Breaking
Loading...
Password යොදා folders lock කරන්න

Password යොදා folders lock කරන්න

තමන්ගේ රහස්‍ය පුද්ගලික විස්තර, පින්තූර,වීඩියෝ,files වගේ දේවල් අනිත් අයට නොපෙනෙන ලෙස හංගලා තියාගන්න ඕන වුනාම ගොඩක් අය කරන්නේ ඒ දේවල් තියෙන folder එක hidden කරන එකයි. නමුත් පරිඝනක ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්ට නම් පහසුවෙන්ම ඒ hidden files හොයාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඒ වගේම සමහර අය කරන්නේ folders lock කරන්න විවිධ මෘදුකාංග භාවිතා කිරීමයි. අපි මේ කියන්න යන්නේ එහෙම කිසිම මෘදුකාංගයක් නැතිව තමන්ගේ පුද්ගලික files අනිත් අයට නොපෙනෙන ලෙස ආරක්ෂිතව තබාගත හැකි ක්‍රමයක් ගැනයි.


මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ notepad එකක් පමණයි. මුලින්ම ඔබ කරන්න ඕන notepad එක මත පහත සඳහා කේතය ලිවීමයි. ඔබේ පහසුවට එය copy කර paste කරගන්න පුළුවන්.

cls

@ECHO OFF

title Folder Secret

if EXIST “Locker” goto UNLOCK

if NOT EXIST Secret goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p “cho=>”

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Secret “Locker”

attrib +h +s “Locker”

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p “pass=>”

if NOT %pass%== Password_Here goto FAIL

attrib -h -s “Locker”

ren “Locker” Secret

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Secret

echo Secret created successfully

goto End

:End

ඉන්පසුව මෙහි රතු පාටින් සඳහන් Password_Here යන ස්ථානයේ ඔබ යොදන password එක සඳහන් කර මෙම notepad file එක ඔබ කැමති නමක් යොදා .bat යන extension එක යටතේ save කරගන්න.
( උදාහරණයක් ලෙස Folder Locker.bat ) මෙහි bat යනු batch file යන්නයි.


මෙම file එක ඔබ save කරගත යුත්තේ ඔබේ පුද්ගලික files සැඟවීමට යන folder එක තුලයි. දැන් ඔබ එම save කරගත් .bat file එක double click කර විවෘත කරගන්න. එවිට එහි Secret ලෙස නව folder එකක් නිර්මාණය වේවි. දැන් ඔබ ඔබේ සියලුම පුද්ගලික files එම folder එක තුලට දමා නැවත අර bat file එක double click කරන්න. එවිට පහත ආකාරයට message එක්ක ලැබේවි. එමඟින් ඔබෙන් අසන්නේ මෙම folder එක hide කිරීමට අවශ්‍යද කියාය. එයට ඔබ Y ලෙස සඳහන් කර Enter කරන්න.


දැන් ඔබේ සියලුම රහස්‍ය files අඩංගු Secret folder එක සැඟවුණු බව පෙනේවි. බය වෙන්නෙපා ඔබේ files ටික පෙන්නේ නැත කියා. ඔබට ඒවා නැවත විවෘත කරගැනීමට bat file එක ගන්න. එවිට ඔබේ password එක සඳහන් කරන ලෙස පෙන්නාවි. Password එක නිවැරදිව ලබාදීමෙන් ඔබට නැවත ඔබේ files අඩංගු Secret folder එක ලැබේවි.

සරලයි නේද? ඉතා කුඩා වැඩසටහනක් මඟින් ඔබට මෙය තනිවම කිසිම මෘදුකාංගයක් නැතිව කරගන්න පුළුවන්. ඔබේ යාලුවන්ටත් දැනගන්න share කරන්න.