුරු,පින්තූර,වීඩියෝ,ලිනක්ස් වගේ දේවල් යොදලා post එක නිර්මාණය කරගන්න.
3. Undo/Redo - අපි
විසින් කරගෙන යන post එකේ වැරැද්දක් අඩුපාඩුවක් සිද්ධ වුනොත් එක හදන්න තමයි මේ
Undo/Redo කියන button දෙක තියෙන්නේ.
4. Font - අපගේ post එක
ලියන්න භාවිතා කරන ෆොන්ට් වර්ගය, නැතිනම් අකුරු වල හැඩය සකස් කරගන්න මෙතනින්
පුළුවන්.
5. Font Size - මාතෘකා,
අනු මාතෘකා, වාක්‍ය කණ්ඩ, ජේද කොටස් ආදියට විවිධ ප්‍රමාණයේ අකුරු යෙදීමට මෙය
භාවිතා කරන්න පුළුවන්.
6. Heading – විවිධ ප්‍රමාණයන්ගේ
මාතෘකා අනු මාතෘකා යෙදීමට මෙය භාවිත කෙරේ.
7.
Bold/Italic/Underline/Strikethrough - මේ කොටස් වලින් කියන්නේ post එකේ ඇති අකුරු
වචන ආදිය word document වලදී කරනවා වගේ bold, Italic,Underline,Strikethrough
කිරීම ආදී ලෙස සකස් කිරීමයි.
8. Link - නිර්මාණය කරනු
ලබන post වලට වෙනත් වෙබ් පිටුවල url, එහෙමත් නැත්තන් links ආදිය යෙදීමට මෙය භාවිතා
කරනවා. එමෙන්ම පින්තූර, වීඩියෝ, animation ආදිය උනත් links විදියට සකස් කිරීම
මෙතනින් කරන්න පුළුවන්.
9. Insert Image/video -
ඔබ විසින් නිර්මාණය කරන post එකට විවිධ පින්තූර, cliparts, videos ආදිය යෙදීමට මෙම
buttons භාවිතා කරනු ලබනවා. මෙහිදී මෙම විවිධ සම්පත් යෙදිය ක්‍රම කිහිපයක්
තිබෙනවා. පින්තූර යෙදීමේදී අපගේ පරිඝනකයේ ඇති,අන්තර්ජාලයේ ඇති පින්තූර සහ Google
drive සහ Picasa web album වල අප save කර ඇති පින්තූර යෙදීම කල හැකියි. Video
යෙදීමේදී අපගේ පරිඝනකය තුල ඇති වීඩියෝ දර්ශන, Youtube ඇතුළු අන්තර්ජාලයේ ඇති
වීඩියෝ ආදිය එක් කිරීම සිදුකල හැකිය.
10. Align – Word
document නිර්මාණය කරන ආකාරයටම post වල ඇති text කොටස් දකුණු පසට,වම පසට සහ මධ්‍යස්ත
(left,right,centre) කිරීම ආදී ලෙසට පිළිවෙලට සකස් කර ගත හැකිය.
11. Formatting text –
Post එකක් නිර්මාණය කිරීම තමන්ගේම එකක් වෙනවා නම් වැඩිය හොඳයි. නමුත් ඔබ post එකට
වෙනත් web පිටුවකින් කිසියම් කොටසක් copy paste කලොත් එම මුල් කොටසේ අකුරු ප්‍රමාණයන්
හැඩයන් තමයි ඔබේ post එකෙත් නිරූපණය කරන්නේ. නමුත් මෙම button එක මඟින් අපිට
පුළුවන් එම මුල් අකුරුවල හැඩ ප්‍රමාණයන් ආදිය වෙනස් කර අපගේ අවශ්‍ය ආකාරයට සකස්
කරගන්න.
12. Publish - ඉහත ක්‍රම
වලට අනුව post එකක් සම්පූර්ණයෙන් සකස් කර අවසන් වුනාට පසුව එය අපගේ බ්ලොග් එකේ
නිරූපණය වී අන්තර්ජාලයට මුදා හරින්න තමයි මේ Publish කියන button එක තියෙන්නේ.
13. Save – Post එක
නිර්මාණය කරන අතරතුර වරින් වර එය save කරගැනීම වැදගත් වෙනවා. ඒ සඳහා මෙය භාවිතා කල
හැකියි.
