
මොකක්ද මේ BIG Data කියන්නේ. data කියල එකක් නම් දන්නවා ඒත් BIG Data ? නුපුරුදුයි වගේනේ.. ඔව් ඇත්ත, මේක අන්තර්ජාලයට,පරිඝනක තාක්ෂණයට මෑතකදී එකතු වුනු අලුත් සංකල්පයක්. හැබැයි මේක ගොඩක්ම වැදගත් සහ සංකීර්ණ දෙයක්. මොකද මේ ගැන අදාළ පුද්ගලයින් සැලකිලිමත් උනේ නැත්තන් ලොකු ප්‍රශ්නයකට තමයි හැමෝටම මුහුණ දෙන්න වෙන්නේ. කව්ද දැන් මේ අදාළ පුද්ගලයින්? මොකක්ද වෙන්න පුළුවන් ප්‍රශ්නය? හරි අපි e හැම දෙයක් ගැනම බලමු. මුලින්ම මේ BIG Data කියන්නේ මොකක්ද කියල අපි දැනගන්න ඕන නේ.
මෙහෙම හිතමු, ඔබ facebook, google, youtube, yahoo වගේ වෙබ් අඩවි භාවිතා කරන කෙනෙක් නේද? දවසකට කී පාරක් fb එනවද? කී පාරක් google search කරනවද? ගානක් කියන්න අමාරුයි නේද? ඔයා facebook ආපු දවසේ ඉදන් fb එකට කොපමණ photos දාලා තියේද,,comments,likes කොපමණ කරලා තියේද? යාළුවො කී දෙනෙකුට දවසකට චැට් කරලා තියේද... ඒ ප්‍රමාණය හිතාගන්න බැහැ නේද..?
ඕන එකයි එපා එකයි හැමදේම අපි සමාජ ජාල වෙබ් අඩවි වලට දිනපතා එකතු කරනවා.ඔබ,මං වගේම අනිත් හැමෝම...අපේ රටේ හැමෝම, අපේ රට අයත්වන කලාපේ ඉන්න අය, අනිත් රටවල් වල ඉන්න අය...මේ ලෝකේ ඉන්න හැමෝම උදේ නැගිට්ට වෙලේ ඉදන් අන්තර්ජාලයට සම්බන්ධ වුණු මොහොතේ සිට ආපහු නින්දට යනකන් කොච්චර නම් අන්තර්ජාලය භාවිතා කරනවද, facebook එකට photos දානවද, ඒවාට likes comments කරනවද, youtube එකට කොපමණ videos එකතු කරනවද,emails කොපමණ යවනවද...? මේවා ඔක්කොම දත්ත විදියට තමයි එකතු වෙන්නේ...
හිතාගන්න වත් බැහැ නේද දිනකට මුළු ලෝකෙම ඉන්න අන්තජාල භාවිතා කරන්නන් මෙහම කොපමණ ප්‍රමාණයක් දත්ත එකතු කරනවද කියලා...
1999 සිට 2013 දක්වා කාලය තුල අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙනවා.අන්තර්ජාල භාවිතා කරන්නන් 2005 දී පළමු බිලියනයද, 2010 දී දෙවන බිලියනද තුන්වන බිලියනය 2014 දීත් සම්පූර්ණ වුනා. පහත සටහන් වලින් ඔබට එය දැකගත හැකිවෙනවා. එසේනම් දැන් ඔබට හිතාගන්න පුළුවන් නේද දළ වශයෙන් මේ ගැන අදහසක්. එහෙම නැත්තන් තවත් රසවත් තොරතුරු රාශියක්
තියෙනවා ඔබට කියන්න.මේ බලන්නකෝ...
Year | Internet Users** | Penetration (% of Pop) | World Population | Non-Users (Internetless) | 1Y User Change | 1Y User Change | World Pop. Change |
2016* | 3,424,971,237 | 46.1 % | 7,432,663,275 | 4,007,692,038 | 7.5 % | 238,975,082 | 1.13 % |
2015* | 3,185,996,155 | 43.4 % | 7,349,472,099 | 4,163,475,944 | 7.8 % | 229,610,586 | 1.15 % |
2014 | 2,956,385,569 | 40.7 % | 7,265,785,946 | 4,309,400,377 | 8.4 % | 227,957,462 | 1.17 % |
2013 | 2,728,428,107 | 38 % | 7,181,715,139 | 4,453,287,032 | 9.4 % | 233,691,859 | 1.19 % |
2012 | 2,494,736,248 | 35.1 % | 7,097,500,453 | 4,602,764,205 | 11.8 % | 262,778,889 | 1.2 % |
2011 | 2,231,957,359 | 31.8 % | 7,013,427,052 | 4,781,469,693 | 10.3 % | 208,754,385 | 1.21 % |
2010 | 2,023,202,974 | 29.2 % | 6,929,725,043 | 4,906,522,069 | 14.5 % | 256,799,160 | 1.22 % |
ඔබට මෙම link එකට ගියොත් සජීවීවම දැකගන්න පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන අයගේ ප්‍රමාණයේ වැඩිවීම > http://www.internetlivestats.com/internet-users/
දිනකට අපි 2.5 Quintillion bytes ප්‍රමාණයක් නිපදවනවා. ඒ කියන්නේ කොපමණ අගයක්ද? 2.5 Quintillion bytes? Quintillion කියන ප්‍රමාණය පෙන්වනු ලබන්නේ 10, 18 වාරයක් කියන එකයි. ඒ කියන්නේ 10 ඒවා 18ක්... 1000000000000000000. මෙන්න මේ කියන ප්‍රමාණයට තමයි Quintillion කියලා ගණිතයේ කියන්නේ. ඉතින් 2.5 Quintillion bytes මෙපමණ ප්‍රමාණයක් අපි විසින් දිනකට අන්තර්ජාලයට එකතු කරනවා.
2,500,000,000,000,000,000 bytes

