
Android කිව්වම කවුද දන්නේ නැත්තේ.. අද කාලේ ජනප්‍රියම වචනයක් තමයි මේ Android කියලා කියන්නේ. ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන බොහොමයක් දෙනෙක්ගේ මෙහෙයුම් පද්ධතිය විදියට තියෙන්නේ මේ Android තමයි.

Android කියන්නේ Google සමාගමේ විශිෂ්ඨ නිර්මානයක්. ඔවුන් මෙය මුලින්ම නිර්මාණය කරේ Linux කේතයන් භාවිතා කරමින්. මුල්ම Android සැකසුම ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නේ 2008 සැප්තැම්බර් 25 වන දිනයි.මුලින්ම ජංගම දුරකථන වලට හඳුන්වා දෙනු ලැබූ මෙය වර්තමානය වනවිට ටැබ්, TV සඳහාද වැඩි දියුණු කර තිබෙනවා.
Android කියන්නේ ඉතා කාර්යක්ෂම වේගවත් මෙහෙයුම් පද්ධතියක් නිසා ලොව පුරා ජංගම දුරකථන සමාගම් ඔවුන්ගේ උපාංග සඳහා Android භාවිතා කරනවා. 2008 සිට 2017 දක්වා විවිධ Android Version ගණනාවක්ම නිකුත් කර තිබෙනවා.
මෙම Android Version සියල්ලේම ඇති විශේෂත්වය වන්නේ අතුරුපස ආහාර නම් වලින් ඒවා ඉදිරිපත් කල තිබීමයි.

#1. Android 1.1
මෙය 2009 පෙබරවාරි 09 දී නිකුත් වුනා.
#2. Android 1.5 - Cupcake
Android 1.5 Cupcake 2009 අප්‍රේල්දී 30 නිකුත්වූ අතර එය නිර්මාණය කර තිබුනේ Linux kernel 2.6.27 මතයි.

#3. Android 1.6 – Donut
Linux 2.6.29 කේතය මත නිර්මාණය වූ මෙය නිකුත්වුනේ 2009 සැප්තැම්බර් 15 දිනයි.

#4. Android 2.0 – Eclair
Android 2.0 Eclair 2009 ඔක්තෝබර් 26 දින නිකුත්වූ අතර මෙයද Linux 2.6.29 කේතයන් යොදාගෙන සකස් කර තිබේ.

#5. Android 2.2 - Froyo
Linux 2.6.32 යොදාගෙන නිර්මාණය කල Android 2.2 හෙවත් Froyo 2010 මැයි 20 දින නිකුත් කරනවා.

#6. Android 2.3/2.3.7 - Gingerbread
2010 දෙසැම්බර් 06 නිකුත්වූ මෙය Linux 2.6.35 මත රඳා පවතිනවා.

#7. Android 3.0/3.2 - Honeycomb
Linux 2.6.36 කේතයන් යොදාගෙන නිර්මාණය කරන ලද Android Honeycomb 2011 පෙබරවාරි 22 දින මුලින්ම නිකුත් වූවා. මෙය පළමුව යොදාගනු ලැබුවේ Motorola Xoom ටැබ් සඳහායි.

#8. Android 4.0 Ice Cream Sandwich
Android Ice Cream 2011 ඔක්තෝම්බර් 19 දින නිකුත්වූ අතර මෙය නිර්මාණය කලේ Linux 3.0.1 යොදාගෙනය.

#9. Android 4.1 Jelly Bean
ලොව පුරා බොහොමයක් දෙනෙක් භාවිතා කරන ලද Android Jelly Bean 2012 ජුනි 27 දින නිකුත්වූයේ Linux 3.0.31 කේතයන් යොදාගෙනයි. මෙය යොදාගෙන මුලින්ම නිකුත්වූ උපාංගය වන්නේ Nexus 7 වේ.
#10. Android 4.4 Kitkat
2013 සැප්තැම්බර් 03 නිකුත්වූ මෙම Version එකද ලොව පුරා ජනප්‍රිය විය.

2014 නොවැම්බර් 12 නිකුත්විය.

#12. Android 6.0 Marshmallow
Android 6.0 Marshmallow was released on May 28, 2015 during Google I/O.
2015 මැයි 28 දින නිකුත් විය.

#13. Android 7.0 Nougat
දැනට නිකුත්වී ඇති අලුත්ම කාර්යක්ෂම Android Version එක වන්නේ මෙම Nougat වේ. 2016 අගෝස්තු 22 නිකුත් කරන ලදී.
