
ලොව අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වචනයක් තමයි Google කියලා කියන්නේ. බොහෝ දෙනෙක් Google භාවිතා කරන්නේ email සේවා සහ search engine සේවා ලබාගැනීමටයි. ඒ වගේම බොහෝ දෙනෙක් භාවිතා කරන smart phones වල මෙහෙයුම් පද්ධතිය වන Android නිර්මාණය කර ඒ හරහා phones වලට අවශ්‍යය සියලුම apps ලබාදීමත් Google හරහා සිදු කරනවා. ඉතින් මේ කියන්න හදන්නේ අපි ගොඩක් අය දන්නේ වත් නැති වැඩිය භාවිතා කරන්නෙත් නැති Google සමාගම විසින් ලබාදෙන සේවාවන් රැසක් ගැනයි.

ඔබේ Android දුරකථනය මෝටර් රථයකට සම්බන්ධ කර ඔබ යන එන මාර්ගය සොයාගැනීමට භාවිතා කර හැකි සේවාවකි.

2. Daydream View
නවීනම තාක්ෂණයෙන් සමන්විත උපාංගයක් තමයි මෙය. ඔබගේ smart phone එක හරහා වීඩියෝ දර්ශන තාත්වික ලෙස බැලීමට යොදාගත හැකි headset එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මුළු ලෝකයම ඔබගේ පරිඝනකයේ වෙබ් බ්‍රොව්සෙර් එකෙන් ත්‍රිමාණ ලෙස බැලිය හැකි ක්‍රමය තමයි මෙය.
4. Google Allo
ඔබ smart phone එක මඟින් යාළුවන් එක්ක chat කරන්න calls ගන්න විවිධ apps භාවිතා කරනවා ඇති නේද. Viber, Imo, Whatsapp වගේ apps තමයි අපි ගොඩක් මේ සඳහා භාවිතා කරන්නේ. හැබැයි ඔබ නිකන් වත් හිතුවද Google සමාගම විසින් එවැනි සේවාවක් ලබාදෙන්න app එකක් නිර්මාණය කර තිබෙන බව? ඔව්. Google විසින් Allo නම් app එකක් නිර්මාණය කර තිබෙනවා chat කරන්න calls ගන්න. මෙය smart phones වලට වගේම ලැප්ටොප් පරිඝනක සඳහාත් භාවිතා කරන්න පුළුවන් හරියට Skype භාවිතා කරනවා වගේ.

5. Google Duo
ඔබට smart phone එක හරහා වීඩියෝ call ගැනීමේ හැකියාව තිබෙන සේවාවක් තමයි මේ Google Duo කියන්නේ.

Google කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාපනික කටයුතු සඳහා මුල් තැනක් දෙන සමාගමක්. ඉතින් ඔවුන් ලොව පුරා සිටින ගුරුවරුන්ට සහ සිසුන්ට ලොව ඇති බොහොමයක් දේවල්, මුහුදු පතුලේ සිට අභ්‍යාවකාශය දක්වා සියල්ලක්ම ත්‍රිමාන ලෙස තාත්වික විදියට බැලීමට යොදාගත හැකි සේවාවක් ලෙස Google Expeditions හඳුන්වා තිබෙනවා.
ඔබ අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති. මෙයට අපි ecommerce යයි කියනු ලබනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ සඳහා යොදාගන්නේ eBay වෙබ් අඩවියයි. ඒ වගේ ලොව පුරා පැතිර පවතින ecommerce වෙබ් අඩවියක් තමයි Google සමාගමේ නිර්මාණයක් වන Google Express කියන්නේ.

8. Google Sites
වෙබ් අඩවි නිර්මාණය කිරීමේ පහසුකම ලබාදෙන සේවාව තමයි මේ Google Sites කියලා කියන්නේ. දැන් ඔවුන් විසින් වෙබ් අඩවි සඳහා Domain නාමයන් ලබාදීමත් ආරම්භ කර තිබෙනවා. නමුත් අවාසනාවට ශ්‍රී ලංකාවට තවමත් එම සේවාව නම් ලබාදී නැහැ.
මෙයත් Google සමාගමේ ඇති විශිෂ්ඨ සේවාවක්. රට පුරා ලොව පුරා වාහන වලින් ගමන් ගන්නා රියදුරන්ට ඉතා ප්‍රයෝජනවත් සේවාවක් තමයි මේ. ඔබ ගමන් ගන්නා මාර්ගයේ යන එන අනිත් Waze භාවිතා කරන්නන් සමඟ සම්බන්ධවී තදබදය අඩුම මාර්ග සොයාගැනීමටත් ඉන්ධන පිරවුම් හල් සහ කඩ සාප්පු සොයාගැනීමටත් මෙය භාවිතා කලහැකිය.

ඔබ Google වැඩිපුරම භාවිතා කරන්නේ සෙවුම් වලට නම් ඒ සඳහා ඔබට සෙවීමට අවශ්‍ය දේ පිළිබඳව type කරන්න වෙනවා. ඒ වගේම chat කරද්දීත් ඔබ type කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක්. නමුත් Google සමාගම විසින් හඳුන්වා දුන් Gboard නිසා දැන් ඔබට අඩුවෙන් type කර වැඩියෙන් කතා කරන්න පුළුවන්. ඒ කිව්වේ ඔබේ කටහඬට සංවේදී ලෙස ඔබ කියන දෙය auto සටහන් කරගැනීම මින් සිදුවෙනවා. 2016 දී මුලින්ම apple පරිඝනක සහ phones සඳහා හඳුන්වා දුන් මෙය වර්තමානය වනවිට සියලුම උපාංග වලට යොදාගත හැකිවී තිබෙනවා. ඒ වගේම Google සමාගම 2017 අගෝස්තු මුල් සතියේදී සිංහල භාෂාව සඳහාත් මෙම සේවාව ආරම්භ කරා. ඒ අනුව දැන් ඔබට මේ හරහා Google සෙවුම් සිදු කිරීමත්, chat කිරීමත් සිංහලෙන් කතා කිරීම හරහා සිදුකළ හැකිය.

අපි ඔබට මේ කිව්වේ Google විසින් ලබාදෙන සේවාවන් වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. නමුත් ඔවුන් විසින් තවත් සේවාවන් රැසක් ලොව පුරා බෙදාහැර තිබෙනවා.