රැහැන් රහිත සම්බන්ධතා



Wireless හෙවත් රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණය යනු ගුවන් විදුලි තරංග භාවිතා කර සංඥා හුවමාරු කිරීමේ ක්‍රමයයි. Wireless දත්ත සම්ප්‍රේෂණයට හොඳම උදාහරණ වන්නේ රූපවාහිනිය සහ ගුවන්විදුලියයි.
නමුත් වර්තමානය වනවිට දුරකථන පණිවිඩ හුවමාරුවද මෙම ක්‍රමයට සිදුවේ. GPRS,GSM,WiFi වැනි දුරකථන තාක්ෂණයන් මේ සඳහා හොඳම උදාහරණ වේ.

Wireless සන්නිවේදන පද්ධති වල ඇති විශේෂිත ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.

1. Mobility - Wireless සන්නිවේදන පද්ධති මඟින් දත්ත සහ තොරතුරු රැහැන් සම්බන්ධතා නොමැතිව සන්නිවේදනය කිරීමේ හැකියාව තිබේ. එනම් ජංගමව ඕනෑම තැනක සිට සන්නිවේදන කටයුතු කිරීමට හැකිය.

2. Reachability - Wireless සන්නිවේදන පද්ධති හරහා පුද්ගලයින්ට පහසුවෙන් සම්බන්ධ වීමට මෙන්ම සන්නිවේදන පද්ධතියට ළඟා වීමේ හැකියාව ලැබේ.

3. Simplicity - පුද්ගලයන්ට Wireless සන්නිවේදන පද්ධති පහසුවෙන් ලබාගැනීම සහ භාවිතා කිරීම හැකියාව තිබේ. මූලික පිරිවැය අඩු නිසා පහසුවෙන් Wireless සන්නිවේදන පද්ධති වලට සම්බන්ධ වීමේ හැකියාවත්, බාල මහළු ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගෙන භාවිතා කිරීම හැකියාවත් Wireless සන්නිවේදන පද්ධතිවල ඇති මෙම සරල බව නිසා ලැබේ.

4. Maintainability - රැහැන් රහිත පද්ධති නඩත්තු කිරීමේ සහ ඒවා පවත්වාගෙන යාමේ වියදම ඉතා අවම වේ.

5. New Services - Wireless සන්නිවේදන පද්ධතිවල ඇති තවත් විශේෂ ලක්ෂනයක් වන්නේ දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවට අමතරව වෙනත් විවිධ අමතර සේවා ලබාගැනීමේ හැකියාවයි. උදාහරණ ලෙස SMS,MMS සහ roaming සේවා යන ආදිය ගත හැකිය.


Wireless Network Topologies

මූලික වශයෙන් Wireless Network එකක් , එනම් රැහැන් රහිත ජාල පද්ධතියක් ගොඩනැගිය හැකි ක්‍රම තුනක් තිබේ.

1. Point to Point Bridge - මෙය භාවිතා කරන්නේ ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට වේ. විවිධ ආකාරයට තිබෙන ජාල වර්ග ඇති ගොඩනැගිලි දෙකක් එකිනෙක හා සම්බන්ධ කිරීමට මෙය යොදා ගනී.

2. Point to Multipoint Bridge - විවිධ ස්ථාන හෝ වෙනස් ගොඩනැගිලි වල පිහිටා ඇති LAN (Local Area Network)තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීමට මෙම ක්‍රමය යොදා ගනී.

3.Mesh හෝ Ad Hoc Network - රැහැන් සහිතව හෝ රැහැන් රහිතව සම්බන්ධ වී ඇති විවිධාකාරයේ LAN සමූහයක් එකක් තවත් එකකට සම්බන්ධ කරන ජාල මෙමඟින් අදහස් වේ.

Wireless Technologies

Wireless Technologies වල ඒවායේ පරාසය අනුව වර්ග කල හැකි ආකාර කිහිපයක් පවතී. දුර, ශක්තිය, bandwidth යන ආදී කරුණු අනුව මෙම Wireless තාක්ෂණයන් වෙනස් වේ.

Wireless Wide Area Network (WWAN)

මෙම ජාල වර්ගයේදී  Wireless Wide Area Network හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව ලැබේ. මෙම ජාල වර්ග ඉතා අධිවේගී දත්ත සම්ප්‍රේෂණ වේගයන් ලබාදෙන අතරම පරාසයද පුළුල් වේ.CDMA සහ GSM යනු WWAN වලට හොඳ උදාහරණ වේ.

Wireless Personal Area Network (WPAN)

මෙම ජාල වර්ගය WWAN ආකාරයට සමාන අතර මෙහි දත්ත සම්ප්‍රේෂණ පරාසය සීමා සහිත වේ.

Wireless Local Area Network (WLAN)

WLAN එකක් හරහා සීමා සහිත ආවරණ ප්‍රදේශයකදී අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව මෙම ජාල වර්ගයෙන් සිදුකෙරේ. මෙම ආකාරය වැඩි ගුවන් විදුලි තරංග සංඛ්‍යාත භාවිතා කරන LAN වර්ගයකි. WiFi යනු WLAN සඳහා හොඳම උදාහරණයක් වේ.

Wireless Metropolitan Area Network (WMAN)

Wireless Region Area Network (WRAN) එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධවීමට සහ බහු මාධ්‍ය සේවා (multimedia streaming services), එනම් online gaming,videos ආදිය භාවිතා කිරීමට හැකියාව ලබාදෙන ජාල වර්ගයයි.මෙම ජාල වර්ග ඉතා අධිවේගී දත්ත සම්ප්‍රේෂණය ලබාදෙන අතරම පුළුල් පරාසයක පැතිරී තිබේ.

Related Articles

  • A/L ICT2016-07-27Networking Models ජාල ආකෘති ජාලයක් පුරා පරිඝනක උපාංග සම්බන්ධ වන ආකාරය අනුව ජාල සැලසුම් කල හැකි ආ… Read More
  • A/L ICT2016-07-26Issues of Wireless Networks රැහැන් රහිත ජාල පද්ධති වල අවාසි රැහැන් රහිත ජාල පද්ධති වල වාසි මෙන්ම අවාසි සහ… Read More
  • A/L ICT2016-07-27Networking Hardware ජාලවලට අවශ්‍ය දෘඩාංග පරිඝනක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමට … Read More
  • Basic of Computer2016-11-07TV එකෙන් පරිඝනකය බලන්න පරිඝනක තිරයද විශාල? රූපවාහිනී තිරයද? සාපේක්ෂව බැලුවොත් පරිඝනක තිරයට වඩා රූපව… Read More
  • A/L ICT2016-07-26Mobile Communication Generations ජංගම දුරකථන පරම්පරා 3G , 4G කියලා ඔයාලා අහලා ඇති නේද.. ඇත්තටම මොනවාද මේ.. ගොඩ… Read More
  • A/L ICT2016-07-26Wireless Technologies Wireless Technologies වල ඒවායේ පරාසය අනුව වර්ග කල හැකි ආකාර කිහිපයක් පවතී. දුර,… Read More