
Affiliate Marketing
Basic of eMoney
Basic of IT
Blogger
eMoney Methods
Top Articles
Top Earning Blogs | මුදල් උනන බ්ලොග් අඩවි
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම ගැන කතා කරන්න කලින් ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද කියලා අපි බලන්න ඕන නේද. දැන් මේ කියන්න යන්නේ blogs නිර්මාණය කර ඒ හරහා ඇති විශාල ආදායම් උපයන පුද්ගලයින් ගැනයි. පහතින් දැක්වෙන්නේ ලෝකයේ වැඩිම මුදලක් උපයන බ්ලොග් අඩවි සහ ඒවායේ හිමිකරුවන් මෙන්ම ඔවුන් ඒ මුදල් උපයන ආකාරය ගැනයි.
RANK | WEBSITE | OWNER | MONTHLY EARNINGS | MAIN INCOME |
---|---|---|---|---|
1 | The Huffington Post | Arianna Huffington | $2,330,000 | Pay Per Click |
2 | Techcrunch | Michael Arrington | $800,000 | Advertising Banners |
3 | Mashable | Pete Cashmore | $600,000 | Advertising Banners |
4 | Perez Hilton | Mario Lavandeira | $450,000 | Advertising Banners |
5 | Noupe | The Blonde Salad | $200,000 | Private Advertising |
6 | Smashing Magazine | Vitaly Friedman | $190,000 | Advertising Banners |
7 | SmartPassiveIncome | Pat Flynn | $153,000 | Affiliate Commissions |
8 | Timothy Sykes | Timothy Sykes | $150,000 | Affiliate Sales |
9 | Tuts Plus | Collis Ta'eed | $120,000 | Membership Area |
10 | Life Hacker | Gina Trapani | $110,000 | Advertising Banners |
11 | Gothamist | Jake Dobkin | $110,000 | Pay Per Click |
12 | Tuts Plus | Collis Taeed | $110,000 | Membership Area |
13 | Venture Beat | Matt Marshall | $100,000 | Pay Per Click |
14 | Slash Gear | Ewdison Then | $80,000 | Pay Per Click |
15 | Car Advice | Alborz Fallah | $70,000 | Advertising Banners |
16 | Life Hacker | Nick Denton | $60,000 | Advertising Banners |
17 | Dooce | Heather B. Armstrong | $50,000 | Pay Per Click |
18 | Steve Pavlina | Steve Pavlina | $45,000 | Pay Per Click |
19 | Talking Point Memo | Joshua Micah Marshall | $45,000 | Advertising Banners |
20 | Problogger | Darren Rowse | $40,000 | Advertising Banners |
21 | Kotaku | Nick Denton | $32,000 | Advertising Banners |
22 | Expert Photography | Joshua Dunlop | $30,000 | Product Sales |
23 | Shoemoney | Jeremy Schoemaker | $30,000 | Private Advertising |
24 | Coolest Gadgets | Allan Carlton | $30,000 | Advertising Banners |
25 | 1stWebDesigner | Dainis Gr?veris | $20,000 | Product Sales |
26 | Joystiq | AOL | $18,000 | CPM Advertising |
27 | PC Mech | David Risley | $16,000 | Affiliate Sales |
28 | Abduzeedo | Fabio Sasso | $12,000 | Advertising Banners |
29 | Sizlopedia | Saad Hamid | $11,000 | Pay Per Click |
30 | Overhead in New York | Michael Malice | $9,000 | Advertising Banners |
දැන් තේරෙනවා නේද blogs නිර්මාණය කරලා මුදල් හොයන්න පුළුවන් කියල. ලක්ෂ ගණන් නෙවේ කෝටි ගණන් උපයන අය ඉන්නව. හැබැයි මේ හැමෝම අඩුමගානේ අවුරුදු පහක් වත් තමන්ගේ බ්ලොග් අඩවිය කරගෙන යන්න ලොකු පරිශ්‍රමයක් දරන්න ඇති. ලේසි පහසු නොවෙන්න ඇති. ඒත් දැන් ඒ හැමෝම ඒ මහන්සියේ ප්‍රතිපල අත්විදිනවා. ඇත්තටම කොහොමද ඒ අය මේ තරම් මුදලක් උපයන්නේ? ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරනවා.
Advertising Banners
වෙනත් අයගේ විවිධ පණිවිඩ රැගත් වෙළඳ දැන්වීම් තමන්ගේ බ්ලොග් අඩවියේ පෙන්වීම මෙහිදී සිදුවෙනවා. එවිට බ්ලොග් අඩවිය බලන්න එන කෙනෙක් එම වෙළඳ දැන්වීමක් බැලුවොත් ඒ වෙනුවෙන් බ්ලොග් එකේ හිමිකරුට කොමිස් මුදලක් ලැබෙනවා. Google Adsense,Bit vertiser,revenuie Hits,Chitka වගේ වෙබ් අඩවි වලින් වෙළඳ දැන්වීම් ලබාගන්න පුළුවන්. ඒවා ගැන තවත් විස්තර ඔබට ඉදිරි කොටස් වලදී බලන්න පුළුවනි.
Affiliate Marketing
මෙහිදී සිදුවන්නේ විවිධ භාණ්ඩ හා සේවා විකුණන සමාගම් සමඟ එකතුවී ඔවුන්ගේ දැන්වීම් සෘජුවම තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමයි. එවිට කිසියම් කෙනෙක් එම දැන්වීමේ ප්‍රදර්ශනය වන භාණ්ඩය හෝ සේවාව මිලදී ගත්තොත් ඒ වෙනුවෙන් කිසියම් කොමිස් මුදලක් බ්ලොග් අඩවියේ හිමිකරුට ලැබෙනවා. Amazon, Bangood, Wallmart වගේ වෙබ් අඩවි වලින් Affiliate Marketing කරන්න පුළුවන්.
මේ ක්‍රමයටත් හොඳ මුදලක් සොයන්න පුළුවනි. වෙබ් අඩවියට එන අය වෙබ් අඩවියේ links click කල විට එයට අදාලව කිසියම් දැන්වීමක් හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසීම සිදුවෙනවා. මෙය සිදුවෙන විට ඒ සඳහා බ්ලොග් අඩවියට මුදලක් ලැබෙනවා.
ඉතින් මේ වගේ ක්‍රම රාශියකට තමන්ගේ බ්ලොග් අඩවියෙන් මුදල් ඉපයීම සිදු කරන්න පුළුවන්.