
වයිරස් කියන්නේ නම් එච්චරම හොඳ දෙයක් නෙවෙයි නේද. නමුත් විනෝදයට වගේ යාලුවෙක් එහෙම බය කරන්න පුළුවන් විදියේ පොඩි වෛරස් එකක් හදන විදියයි මේ කියන්න යන්නේ. මේකෙන් පරිඝනකයේ කිසිම කොටසකට හානියක් සිදුවන්නේ නැහැ. ඒ නිසා බයවෙන්න එපා.

මේ වයිරස් එකෙන් වෙන්නේ ඔබේ පරිඝනකයට සම්බන්ධ සියලුම optical drives එක දිගටම ඉවතට යාමයි(eject). බය වෙන්න එපා ඔබ පරිඝනකය restart කළවිට මෙය ඉබේම නතර වෙන්ව. කිසිම හානියක් වෙන්නේ නැහැ.
මුලින්ම කරන්න ඕන notepad එක අරගෙන පහත සඳහන් code එක type කිරීම පමණයි.

Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
ඉන්පසුව එය ඔබ කැමති නමකින් .vbs (visual basic script) යටතේ save කරගන්න. ඔබ save කරගත්ත ස්ථානයේ පහත ආකාරයේ vbs file එකක් දක්නට ලැබේවි.

ඉන්පසුව ඒ file එක open කරලා බලන්න මොකක්ද වෙන්නේ කියල ? දිගටම ඔබගේ CD/DVD drive එක open වෙන්න පටන් ගනීවි. ඔබ එය වැසුවත් නැවත නැවත දිගටම open වේවි. දැන් බය වෙන්න එපා මේක නවතින එකක් නැහැ කියල. ඔබ පරිඝනකය restart කරාම මේ වයිරස් එක (ඇත්තෙන්ම කිව්වොත් වැඩසටහන) වැඩ කරන එක නවතීවි.