Breaking
Loading...
පරිඝනක භාවිතයේදී ඔබ මේ වැරදි කරනවාද?

පරිඝනක භාවිතයේදී ඔබ මේ වැරදි කරනවාද?


පරිඝනක සමඟ වැඩ කරන්න ගොඩක් අය දැනගෙන හිටියට පරිඝනක නිවැරදිව වැඩ කරන්න ශිල්පීය ක්‍රමවේද අනුගමනය කිරීමක් කරන්නේ නැහැ. මේ නිසා පරිඝනක භාවිතයේදී තමන්ට වාසිදායක දේවල් වලට වැඩිය අවාසි සහගත තත්වයන්ට තමයි මුහුණ දෙන්නේ සිදුවන්නේ. අපි පරිඝනක භාවිතා කරන්නේ වැඩ පහසු කරගන්න.හැබැයි නිවැරදිව පරිඝනකය එක්ක වැඩ කරන්නේ නැති වුනාම වෙන්නේ වැඩ එක දෙක වීමයි. පරිඝනකයක් අලුතින් භාවිතයට ගන්නා අය මෙන්ම පළපුරුදු පරිඝනක භාවිතා කරන්නනන් අතිනුත් වෙන වැරදි අඩුපාඩු කිහිපයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. හොඳින් බලන්න ! ඔබත් මෙම වැරදි කරනවාද කියලා ... ?

1. වැදගත් සහ අත්‍යාවශ්‍ය files backup කර නොතිබීම

ආධුනික සහ පළපුරුදු දෙගොල්ලොම කරන ප්‍රධාන වරදක් තමයි මෙය. ඔබගේ පුද්ගලික ho රාජකාරි මට්ටමේ අත්‍යාවශ්‍ය වැදගත් ලිපි ලේඛන, ඡායාරූප ඇතුළු files වර්ග නිකන්ම hard disk එක තුල ගබඩා කර තබනවා. කිසියම් විදියකින් ඔබේ පරිඝනකයට හෝ hard disk එකට හානි සිදුවුනහොත් අර තිබුන files සියල්ලම නැතිවෙලා යනවා නේද. ඉතින් එවැනි files තමන් ලග සුරැකිව තබාගන්න නම් ඒවායේ backups තියාගැනීම වැදගත් වෙනවා. CD, DVD හෝ pen drive වල වැදගත් files copy කර තබාගත හැකිය. නැතිනම් cloud drive එකක් භාවිතා කරන්න පුළුවන්.

2. නොසැලකිලිමත් ලෙස Next කිරීම

ඔබේ අන්තර්ජාලය භාවිතා කරද්දී කිසියම් සේවාවක් සමඟ එකතුවෙන විට, එහෙමත් නැතිනම් පරිඝනකයට මෘදුකාංගයක් install කරනවිට ඔබ අනිවාර්යෙන්ම කරන වැරද්දක් තමයි මේ Next කිරීම කියන්නේ. ඒ කියන්නේ සේවාව හෝ මෘදුකාංගය ලබාදෙන අයගේ විස්තර සහ ගිවිසුම් වල තිබෙන දේවල් කියවීමකින් තොරව තමයි tick කිරීම කර එකඟ වෙන්නේ. මේ නිසා සමහරවිට install කරන මෘදුකාංගය සමඟ වෙනත් ඔවුන්ගේ අනවශ්‍ය මෘදුකාංග ඔබේ පරිඝනකයට ඉබේම install වෙන්න පුළුවන්. එවැනි සමහර මෘදුකාංග ඔබේ පරිඝනකයට මෙන්ම ඔබේ පුද්ගලිකතත්වයට පවා හානිදායක වෙන්න පුළුවන්.

3. කරන වැඩ කටයුතු save නොකිරීම

ඔබ MS Word හෝ Adobe PS මෘදුකාංග භාවිතා කරමින් කිසියම් කාර්යයක් කරනවා කියලා සිතන්න. එහෙමත් නැති නම් අන්තර්ජාලය භාවිතයෙන් online හිඳිමින් වැඩක් කරනවා කියලා හිතමු. ඔබ එම වැඩය ඉතා පිළිවෙලට කඩිනමින් කරගෙන ගියත් එය save කිරීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය desktop පරිඝනකයක් භාවිතා කරන කෙනෙක් නම් එකවර විදුලිය ඇනහිටීයොත්, එහෙමත් නැතිනම් අන්තර්ජාල සම්බන්ධය නැති වුනොත් මොකද වෙන්නේ? ඔබ ඒ කරමින් සිටිය කාර්යය නැති වෙනවා නේද. එසේනම් එම වැරැද්ද වලක්වා ගන්න ඔබ කිසියම් වැඩක් කරනවිට එය අඩුමගානේ විනාඩි 5කට සැරයක් වත් save කරගන්න.