මේ දත්ත ප්‍රමාණය හරියට blu-ray disc මිලියන 10ක පුරවන්න පුළුවන් ප්‍රමාණයක්. ( blu-ray disc එකක 25GB සිට 50GB දක්වා දත්ත ගබඩා කරන්න පුළුවන්) ඉතින් මේ වගේ blu-ray disc එක මත එක උසට සිටින සේ තට්ටුවක් වගේ සකස් කරොත් ප්‍රංශයේ පැරිස් නුවර තිබෙන අයිෆල් කුළුණ වගේ 4 ගුණයක් උස කුළුණක් නිර්මාණය කරන්න පුළුවනි. හිතාගන්න පුළුවන් නේද දැන් තත්වය?
පරිඝනකයේ ආරම්භයත් සමඟ දැනට නිර්මාණය වී තිබෙන දත්ත වලින් 90% කම දත්ත නිර්මාණය වෙලා තිබෙන්නේ පසුගිය අවුරුදු දෙක තුලදී කියලා තමයි දැන් සොයාගෙන තියෙන්නේ.
මෙහෙම කෙටි කාලයක් තුල විශ්මයජනක විදියට දත්ත වැඩිවීමක් වෙලා තියෙන්නේ පරිඝනක තාක්ෂණයේ දියුණුව, අන්තර්ජාලයේ ප්‍රචලිතභාවය සහ සමාජ ජාල වෙබ් අඩවි වල සිදුවූ ආගමනය සහ නව්‍යකරණය නිසා කියලා සොයාගෙන තියෙනවා.
මෙම දත්ත ගබඩා වීමේ ප්‍රමාණය ලෝක ආර්ථිකයේ වේගයට වඩා 4 ගුණයකින් වැඩි බවයි පැවසෙන්නේ.
පහත සටහනින් දැක්වෙන්නේ එක් එක් වසරවල් වල සිදුවූ දත්ත එකතුවීමයි. මුලින් දිනකට GB වගේ ප්‍රමාන වලින් ආරම්භ වුණු මෙය දැන් තත්පරයට GB ප්‍රමාණයක් දක්වා ඉතා වැඩිවී තිබෙනවා.
ඉතින් මෙපමණ දත්ත ප්‍රමාණයක් කොහෙන්ද එන්නේ, මොන වගේ දත්තද මේවා කියලද ඔබ හිතන්නේ...
මේ දත්ත ලොව වටින්ම ලැබෙනවා. එම දත්ත ව්‍යුහාත්මක සහ ව්‍යුහාත්මක නොවන දත්ත(structured and unstructured) යන දෙවර්ගයෙන්ම ලැබෙනවා.විවිධ උපකරණ වලින් ලබාගන්න චන්ද්‍රිකා දත්ත,කාලගුණික දත්ත, සමාජ ජාල වෙබ් අඩවි වලින් එන posts, පින්තූර, වීඩියෝ දර්ශන, අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු වලට අදාළ දත්ත ආදී සියලුම දත්ත වලින් තමයි මෙහම අති විශාල දත්ත හෙවත් BIG Data නිර්මාණය වන්නේ.

