
HTML tables ( HTML වගු )
වෙබ් පිටු තුල පින්තූර,අකුරු,වගු ආදිය පිළිවෙලකට සකස් කරගැනීම සඳහා html tables භාවිතා කරයි. මෙහිදී තිරස් සහ සිරස් පේළි වල ඇති cells(කෝෂ) තුලට දත්ත ඇතුලත් කිරීමෙන් පිළිවෙලකට සකස් කරගැනීමේ හැකියාව ලැබේ.
මෙහිදී tables නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන tag එක වන්නේ <table> වේ. <tr> නම් tag එක මඟින් පේළි නිර්මාණය වීම කරන අතර <td> හෙවත් table data ඇතුලත් වන ලෙස data cells නිර්මාණය වීම සිදුකරයි.
<html>
<head>
<title>HTML Tables</title>
</head>
<body>
<table border="1">
<tr>
<td>Row 1, Column 1</td>
<td>Row 1, Column 2</td>
</tr>
<tr>
<td>Row 2, Column 1</td>
<td>Row 2, Column 2</td>
</tr>
</table>
</body>
</html>

Table heading -
වගුවක් පොතක ලිව්වත් අපි එයට මාතෘකාවක් යොදනවා නේද. ඉතින් html වලදීත් අපි වගුවක් නිර්මාණය කරනවිට එයට මාතෘකාවක් යෙදීම කරනවා. ඉතින් මේ සඳහා භාවිතා කරන tag එක වන්නේ <th> වේ. <td> tag එක වෙනුවට යෙදෙන tag එකක් ලෙස <th> tag එක මෙහිදී භාවිතා කරනවා.
<html>
<head>
<title>HTML Table Header</title>
</head>
<body>
<table border="1">
<tr>
<th>Name</th>
<th>Salary</th>
</tr>
<tr>
<td>Saman</td>
<td>5000</td>
</tr>
<tr>
<td>Kamal</td>
<td>7000</td>
</tr>
</table>
</body>
</html>
