Breaking
Loading...
Solve USB Device Not Recognized Error

Solve USB Device Not Recognized Error

ගොඩක් අය පරිඝනකයේ USB port එකකට කිසියම් USB උපකරණයක් සම්බන්ධ කළවිට නිරූපණය කරන error message එකක් තමයි මේ USB device not recognized කියලා කියන්නේ. pen එක, mouse එක,keyboard එක, phone එක පරිඝනකය විසින් හඳුනාගන්නේ නැතුව මේ පණිවිඩය ලැබුනවිට ගොඩක් අය කරන්නේ device එක ගලවලා නැවත සවි කිරීම, පරිඝනකය restart කිරීම, එහෙමත් නැති නම් අදාළ උපකරණයේ drivers හොයාගෙන install කිරීම වගේ දේවල් තමයි.


අපි මේ කියන්න හදන්නේ එහෙම කරදර වෙන්නේ නැතුව පහසුවෙන්ම Windows 7,8,8.1 සහ 10 යන මෙහෙයුම් පද්ධති වල මෙම වැරැද්ද නිවැරදි කරගන්න පුළුවන් ක්‍රමයයි.

1. පළමුව වැරැද්ද පෙන්වන උපකරණය පරිඝනකයට සම්බන්ධ කරන්න. එවිට පහත ආකාරයේ error message එක පෙන්වාවි.


2. දැන් Windows key එක සමඟ R press කර RUN command එක විවෘත කරගන්න. ඉන්පසු එහි devmgmt.msc ලෙස type කරන්න.


3. දැන් ඔබට පහත ආකාරයට ලැබෙන menu එකේ Universal Serial Bus controllers කොටසෙහි කහපාට error සංකේතය මත right click කර uninstall කරන්න.




4. දැන් USB උපකරණය පරිඝනකයෙන් ගලවා ඉවත් කර පරිඝනකය restart කරන්න. පරිඝනකය on වූ පසුව නැවත උපකරණය සම්බන්ධ කර බලන්න. කිසිම වැරද්දක් නොමැතිව ඔබේ පරිඝනකය මඟින් අදාළ USB උපකරණය හඳුනා ගනීවි.

මෙය ඔබට වැදගත් වුනා නම් යාලුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම අපේ facebook පිටුවට like එකක් දාලා එකතු වෙන්න.