
ඔබේ පරිඝනකයේ තිබෙන folders ඔක්කොම එක වගේ නේද? කහ පාටට හුරුව තියෙන සාම්ප්‍රදායික folders වලට වඩා එක එක දේවල් තියෙන folders වෙන වෙනම වර්ණ ගන්වලා තියේනම් ලස්සනයි නේද? ඒ වගේම ඇහැ ආකර්ෂණය කරගන්නා නිසා ඔයාට පහසුවෙන් සොයාගන්නත් පුළුවන් නේද? උදාහරණයක් විදියට සින්දු folder එක රතු පාටින්, films තියෙන folder එක නිල් පාටින්, softwares තියෙන folder එක දම් පාටින් වගේ... ඉතින් එහෙම folders වර්ණවත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මේ අපි කියන්න හදන්නේ.
1. මුලින්ම එකට පොඩි මෘදුකාංගයක් ලබාගන්න වෙනවා. බය වෙන්න එපා. මේක KB ගණනක ඉතා පොඩි නොමිලේ ලැබෙන මෘදුකාංගයක්. මෙහි නම තමයි Folder Colorizer. පහතින් ඔබට එය download කරගන්න පුළුවන්.
2. ඉන්පසුව සාමාන්‍යය මෘදුකාංගයක් වගේ එය install කරගන්න. install කරගන්නා විට මෙම Folder Colorizer කොටස පමණක් install කරගන්න. මොකද නැතිනම් e සමඟ වෙනත් පොඩි අනවශ්‍ය මෘදුකාංගත් පරිඝනක ගත වෙන්න පුළුවන්. (ඒවායින් ඔබේ පරිඝනකයට කිසිදු හානියක් නොවන බව සලකන්න.)
3. Install කිරීමෙන් පසුව මෘදුකාංගය වැඩ කිරීමට සූදානම්. ඔබට තියෙන්නේ වර්ණවත් කිරීමට අවශ්‍යය folder එක මත right click කර ලැබෙන menu එකෙහි ඇති folder Colorizer මඟින් ඔබ කැමති වර්ණයක් ලබාදෙන්න.

4. Folder Colorizer හි තිබෙන වර්ණ පමණක් නොව ඔබ කැමති වර්ණ සංකලනය කිරීමෙන් ද folders අවශ්‍ය ලෙස වර්ණ ගැන්විය හැකිය.
