![Youtube මඟින් මුදල් ඉපයීම](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9_-gVnliXzfU_15Pg03fO15qo0oPgAi5BvXuFl7_coJVlrzqv40YHiF5B3uKEvBVCRmMFNMNQeG0JusWplW13neqFALORFK0oN_3uaaYE-mv1A1AIogMqFiV5uj6vurQ9eSoBVEOLLJo/w700/maxresdefaul11t.png)
Basic of eMoney
eMoney
eMoney Methods
Google
Youtube
Youtube මඟින් මුදල් ඉපයීම
Youtube ගැන අහලා නැති කෙනෙක් නැහැ නේද. මොකක් හරි video එකක් අපිට බලන්න අවශ්‍ය වුනාම අපි කරන්නේ Youtube යන එකනේ. ඇත්තෙන්ම මෙම Youtube කියන්නේ වීඩියෝ නරඹන්න තියෙන වෙබ් අඩවියක්ද? නැහැ, මේ Youtube කියන්නෙත් එක්තරා විදියක සමාජ ජාල වෙබ් අඩවියක්. facebook වගේම අලුත් මිතුරන් එකතු කරගෙන like,comment කරන්න පුළුවන් තැනක් තමයි මේ Youtube කියන්නේ. හැබැයි Youtube වල facebook එකේ වගේ photos දාන්නේ නැහැ. වීඩියෝස් තමයි දාන්න ඕන. ඉතින් තමන්ගේ යාලුවන්ට එම වීඩියෝ නරඹන්න,like කරන්න, comment කරන්න පුළුවන්. Youtube හි හිමිකාරීත්වය දරන්නේ google ආයතනයයි.
facebook එකේ නම් අපි එකතු කරන photos වලට,status වලට මුදල් ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් Youtube වලට අපි එකතු කරන වීඩියෝ වලින් මුදල් ඉපයීමේ ක්‍රමයක් තිබෙනවා. මේ කියන්න යන්නේ කොහොමද Youtube වලින් මුදල් උපයන්නේ කියල.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9_-gVnliXzfU_15Pg03fO15qo0oPgAi5BvXuFl7_coJVlrzqv40YHiF5B3uKEvBVCRmMFNMNQeG0JusWplW13neqFALORFK0oN_3uaaYE-mv1A1AIogMqFiV5uj6vurQ9eSoBVEOLLJo/s640/maxresdefaul11t.png)
මුලින්ම ඔබ Youtube වල ගිණුමක් සකස් කරගන්න අවශ්‍යයි. Youtube වල ගිණුමක් නිර්මාණය කරාම එයට කියන්නේ Channel එකක් කියල. හරියට tv channel එකක් වගේ තමයි. මොකද අපි එයට එකතු කරන්නේ වීඩියෝස් නිසා ඒවා අනිත් අයට streaming වීමක් තමයි සිදුවන්නේ.
Youtube වලට log වුනාම මුලින්ම පෙන්නන්නේ පහත ආකාරයටයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuDu8wbPkqHQbhjmjtxPLgRv19cbn49eZb9fUOE8iRh9ZUw9clm3dW4AG9fHQebaDxbwwHstiiw7Ijjd_EvhgcWjYlHcquvj4O9ZMFNraV07bSXn3ANVKBLN4UBLdbODPGXbR6x7WW2LY/s640/maxresdefault+%25282%2529.jpg)
Youtube හි ගිණුමක්,එහෙමත් නැතිනම් channel එකක් හැදුවට පස්සේ මෙන්න මෙහෙම තමයි එහි ඇතුලත පෙන්නුම් කරන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1Wg2DnIlIT4BYRJjHnQKGOllDDEtLd8T7L-F9Oy173IIujsbbnsR_Vzm9JO63AeAE_I8Dg8GTZ-hLjojMJC4zgqIRXuaU29-pS-CPQI2MHXXBxADRRCD_avzjjTCPacgHKr7Gv17N8vg/s640/maxresdefault+%25281%2529.jpg)
නමුත් Youtube channel එකක් නිර්මාණය කර පමණින් ඔබට මුදල් උපයන්න පටන් ගන්න බැහැ. මුලින්ම ඔබ ඔබේම වීඩියෝස් නිර්මාණය කර Youtube එකට upload කරන්න ඕන. වෙනත් අය නිර්මාණය කරපුවා, කතෘ හිමිකම උල්ලංඝනය වන වීඩියෝ ඔබට Youtube එකට දමන්න බැහැ. ඔබේ phone එකේ cam එකෙන් රූගත කරපු වීඩියෝ එකක් වුනත් Youtube එකට යොදන්න පුළුවන්. ඉන්පසුව ඔබ එය නරඹන ප්‍රේක්ෂක පිරිස වැඩි කරගත යුතුයි. ඔබේ මිතුරන්ව එකතු කරගැනීමෙන් ඔබට හොඳ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්. Youtube channel එකකට කිසියම් කෙනෙක් සම්බන්ධ වෙන එකට කියන්නේ subscribe කරනවා කියලයි. ඉතින් ඔබේ channel එකට subscribers ලා ගොඩක් ඉන්නවා නම් මුදල් ඉපයීමට පටන් ගන්න පුළුවන්.
