
A/L ICT
Basic of Telecom
GIT
Higher Education
Networking
O/L ICT
Issues of Wireless Networks
රැහැන් රහිත ජාල වල අවාසි
රැහැන් රහිත ජාල පද්ධති වල වාසි මෙන්ම අවාසි සහගත තත්වයන්ද දක්නට ලැබේ.
1. Quality of Service (QoS) -
රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වල ඇති ප්‍රධානම ගැටලුවලින් එකක් වන්නේ දත්ත කොටස් නැති වී යාමේ හැකියාවයි. රැහැන් සහිත ක්‍රම වල දී මෙන් ඉතා නිරවද්‍යව මෙම ක්‍රමයේදී දත්ත ලැබෙන්නේ නැත. සමහර අවස්ථාවල සංඥා ලැබෙන ක්‍රමය, ස්ථානය සහ පරාසය අනුව
දත්ත නිවැරදිව නොලැබී යාමේ හැකියාව තිබේ. එම නිසා Wireless ජාල වල ගුණාත්මක භාවය පිළිබඳව ගැටළු තිබේ.
2. Security Risk -
රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වල ඇති විශාලතම ගැටලුව මෙය වේ. ජාල වල ආරක්ෂාව සහ ජාලවලට සම්බන්ධවී සිටින අයගේ ආරක්ෂාව පිළිබඳව ගැටළු ඇත. උදාහරණ ලෙස WiFi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී WiFi ජාලයක් hak කිරීමේ හැකියාව ඇති කෙනෙක්ස ම්බන්ධ වී සිටී නම් ඔහුට එම ජාලයට සම්බන්ධ අයව,ඔවුන්ගේ පරිඝනක සහ උපාංග hak කිරීමේ හැකියාව තිබේ. මෙය ආරක්‍ෂිත බවට ඇති විශාල තර්ජනයකි.
3.Reachable Range -
රැහැන් රහිත පද්ධතියක සංඥා ලැබෙන සීමාව පිළිබඳව මෙහිදී අදහස් කරනු ලැබේ. බොහොමයක් රැහැන් රහිත ජාල වල සංඥා වලට සම්බන්ධ විය හැකි සීමක් තිබේ. එම සීමාවෙන් එපිටට සංඥා නොමැති නිසා අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව නැතිවී යයි. සාමාන්‍යයෙන් රැහැන් රහිත ජාලවල පරාසය 100m ක් පමණ වේ. WiFi මේ සඳහා හොඳ උදාහරණය ලෙස ගත හැකිය.