සෑම මිනිත්තුවකම 204,000,000 ක email ප්‍රමාණයක් යවනු ලබනවා. tweets 277,000 ක් සිදු කරනවා, 216,000 instagram posts ප්‍රමාණයක් සෑදෙනවා...!
2015 වසරේ අන්තර්ජාලය තුළ එක් දිනකට නිර්මාණය වුන දත්ත ප්‍රමාණය ගැන රසවත් විස්තර ටිකක් තමයි පහතින් දැක්වෙන්නේ. බලන්නකෝ ඔයාලාත් 2015 දී මේ දේවල් වලින් කීයක් දේවල් නම් කරාද කියල..
🕐 Since 2013, the number of Twitter posts increased 25% to more than 347,000 Tweets PER MINUTE !
2013 සිට Twitter posts ප්‍රමාණය මිනිත්තුවට 347,000 ක් ලෙස 25% කින් වර්ධනය වෙලා තියෙනවා.!
🕐 Youtube usage has more than tripled in the last two years, with users uploading 300 hours of new video each minute of every day !
Youtube වල වර්ධනය පසුගිය අවුරුදු දෙක තුල තුන් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. එහෙම වෙන්නේ සෑම දිනකම සෑම මිනිත්තුවකම පැය 300ක ධාවන කාලයක් තිබෙන තනි වීඩීයෝවක ප්‍රමාණයේ වීඩීයෝ එකතුවක් Youtube පරිශීලකයින් එකතු කරනවා.!
🕐 Vine users play more than 1 Million videos each minute!
Youtube වගේ තිබෙන වීඩියෝ වෙබ් අඩවියක් වන Vine වල පරිශීලකයින් එක් මිනිත්තුවකදී වීඩියෝ දර්ශන මිලියන එකක් play කරනවා.!
🕐 Since 2013, the number of Facebook Posts shared each minute has increased 22%, from 2.5 Million to 3 Million posts per minute. This number has increased more than 300 percent, from around 650,000 posts per minute in 2011 !
2013 වසරේ සිට Facebook Posts share කිරීමේ ප්‍රමාණය 22% කින් වර්ධනය වෙලා තිබෙන අතර එය මිනිත්තුවට මිලියන 2.5 සිට මිලියන 3 දක්වා ප්‍රමාණයක් ලෙස සටහන් වෙනවා. මෙය හරියට 2011 මුළු වසරේම මිනිත්තුවට share වුන 650,000 Facebook Posts ගණන වගේ 300 ගුණයක් වෙනවා. !
🕐 Facebook users also click the like button on more than 4 Million posts every minute ! That is nearly 6 BILLION Facebook posts liked each day !
එක් දිනකදී Facebook භාවිතා කරන්නන් like බොත්තම බිලියන 6ක ප්‍රමාණයක් click කරනවා. ඒ කියන්නේ මිනිත්තුවට මිලියන හතරක posts ප්‍රමාණයකට likes එකතු වෙනවා.!
🕐 Around 4 Million Google searches are conducted worldwide each minute of everyday.
ලොව පුරා Google සොයන්නන් සෑම දිනකම මිනිත්තුවකට මිලියන 4ක සෙවුම් ප්‍රමාණයක් සිදු කරනවා.!
☑ සෑම දිනකම මිලියන 500ක Tweets යවනු ලබනවා !
☑ Youtube එකට දිනකට පැය මිලියන 4ක් දිග අන්තර්ගතයක් එකතු වෙනවා !
☑ දිනකට Facebook පණිවිඩ බිලියන 4.3 ක් එකතු වෙනවා !
☑ දිනකට Facebook likes බිලියන 5.75 ක් එකතු වෙනවා !
☑ බිලියන 6ක Google සෙවුම් සිදු වෙනවා !

