PHP සිංහලෙන් - VI

PHP සිංහලෙන් - VI

PHP Variable (PHP විචල්‍යය)



Variable යනු කිසියම් දත්තයක් හෝ තොරතුරක් අඩංගු කර තිබෙන හඳුන්වනයකි.

✔ නමක්,ගමක්,ස්ථානයක්,වයසක්,දෙයක් ආදී ඕනෑම දෙයක් PHP Variable එකක් ලෙස යෙදිය හැකිය.
✔ PHP Variables case-sensitive වේ.
✔ සෑම PHP Variable එකක්ම $ ලකුණින් ආරම්භ වේ.
✔ PHP Variable එකක් ඕනෑම ප්‍රමාණයක දිගකින් යුක්ත විය හැකිය.
✔ හිස්තැන් නොතිබිය යුතුය.
✔ Uppercase අක්ෂර lowercase අක්ෂර වලට සමාන නොවේ.
✔ අකුරකින් හෝ _ කින් ආරම්භ විය හැකිය.
✔ වම් පසින් අදාළ Variable එකද, එහි අර්ථ දැක්වීම (expression) වම් පසින්ද දැක්වෙන අතර එම දෙක වෙන් කිරීමට = භාවිතා කෙරේ.

Variables සඳහා උදාහරණ -

  • $name
  • $programming_1
  • $_abc_variable
  • $m

Variables සඳහා උදාහරණ කේතය -

<?php
$variable=15;
$variable_ab=38;
$sum=$variable+$variable_ab;
echo"First value=".$variable."<br>";
echo"Second value=".$variable_ab."<br>";
echo "sum=".$sum;
?>

ප්‍රතිදානය

First value=15
Second value=38
sum=53

Variables ගොඩනැගිය හැකි ප්‍රධාන දත්ත ආකාර අටක් ඇත.

1. Integers − දශම ස්ථානය නැතිව සියලුම අංක මෙහිදී ඉදිරිපත් වේ. (උදා - 5432)

$int_var = 12345;
$another_int = -12345 + 12345;

2. Doubles − ඉපිලෙන අංක හෙවත් floting point අංක ලෙස මේවා හැඳින්වේ. (උදා - 3.1590 හෝ 89.4)

<?php
   $many = 2.2888800;
   $many_2 = 2.2111200;
   $few = $many + $many_2;
   
   print("$many + $many_2 = $few <br>");
?>
ප්‍රතිදානය

2.28888 + 2.21112 = 4.5

3. Booleans − මෙහි තිබෙන්නේ අගයන් දෙකක් පමණි. ඒවා නම්  true or false හෙවත් සත්‍ය හෝ අසත්‍යය වේ.

if (TRUE)
   print("This will always print<br>");

else
   print("This will never print<br>");

4. NULL − එක අගයක් පමණක් ඇත. NULL හෙවත් නැත  යන්න.

$my_var = NULL;

5. Strings − කිසියම් අගයක අනුලක්‍ෂණ ලෙස මෙය හැඳින්විය හැකිය.

<?php
   $variable = "name";
   $literally = 'My $variable will not print!';
   
   print($literally);
   print "<br>";
   
   $literally = "My $variable will print!";
   print($literally);
?>

My $variable will not print!\n
My name will print

6. Arrays − මෙමඟින් වටිනාකම් කිහිපයක් ඉදිරිපත් කරයි.

7. Objects − විවිධ ගුණ සහ විධික්‍රම ඇතුලත් ආකාරයකි.

8. Resources − මෙය විශේෂ Variable ආකාරයක් වේ. එමඟින් වෙනත් බාහිර සම්පත් වලට සම්බන්ධක ලෙස යොදාගත හැකිය.

ඉහත සඳහන් කල දත්ත ආකාර පහත ආකාරයට වර්ගීකරණය කල හැකිය.

* Scalar Data Types - එක වටිනාකමක් පමණක් අඩංගු දත්ත විශේෂයක් වේ.
* Compound Data Types - එක අගයකට වඩා වැඩි දත්ත අගයන් පිහිටන අවස්ථා වේ.
* Special Data Types - ඉහත වර්ග දෙකට අයත් නොවන විශේෂ දත්ත වර්ග වේ.


Scope of Variables - Variable එකක් පවතී පවතින ප්‍රදේශය/සීමාව /විෂය පථය scope යන්නෙන් අර්ථවත් වේ.
scope ප්‍රධාන ආකාර දෙකකි.

1. Local scope - කිසියම් කාර්යයකට(function) අදාළව ඒ තුළම එහි scope (විෂයපථය) එක ඇතුලත් වේ නම් එය local scope ලෙස හැඳින්වේ.


උදාහරණ -

<?php
Function concat()
{
$a = "Hello , ";
$b = "welcome to php!";
return $a . $b;
}
echo concat();
/*$a can not used any
Where out of this function
*/
?>

ප්‍රතිදානය -

Hello , welcome to php!

2. Global scope - ඒ කාර්යයට අදාළ විෂය පථය පිටතින්, php කේතයේ ඕනෑම තැනක ඇතුලත් වීම global Variable ලෙස හැඳින්වේ.


උදාහරණ -

<?php
$global = "Welcome to php"."<br>";
//its global variable
function hello()
{
global $global;
echo "$global  "."<br>";
}
hello();
 // Displays "Welcome to php"
echo $global;
//its accesseable any where in php script
echo $global;
hello();
hello();
?>

ප්‍රතිදානය -

Welcome to php

Welcome to php
Welcome to php
Welcome to php

Welcome to php



Related Articles

  • PHP2017-07-26PHP සිංහලෙන් - VIII PHP Constant (PHP නියත ) - PHP Constant යනු එක්තරා විදියක variable එකක් … Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - VII PHP Operators (මෙහෙයුම් සංකේත) - Operator එකක් යනු කිසියම් අගයන්  මත රද… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - VI PHP Variable (PHP විචල්‍යය) Variable යනු කිසියම් දත්තයක් හෝ තොරතුරක් අඩංගු … Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - II PHP Install කිරීම - PHP සමඟ වැඩ කිරීමට නම් ඒ සමඟ වැඩ කිරීමට මෘදුකාංග කිහිප… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - V Basic Syntax (මූලික කාරක රීති) PHP කාරක රීති යනු PHP කොටසක් නිවැරදිව ධාවන කරන්… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - I වැඩසටහන්කරණ භාෂා අතර ප්‍රමුඛව භාවිතා වන භාෂාවක් වන PHP ගැන සරලව මුල සිට තේරෙන ස… Read More