14. Preview - ඔබ post
එක නිර්මාණය කර එය save කරගැනීමෙන් අනතුරුව එය බ්ලොග් එක හරහා Publish කරගැනීමට ප්‍රථම
post එක නියම ලෙස සකස් වී තිබේද යන්න බලාගැනීමට මෙය උපකාරී වෙනවා. නමුත් අපිට post
එකක් publish කිරීමෙන් පසුව එය view කර අවශ්‍ය නම් edit කරගැනීමේ හැකියාවද
තිබෙනවා.
15. Labels - මේ තමයි
post එකක තියෙන විශේෂ හැඳින්වීම. ඒ කියන්නේ ඔයාල නිර්මාණය කරන බ්ලොග් එකේ අඩංගු
කරන post කිනම් වර්ගයට,එනම් මොන catogery එකේද කියන එක යොදන්නේ මෙතනින්.
උදාහරණයක් විදියට ඔයා
නිර්මාණය කරනවා සින්දු අඩංගු බ්ලොග් අඩවියක්. ඉතින් එහෙනම් ඔයා දාන්න ඕන posts
වෙන්න ඕන සින්දු වගේ දේවල් නේ. අපි දන්නවා සින්දු උනත් විවිධ වර්ගයේ ඒවා තියෙනවා.
සිංහල සින්දු, ඉංග්‍රීසි සින්දු,හින්දි සින්දු,දෙමල සින්දු ආදී ලෙස වර්ග කරන්න
පුළුවන්. ඔයා සිංහල සින්දු ගැන post එකක් දානවා නම් label කොටසේ sinhala songs
විදියට category කරලා දාන්න ඕන. ඔයා ඉංග්‍රීසි සින්දු ගැන post එකක් දානවා නම්
label කොටසේ english songs විදියට category කරලා දාන්න ඕන. එතකොට මේ ඔක්කොම posts
බ්ලොග් එකේ පෙන්නන්නේ ඒ එක් එක් category එකට අනුකූලවයි.එතකොට ඔයාගේ බ්ලොග් එකට එන
අයට පහසුවෙන් බ්ලොග් එකේ අඩංගු දේවල් සොයාගන්න පහසු වෙනවා.
දැන් තේරෙනවා ඇතිනේ මේ
label කිරීමේ වැදගත්කම කොච්චරද කියලා..!
ඔන්න ඔය ක්‍රම වලට අනුව
තමයි post එකක් නිර්මාණය කරනු ලබන්නේ. මේ විදියට ගොඩක් posts යොදලා ඔයාට පුළුවන්
බ්ලොග් එක පවත්වාගෙන යන්න. බ්ලොග් එකක ඇති post ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න
තමයි එකට එන traffic එක, ඒ කිව්වේ ඔයාගේ visitors ප්‍රමාණය වැඩි වෙන්නේ.
ඔයාගේ සියලුම posts වල
සිදුකරන වෙනස් කිරීම්(edit), ඉවත් කිරීම් (delete) ආදිය සිදුකරන්න all posts කියන
posts අඩංගු panel එකෙන් සිදුකර ගන්න පුළුවනි.

Pages – Pages,එනම් බ්ලොග් පිටු
මඟින් පුළුවන් post වලට එකතු නොකරන වෙනත් කොටස් මෙහි අඩංගු කරන්න.මේ pages කියන
ඒවා posts කොටසේ නිරූපණය වෙන්නේ නැහැ.
උදාහරණයක් විදියට අපිට
අවශ්‍යයි අපගේ බ්ලොග් අඩවිය වෙබ් අඩවියක් ආකාරයට ප්‍රදර්ශනය කරන්න. ඒ නිසා අපි
website එකක ඇති ආකාරයට Contact Us, About Us ආදී ලෙස tabs දෙකක් යොදන්න හිතනවා.
එහෙනම් අන්න ඒ වගේ කොටස් එකතු කිරීමට අපිට පුළුවන් මේ pages කියන එක භාවිතා කරලා ඒ
pages අවශ්‍ය තැන වලට ලින්ක් කරන්න. මේ pages නිර්මාණය කරන විදිය සහ ඒවා සුදුසු
ස්ථාන වලට ලින්ක් කරන හැටි මීළඟ පාඩම් වලින් අපි බලමු.