Youtube කියන්නේ google මඟින් හිමිකම් දරන සමාජ ජාල වෙබ් අඩවියක් කියලා අපි කලින් සඳහන් කළා. ඔබට Youtube මඟින් මුදල් උපයන්න නම් google හි වෙනත් සේවාවක් වන adsense සමඟ එකතු වෙන්න ඕන. එසේනම් ඔබ ඊළඟට කරන්න ඕන වෙන්නේ adsense ගිණුමක් නිර්මාණය කිරීමයි. එය සිදුකරන ආකාරය පහත ලින්ක් එකෙන් ගොස් ඔබටම කියවා පැහැදිලි කර ගත හැකිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgX8P-1SMvkrjh2EuGb4iB7xSVe_4KQTgi_zGPOEXMEPuBB3rAU-sBaYQOse2r3t-5w6_kHdiblcOMwornaWDJxgvkrQ1BxsAiMgQJ8NzByztEDI_Yj9msCbr6cDJcZzKPKwstrOBQCVVM/s640/aid1221975-728px-Earn-Money-on-YouTube-Step-5-Version-2.jpg)
Adsense ගිණුම හැදුවට පස්සේ ඔබ වීඩියෝ එකක් upload කරන විට monetization කිරීමක්, එහෙමත් නැතිනම් වීඩියෝ එක තුල දැන්වීම් ඇතුළත්වීමට සකස් කල යුතුයි. ඔන්න ඔහොම වැඩකටයුතු කලවිට ඔබේ වීඩියෝස් සඳහා දැන්වීම් ඇතුලත් කර පහසුවෙන් මුදල් ඉපයිය හැකිය.
ඔබගේ වීඩියෝ නිර්මාණ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි හරහාද share කිරීමෙන් වැඩි views ප්‍රමාණයක් ගන්න පුළුවන්.
Youtube වීඩියෝ එකකට ලැබෙන views ප්‍රමාණය අනුව ඔබට ඉපයිය හැකි මුදල පහතින් දැකගන්න පුළුවන්.
Youtube වීඩියෝ එකකට ලැබෙන views ප්‍රමාණය අනුව ඔබට ඉපයිය හැකි මුදල පහතින් දැකගන්න පුළුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcXm3Jj0ekLjrJoiIBR4Bp1qnIHFHh4uZUrPQJkiXFYyqOUTA2cEXEa70_stKyMdJWG6JB727bvkkAenCjX1rJJO9F2QlRVf8PrnCg7IwCsPj_TGoEZJyDeBHdvsMes3Vc6RzeSoqS5-A/s400/main-qimg-80b17f83ec49e40bcf992f867781a1b4-c.jpeg)
* වැදගත් :- Youtube මඟින් මුදල් ඉපයීමේ පහසුකම තවමත් ශ්‍රී ලංකාවට ලබාදී නැති නිසා ඔබ proxy server එකක් මඟින් ඔබගේ නියම IP ලිපිනය වෙනස් කර වෙනත් රටක IP ලිපිනයක් භාවිතා කර ගිණුම නිර්මාණය කල යුතුයි.
පහත වීඩියෝ එක නැරඹීමෙන් ඔබට Youtube මඟින් මුදල් ඉපයීම ගැන පැහැදිලි අදහසක් ලබාගන්න පුළුවන්.
dsdsdsd
ReplyDeleteMeta wada hambakaranna puluwan blog ekak hada ganna vidiyath, ekata Adsense Karana vidiyath kiyannam unandu aya email karanna>>liyanageon1975@gmail.com
ReplyDelete