Microsoft සමාගම සහ Bill Gates ගැන ඔබ නොදත් කරුණු

Microsoft සමාගම සහ Bill Gates ගැන ඔබ නොදත් කරුණු

Microsoft කිව්වම කවුද දන්නේ නැත්තේ. මේ නමින් තියෙන මෘදුකාංගම කීයක් ඔබ ඔබේ පරිඝනකයේ භාවිතා කරනවද. Microsoft Windows , Microsoft Office , Microsoft Security Essential වගේ මෘදුකාංග ඔබ භාවිතා කරනවා ඇති. සමහරවිට ඔබ දන්නේ නැතුව ඇති Skype කියන්නෙත් Microsoft සමාගම සතු මෘදුකාංගයක්. Microsoft සමාගමේ Email සේවාව වන hotmail එකත් ඔබ සමහරවිට භාවිතා කරනවා ඇති. ඉතින් මේ වගේ සේවාවන් රැසක් ලබාදෙන Microsoft තමයි පරිඝනක ක්ෂේත්‍රයේ අංක එකට ඉහළින්ම සිටින සමාගම වන්නේ. මේ සමාගමේ හිමිකරු ගැනත් ඔබ දන්නවා ඇති. කවුද ඒ?  ඔහු තමයි Bill Gates ! ලොව අංක එකට සිටින බිලියනපතියා තමයි මේ Bill Gates කියන්නේ.


ඉතින් අපි මේ කියන්න යන්නේ Microsoft සමාගම සහ Bill Gates ගැන ගොඩක් අය නොදන්නා රසවත් කරුණු කිහිපයක්. ඇත්තෙන්ම මේවා ඔබේ සාමාන්‍යය දැනීමට ගොඩක් වටිනවා.

අපි මුලින්ම බලමු Microsoft සමාගම ගැන රසවත් කරුණු කිහිපයක්.

1. Microsoft කියන වචනේ තේරුම මොකක්ද කියලා ඔබ දන්නවාද?
මේ නම යොදා තිබෙන්නේ Bill Gates විසින්. Microcomputer සහ Software කියන වචන දෙකේ එකතුවෙන් මුලින් Micro-soft කියල නම යෙදුවත් පසුව හයිපනය (-) සමඟ නම නුහුරු නිසා එය ඉවත් කර Microsoft ලෙස ඉදිරිපත් කරා. මෙම Microsoft කියන නම සමඟ සමාගම 1976 දී ලියාපදිංචි කරා. Bill Gates සහ සමාගමේ සහාය ආරම්භකරු වන Paul Allen විසින් 1976 දීම ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය වන MITS සිදුකරනු ලබනවා.

2. Microsoft සමාගම නිර්මාණය කල මුල්ම Office මෘදුකාංගය කුමක්ද?
1982 දී නිර්මාණය කල Excel තමයි පළමු Office මෘදුකාංගය. ඒත් එහි මුල් නම වන්නේ Multiplan යන්නයි. පසුකාලීනව 1985 දී Apple Machintosh පරිඝනක සඳහා Office මෘදුකාංගය නිර්මාණය කිරීමේදී තමයි Multiplan යන්න Excel බවට වෙනස් කරේ. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් Excel මෘදුකාංගය නිපදවා තිබෙන්නේ Windows පරිඝනක සඳහා නොව Apple Machintosh පරිඝනක සඳහායි. Windows පරිඝනක සඳහා Excel මුලින්ම හඳුන්වාදී ඇත්තේ 1987 දීයි.


3. Microsoft සමාගම සතු Patents බලපත්‍ර කොපමණ ඇත්ද?
Patents බලපත්‍ර කියන්නේ කුමක්ද කියලා ඔබ දන්නවා ඇතිනේ. අලුතින් සොයාගන්නා කිසියම් නිර්මාණයක් හෝ තාක්ෂණයක් සඳහා ලබාගන්නා හිමිකම් අවසරපත නේ.ඉතින් Microsoft සමාගම සතුව එවැනි බලපත්‍ර 10,000ක් හිමියි. Microsoft සමාගම ඇමරිකාවේ වැඩිම Patents බලපත්‍ර හිමි සමාගම් අතර ඉදිරියෙන්ම සිටිනවා.

4. PowerPoint ඇත්තටම Microsoft සමාගමේ නිර්මාණයක්ද?
නැහැ. PowerPoint කියන්නේ Forethrought නම් සමාගමේ නිර්මාණයක්. Microsoft සමාගම විසින් 1987 දී ඩොලර් මිලියන 14 කට මිළදී අරගෙන Office මෘදුකාංග වලට එකතු කරනු ලබනවා. ඊට පෙර PowerPoint වල මුල් නම වූයේ Presenter යන්නයි.

5. Microsoft Office මෘදුකාංගය නිකුත් වූයේ් කවද්ද?
1990 ඔක්තෝබර් මාසයේ දී පළමුවෙන්ම Microsoft Office 1.1 නිකුත් වුනා.


6. Bill Gates පාසල් යන කාලයේ පටන්ම පරිඝනක සම්බන්ධ අති දක්ෂයෙක්. ඔහුට වයස අවුරුදු 17 දී පරිඝනක මෘදුකාංගයක් නිපදවා $ 4200 කට විකුණනු ලැබුවා.

7. Bill Gates හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඉවත්වී Microsoft සමාගම ආරම්භ කරනවා. එවිට ඔහු උපාධිය සම්පූර්ණ කරලත් නැහැ. කෙසේ නමුත් ඔහු 2007 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන්ම තම උපාධිය සම්පූර්ණ කරනවා.

8. Bill Gates 1992 දී ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆොර්බ්ස් සඟරාව විසින් තෝරනු ලබන්නේ එවිට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6.3ක් වන නිසා. ඉන්පසුව 1995 දී Bill Gates ලෝකයේම සිටින ධනවත් පුද්ගලයා බවට පත්වී එම වාර්තාවේ හිමිකම අවුරුදු 13ක් තමන් සතු කරගන්නවා.

9. කොතරම් ධනවත් පුද්ගලයෙක් වුනත් Bill Gates අතිනුත් වැරදි සිදුවී දඩුවම් ලැබෙනවා. වරක් ඔහු මැක්සිකෝ වේදී රතු එළිය දැල්වී තිබියදී  තම වාහනය ධාවනය කිරීම නිසා සහ රියදුරු බලපත්‍රය නොතිබීම නිසා 1997 දී අත්අඩංගුවට පත්වෙනවා.


10. Bill Gates 1994 ජනවාරි පළමු වෙනිදා Milanda French සමඟ විවාහ වෙනවා.


ඉතින් මෙවැනි රසවත් පුදුම සහගත අමුතු තොරතුරු රැසක් මෙවැනි ජනප්‍රිය පුද්ගලයින් වටා ගෙතී තිබෙනවා. අපි ඒවාත් ඔබට ඉදිරියේදී පවසන්නම්. මේ Article එක හොඳයි කියලා හිතෙනවා නම් අපිට like එකක් දාලා share කරන්නකෝ.

Related Articles