
ඔයාලට blogger dashboard
එක මෙන්න මේ ආකාරයට නිරූපණය කරාවි.

ඉහත තියෙන්නේ බ්ලොග්
එකක් හදලා තියෙන dashboard එකක් කොහොමද පෙන්නුම් කරන්නේ කියල. ඔයාල පළමු සැරේ
සම්බන්ධ උනාම අලුතෙන් බ්ලොග් එකක් හදන ස්ථානය ඉහලින්ම පෙන්නාවි. ඒ කියන්නේ New
Blog කියන තැඹිලි පාට button එක click කරාම ඔයාලට නව බ්ලොග් එකක් නිර්මාණය කරන්න
අවස්ථාව ලැබෙනවා. එහෙම ගියාම පහත window එක open වේවි.

Create a new blog කියන
මේ window එකෙන් පුළුවන් ඔයාලට අලුත් බ්ලොග් එකක් හදන්න පටන් ගන්න.
Title - ඔයාගේ බ්ලොග්
එකට යොදන්න කැමති නම මෙතනට දෙන්න ඕන. හරියට website එකකට නමක් යොදනවා වගේම තමයි. ඒ
වගේම නමක් යෙදීමේදී හිතන්න ඕන විශේෂ දෙයක් තියෙනවා.ඒ තමයි මේ බ්ලොග් එකේ අන්තර්ගතය
වෙන්නේ මොනවද කියන එක. උදාහරණයක් විදියට ඔයා බ්ලොග් එක හදන්නේ සින්දු,චිත්‍රපටි,ටෙලි
නාට්‍ය ආදිය එකතු කරලා නම්, ඒකට සුදුසු නමක් යොදන්න ඕන. අධ්‍යාපනික තොරතුරු තියෙන
බ්ලොග් අඩවියක් නිර්මාණය කරනවා නම් එකට ගැලපෙන නමක් යොදාගන්න ඕන. බ්ලොග් එකට ඔයා දාන්න
බලාපොරොත්තු වෙන posts වලට අනුව තමයි බ්ලොග් title එක,බ්ලොග් name එක, බ්ලොග්
domain name එක යොදන්න ඕන.
Address - ඒ කියන්නේ
ඔයාගේ බ්ලොග් එක අන්තර්ජාලයට මුදාහරින්න අවශ්‍ය domain name එක තමයි මෙතැනදී හදන්න
ඕන. title එකේ භාවිතා කරපු නමම මෙතනත් යොදනවා නම් වැඩිය හොදයි. ඒ වගේම තමයි මෙතන
අපිට හුරු පුරුදු www.example.com ආකාරයට domain name එකක් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට
ලැබෙන්නේ mynewblogaddress.blogspot.com ආකාරයේ ටිකක් විතර නුපුරුදු domain name
එකක්. ඒක මේ blogger වල තියෙන දෙයක්. නමුත් අපිට පුළුවන් අපි කැමති domain name
එකක් අපේ බ්ලොග් එකට යොදන්න. ඒ කිව්වේ www.example.com ආකාරයට domain name එකක්
යොදන්න පුළුවන්.ඒක කරන ආකාරය ඉදිරි පාඩම් වලදී ඔයාලට දැනගන්න පුළුවන්.
Template - බ්ලොග් එකට
ගැලපෙන template එකක් තෝරාගන්නේ මෙතනින්. මෙතන එක එක විදියේ හැඩයන් වල templates
තියෙනවා. හැබැයි මේ ඔක්කොම blogger එකෙන් ලැබෙන සරල ඒවා. website එකක පෙනුම ලැබෙන
templates අපිට පසුව බ්ලොග් එකට එකතු කරගන්න පුළුවන්. ඒක කරන විදියත් අපේ මීළඟ
පාඩම් වලින් කියලා දෙන්නම්.
එහෙනම් ඉතින් මෙතන
ඔක්කොම settings හදලා ඉවර උනාට පස්සේ Create blog කියන තැඹිලි පාට button එක click
කරාම ඔයාගේ බ්ලොග් එක නිර්මාණය වේවි. View blog කියන තැනින් ඔයාට හදපු බ්ලොග් එක
කොහොමද අනිත් අයට පේන්නේ කියලා බලන්න පුළුවන්. නමුත් තාම කිසිම post එකක් නැති
නිසා නිකන්ම නිකන් වෙබ් පිටුවක් තමයි පෙන්නුම් කරන්නේ.
එහෙනම් මීළඟට බලමු කොහොමද බ්ලොග් එකේ ඉතුරු වැඩ කරගෙන යන්නේ කියල..