ඔව් ඇත්තෙන්ම වැදගත්.. අපි හිතල කරේ නැති උනාට අපි විසින් කරන කාර්යන් වලට මෙම BIG data හෙවත් විශාල දත්ත වල වටිනාකම නිම කරන්න බැහැ.

ඉතින් මෙහම වෙද්දී big data සෑදෙන එක අරුමයක් නෙවෙයි නේද...?

මේ BIG Data අපිට වැදගත්ද?

ඔව් ඇත්තෙන්ම වැදගත්.. අපි හිතල කරේ නැති උනාට අපි විසින් කරන කාර්යන් වලට මෙම BIG data හෙවත් විශාල දත්ත වල වටිනාකම නිම කරන්න බැහැ.
ඔබගේ ජංගම දුරකථන වල ඇති apps හරහා අපි කොතරම් කාර්යන් කරගන්නවද.. ලොව පුරා බොහොමයක් දෙනා තමන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව දේවල් ගැන සැළකිලිමත් වෙන්නේ මේවා හරහා. ඒ වගේම නිවසට අවශ්‍ය බඩු ගැනීමේදී, ඒවාට නිවසේදීම මුදල් ගෙවීමේදී, ව්‍යාපාර වල වැඩ කටයුතු වලදී, ගුවන්යානා හා දුම්රිය කාල සටහන් භාවිතයෙදී, කොටින්ම තමන්ගේ මෝටර් රථයේ තත්වය,දුවන දුර ප්‍රමාණය, යන්නේ කොහෙද කියලා GPS (ගෝලීය තැන් සෙවුම් පද්ධතිය) වලින් බලාගැනීම වගේ වැඩ කටයුතු රාශියකට අපිට උදවු කරන්නේ මේ big data තමයි.
ඉතින් මේ BIG data ලෝකයේ බොහොමයකගේ අනවශ්‍ය වියදම් අඩු කරනවා. ඒ වගේම කාලය ඉතුරු කරනවා. නව තාක්ෂණයන් ගැන දැනගන්න අලුත් සොයාගැනීම් සිදු කරන්න ඉවහල් වෙනවා. නිවැරදි යහපත් තීරණ ගැනීමත් මේ නිසා සිදු වෙනවා.
සෞඛ්‍ය, ප්‍රවාහනය, කළමනාකරණය, ආරක්ෂාව, වෙළඳ ව්‍යාපාර වැනි සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනයට දියුණුවට මෙම BIG data බලපෑම් එල්ල කරනවා.

BIG data නිවැරදිව හසුරවන්න, කළමනාකරණය කිරීම ඉතා වැදගත් කාරණයක්. මොකද ලොව නන් දෙසින් අධි වේගයෙන් විවිධ සංකීර්ණ ක්‍රම වලට ගලා එන මෙවැනි විශාල දත්ත ප්‍රවාහයන්නි වැරදිව කළමනාකරණය කරගන්න බැරි උනොත් එය භාවිතා කරන සියලු දෙනාටම ලොකු තර්ජනයක් වගේම අනවශ්‍ය ලෙස කාලය, මුදල් සහ ශ්‍රමය නාස්ති කරගැනීමට සිදුවෙනවා.
මේ නිසා මෙවැනි තාක්ෂණික ක්‍රම සමඟ වැඩකරන්න ඉතා හොඳ කාර්යක්ෂම අධි වේගී, ගබඩාකරණ පහසුකම් උපරිම පරිඝනක වගේම ඉතා හොඳ ජාල සම්බන්ධතා ද අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. වර්තමානය වන විට ලොව ඉතා ජනප්‍රිය සමාගම් තම big data පාලනය කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යනවා. විශේෂයෙන් Google, Facebook, Yahoo, Microsoft, Youtube, Twitter, Ebay, Amazon, Paypal වැනි සමාගම් BIG data තාක්ෂණය සමඟ වැඩ කරනවා.

ඔයාල එහෙනම් BIG data කියන සංකල්පය, තාක්ෂනය ගැන දැනගන්න ඇති නේද.. මේ ගැන තවත් අලුත් විස්තර සහ පාඩම් අපි ඉදිරියේදී ඔබට ගෙන එන්නම්. අද ඉදන් අන්තර්ජාලය භාවිතා කරද්දී මේ දේවල් ගැනත් ඔළුවේ තියාගෙන වැඩ කරන්න...