PHP සිංහලෙන් - I

PHP සිංහලෙන් - I

වැඩසටහන්කරණ භාෂා අතර ප්‍රමුඛව භාවිතා වන භාෂාවක් වන PHP ගැන සරලව මුල සිට තේරෙන සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම් වන්නේ. PHP වල සෑම කොටසක්ම මෙම පාඩම් මාලාවෙන් ආවරණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


PHP යනු කුමක්ද?

PHP යන්නෙහි පෙර අර්ථය වූයේ Personal Home Page වන අතර වර්තමානයේ එය  Hypertext Pre-processor ලෙස වෙනස් වී තිබේ. එය බොහොමයක් දෙනා භාවිතා කරන වෙබ් සංවර්ධනය සඳහා යොදාගන්නා නිදහස් සාමාන්‍යය භාවිත භාෂාවක් (Open Source general purpose scripting language)වේ. 

මෙය HTML ගොනුවක් තුළ ඇතුලත් කල හැකිය. PHP භාෂාවේ බොහෝ කොටස්  නිර්මාණය කිරීමට මූලික වී ඇත්තේ C වැඩසටහන්කරණ භාෂාවයි. 1994 දී Rasmus Lerdorf විසින් PHP නිර්මාණය කරන ලදී.

Wordpress, Joomla, Drupal වැනි බොහොමයක් CMS (Content Management System)web අඩවි  සහ Zencart, Scommerce සහ Magento වැනි e-commerce web අඩවි  රාශියක්ද භාවිතා කරන්නේ PHP වේ.එමෙන්ම අප බොහෝවිට භාවිතා කරන facebook,yahoo,wikipedia වැනි web අඩවි නිර්මාණය කර ඇත්තේද PHP භාවිතා කරය.



PHP ගොනුවක් (file) ASCII ගොනුවක් වන අතර,එය නිර්මාණය කරන්නේ notepad හෝ notepad++ වැනි සරල සංස්කාරක මෘදුකාංගයක් යොදාගෙනය.

HTML සහ PHP මිශ්‍රව ඇති මෙවැනි ගොනුවකින් මොහොතින් මොහොත කල යුත්තේ කුමක්ද යන්න web server එකට විධානය කරනු ලබයි.

PHP යනු server පසුබිමින් සිදුවන භාෂාවක් වන අතර එය run වන්නේ server එක හරහාය.

PHP භාවිතයේ වාසි -

* PHP තේරුම් ගැනීමට පහසුය.
* විවිධ මෙහෙයුම් පද්ධති වල පහසුවෙන්ම යෙදිය හැක.
* PHP භාගත කරගැනීම සහ භාවිතය නොමිලේ වේ.
* වේගවත් වේ.
* සෑම server එකකම භාවිතා වේ.
* එය ආරක්‍ෂිත වේ.
* PHP පහත දත්ත සමුදා පද්ධති භාවිතා කරයි.
dBASE, Informix, Ingres, mSQL, MySQL, Oracle, Sybase, PostgreSQL, SQL server

PHP වලට කල හැකි දේවල් -

* එයට දත්ත සමුදායන් (database) පහසුවෙන් පාලනය/පාවිච්චි කල හැක.
* ගතික web පිටු නිර්මාණය කල හැකිය.
* ආකෘති වලංගු කිරීම (form validation) සඳහා යොදාගත හැක.
* දත්ත සමුදායන් වලට පහසුවෙන් ඇතුල්විය හැකිය.

PHP කේතයක් සඳහා උදාහරණ -

<html>
   
   <head>
      <title>Hello World</title>
   </head>
   
   <body>
      <?php echo "Hello, World!";?>
   </body>

</html>

ප්‍රතිදානය -

Hello, World!

PHP වල ලක්ෂණ -

* Familiarity (හුරුපුරුදුබව) - ඔබ වැඩසටහන්කරණ භාෂා ගැන පළපුරුදු අයෙක් නම් PHP syntax පිළිබඳව පහසුවෙන් තේරුම් ගත හැකිය. මක් නිසාද යත් PHP syntax බොහොමයක් C භාෂාවට ආවේණික වේ.

* Simplicity (සරලබව) - PHP වෙනත් තුන්වන පාර්ශව මෘදුකාංග සමඟත් වැඩ කරන නිසා සහ ඔබේ දත්ත ආරක්ෂා කිරීමට පූර්ව නිර්වචන කාර්යයන් (pre define functions) තිබෙන නිසාත් චාම් මෙන්ම සරල වේ.

* Efficiency (කාර්යක්ෂමතාවය) - PHP 4.0 මඟින් සම්පත් බෙදාදීමේ යාන්ත්‍රණයක් සහ object oriented වැඩසටහන්කරණ භාෂාවක් ලෙස PHP හඳුන්වාදුන් නිසා කාර්යක්ෂමව කටයුතු කිරීමට හැකිය.

* Security (ආරක්ෂාව) - දත්ත ආරක්ෂා කිරීමට බොහොමයක් දත්ත සැඟවුම් ක්‍රමවේද ඇති නිසා ඔබේ PHP උපයෝගීතා ආරක්ෂා වේ.

* Flexibility (නම්‍යතාවය) - PHP භාෂාව HTML, JAVA SCRIPT, WML, XML වැනි වෙනත් භාෂා සමඟද ඇතුලත් කල හැකි නිසා මෙන්ම පරිඝනක,දුරකථන,ලැප්ටොප් වැනි ඕනෑම උපකරණයක් මඟින් ධාවන කල හැකි වීම නිසා හොඳ නම්‍යශීලීභාවකින් යුක්ත වේ.

* Open source (විවෘත සහ නොමිලේ) - PHP යනු open source වැඩසටහන්කරණ භාෂාවක් නිසා එය නොමිලේ භාගත කරගැනීමට මෙන්ම පාවිච්චි කිරීමද පහසුවෙන් කල හැකිය.

* Object Oriented (වස්තු මත රදන) - එදිනෙදා ජීවිතයේ භාවිතයේ ඇති වස්තු මත රදා පවතින පහසු භාෂාවක් ලෙස PHP හැඳින්විය හැකිය.


Related Articles

  • English Tutorials2016-07-12PHP Scope of Variables•The scope of a variable is the range of statements in which the variable can be… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - I වැඩසටහන්කරණ භාෂා අතර ප්‍රමුඛව භාවිතා වන භාෂාවක් වන PHP ගැන සරලව මුල සිට තේරෙන ස… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - V Basic Syntax (මූලික කාරක රීති) PHP කාරක රීති යනු PHP කොටසක් නිවැරදිව ධාවන කරන්… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - II PHP Install කිරීම - PHP සමඟ වැඩ කිරීමට නම් ඒ සමඟ වැඩ කිරීමට මෘදුකාංග කිහිප… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - XIII PHP Function function එකක් යනු කිසියම් කේත කොටසකින් ලබාගන්නා ආදානයකට අනුකූල වට… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - VI PHP Variable (PHP විචල්‍යය) Variable යනු කිසියම් දත්තයක් හෝ තොරතුරක් අඩංගු … Read More