4. අවිධිමත් ලෙස පරිඝනකය විසන්ධි කිරීම

පරිඝනකයක් අලුත ගත් කාලෙදී නම් හරිම පරිස්සමින් පරිඝනකය භාවිතා කරත් ටික කලක් යද්දී පරිඝනකය ගැන තිබෙන සැලකිල්ල අඩුවෙලා යනවා. මේ නිසා සමහර අය හදිස්සිය වැඩිකමට පරිඝනකය කිසිම සැලකිල්ලක් නැතිව off කරලා දානව. එය හොඳ දෙයක් නෙවේ. එමඟින් පරිඝනකයේ ආයු කාලය අඩුවිය හැකි මෙන්ම තිබෙන දෘඩාංග සහ මෘදුකාංග වලට හානි විය හැකිය. එම නිසා පරිඝනකය off කිරීමට පෙර සියලුම වැඩසටහන් close කර shutdown බොත්තම භාවිතා කර පරිඝනකය off කල යුතුයි.

5. Emails සමඟ පැමිණෙන files විවෘත කිරීම

මේ වැරද්දත් බොහෝ අය විසින් කරන දෙයක්. ඒ වගේම ලොකු අවධානමක් තිබෙන ක්‍රියාවක්. email කියන්නේ අන්තර්ජාලය පුරා හානිදායක මෘදුකාංග (malwares) පැතිරෙන ප්‍රධානම මාධ්‍යයයි. ඉතින් දිනපතා තමන්ගේ පරිඝනකයට එන emails වල තිබෙන විවිධ files වගේ දේවල් open කිරීම සහ download කරගැනීම නිසා ඒවායේ තිබිය හැකි virus ඔබේ පරිඝනකයට එකතුවිය හැක.එම නිසා ඔබට එන නොදන්නා,අවිශ්වාසී emails open නොකිරීම සහ ඒවායේ තිබෙන files download කර නොගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම spam හි තිබෙන emails කියවීමේදී පරිස්සම් වෙන්න ඕන.

6. නුසුදුසු මෘදුකාංග install කිරීම

ඔබගේ වැඩකටයුතු කරගන්න මෘදුකාංග අවශ්‍ය වෙනවා. ගොඩක් අය පුරුදු වෙලා තිබෙන්නේ නොමිලේ තිබෙන වංචනික ක්‍රම වලට activate කරගත් මෘදුකාංග භාවිතා කරන්නයි. ඉතින් මෙවැනි මෘදුකාංග භාවිතය නිසා ඔබේ පරිඝනකයට නිසි ක්‍රියාකාරීත්වය නොලැබී යන්න පුළුවන්. එම නිසා සෑම විටම විශ්වාසදායී, ජනප්‍රිය බහුතරයක් භාවිතා කරන මෘදුකාංග පාවිච්චි කරන්න ඔබත් පුරුදුවෙන්න.


7. මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංග update නොකිරීම

අපේ රටේ බොහෝ දෙනෙක් කරන්නේ නැති දෙයක් තමයි මේ. එයට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ හොරට ගත්ත මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංගයි. ඉතින් මෙවැනි මෘදුකාංග update කරන්න ගියාම අදාළ මෘදුකාංග සමාගමෙන් එය ව්‍යාජ එකක් බව තේරම් අරන් ඔවුන්ගේ සේවාවන් අවහිර කරනවා. විශේෂයෙන්ම Windows මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ එකක් බව ඔවුන් අල්ලගත්විට ඔබේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ප්‍රතිවෛරස මෘදුකාංග නම් අනිවාර්යෙන්ම update කරගන්න ඕන. එහෙම නැතිනම් ඔබේ පරිඝනකය පහසුවෙන්ම virus වලට අසුවෙන්න පුළුවන්.


8. නොගැලපෙන දෘඩාංග භාවිතය

පරිඝණකයක දෘඩාංග කියලා කියන්නේ වැදගත්ම කොටසක්. ඉතින් මේ දෘඩාංග ඔබේ පරිඝනකයට නොගැලපෙන, මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංග සමඟ නොගැලපෙන ඒවා නම් එයින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ලාබෙට පරිඝනකයට නොගැලපෙන දෘඩාංග අරගෙන අපහසුතාවයට පත්නොවී සෑම විටම පරිඝනකයට ගැලපෙන දෘඩාංගම භාවිතා කරන්න.


ඉතින් ඔබත් පරිඝනකය සමඟ වැඩකරන කෙනෙක් විදියට අනිවාර්යෙන්ම මෙම වැරදි කරනවා නම් අදම ඒවායින් දුරස්වී නිවැරදිව පරිඝනකය භාවිතා කිරීමට හුරුවන්න.

0 Comments: