
වර්තමානය වනවිට පරිඝනකය සහ අන්තර්ජාලය කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් වෙලා. ඉතින් අද වනවිට වයස බේදයකින් තොරව පරිඝනකය සහ අන්තර්ජාලය භාවිතා කරන්න හැමෝම පුරුදු වෙලා ඉන්නවා. ගොඩක් දෙමවුපියන් තම දරුවන්ටත් විභාගයක් පාස් වුනාම,සතුටු අවස්තාවකදී තෑග්ගක් විදියට අරන් දෙන්නේ එක්කෝ smart phone එකක්, නැතිනම් පරිඝනකයක්. ඉතින් ඊට පස්සේ මේ දරුවා බලන්නේ කොහොම හරි කරලා අන්තර්ජාලයත් භාවිතා කරන්න පුරුදුවීමයි.

Facebook, Instagram, Youtube වගේ ඒවාට යන්න තමයි ගොඩක් වෙලාවට ළමයින් පුරුදු වෙන්නේ. බොහෝ වෙලාවට සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය කිරීම නිසා ඔවුන්ට විවිධ කරදර හිරි හැර සිදු වෙනවා. මේ නිසා දරුවන් නොමග යාම,වැරදි වලට පෙළඹීම වගේ සිදුවීම් වෙනවා. අන්න ඒ නිසා වැඩිහිටියන් වශයෙන් ඔබ අපි සැවොම දැනගන්න ඕන දරුවන් එවැනි දේවල් වලින් ආරක්ෂා කරගන්න.
බොහෝවිට සමාජ ජාල වෙබ් අඩවි සහ chat rooms හරහා දැන හඳුනාගන්න අයට තමන්ගේ සියලුම දේවල් තොරතුරු දරුවන් විසින් කියනවා. ඔවුන් ඇත්තටම දන්නේ නැහැ තමන් මේ කතා කරන්නේ ඇත්ත පුද්ගලයෙකුටද, එසේත් නැතිනම් බැටළු වෙස් ගත වෘකයෙකුටද කියලා. ඉතින් එවැනි කුඩා තොරතුරකින් පුළුවන් දරුවට වගේම දරුවාගේ මුළු පවුලටම විනාශය ලඟා කර දෙන්න. එමෙන්ම දරුවන් තම දෙමවුපියන්ට හොරෙන් විවිධ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට උත්සාහ කරනවා. පසුව එය ඇබ්බැහි වීමක් වී දරුවන්ගේ කුඩා මොළයන්ට ඒවා දරාගත නොහැකි වී ඔවුන්ගේ මනස විකෘති වී අයාලේ යාමට පටන් ගන්නවා. මේ නිසාත් කුඩා සහ තරුණ කල පටන්ම දරුවන් විනාශ මුඛයට යන්න පුළුවන්.
දරුවන් අන්තර්ජාලයෙන් බේරාගන්න කල හැකි දේවල් ?
* පරිඝනකය සාලයේ හෝ ඔබ වැඩිපුර සිටින ස්ථානයක තබන්න - බොහොමයක් දෙමවුපියන් මෙය සිදුකරත් පසු කාලීනව දරුවන් විසින්ම පරිඝනකය තමන්ට සුදුසු ස්ථානයක කාමරයක රහසේ තබාගන්නවා. මෙය දෙමවුපියන් නොසලකා ඉන්නව. එසේ වෙන්න දෙන්න හොද නැහැ. දරුවා යමක් කමක් තේරුම් ගන්නා ඉගෙනගෙන අවසන් වන තුරු කෙසේ හෝ පරිඝනකය ඔබට පෙනෙන ස්ථානයක තබාගන්න. එවිට ඔබට ඔබ මොබ යන ගමන් වුනත් දරුවා කරන දේවල් ගැන විපරම් කරන්න පුළුවන්.
* අන්තර්ජාල භාවිතය සීමා කරන්න - අන්තර්ජාලය තුල ඕන තරම් දේවල් කරන්න බලන්න තිබෙනවා. ඒ නිසා අන්තර්ජාලය කියන්නෙත් එක්තරා විදියකට ඇබ්බැහි වුනොත් නවත්තගන්න බැරි දෙයක්. මේ නිසා දරුවන්ට අනවශ්‍ය ලෙස අන්තර්ජාල භාවිතය ඉඩ දෙන්න එපා. ඔවුන්ට ඒ සඳහා දිනකට නිශ්චිත කාලයක් දෙන්න. එයත් ඔබ නිවසේ සිටින වෙලාවක කරන්න. ඔබ නිවසේ නැති විට දරුවාට අන්තර්ජාලය භාවිතා කරන්න බැරි වීමට modem,router වැනි උපාංග සඟවා තබන්න. එමෙන්ම අන්තර්ජාලය සීමා කිරීමට පරිඝනකය තුල මෘදුකාංග install කර ඒවා ඔබට අවශ්‍ය පරිදි සකස් කර තබන්න.
* උගන්වන්න දැනුවත් කරන්න - පරිඝනකය සහ අන්තර්ජාලා භාවිතයේ හොඳ සහ නරක ඔබේ දරුවන්ට තේරුම් කර දෙන්න. ඔවුන්ට බාහිර පුද්ගලයන් කෙරේ නොව ගෙදර අය ගැන විශ්වාසය තැබිය හැකි ලෙස කතා කරන්න,කටයුතු කරන්න. තමන්ගේ පුද්ගලික තොරතුරු අන් අයට ලබා නොදෙන ලෙසත් එසේ නොවුන හොත් විය හැකි අනිසි ප්‍රතිපල ගැනත් දරුවන් දැනුවත් කරවන්න.
* පරීක්ෂාකාරීවන්න - දරුවා පරිශීලනය කරන පරිඝනකය,ජංගම දුරකථනය හෝ ටැබ් එක අරගෙන පරීක්ෂා කරන්න. එහි ඇතුළාන්තයට ගොස් තිබෙන දේවල් බලන්න. එමෙන්ම වෙබ් browser එකේ history එක බලන්න. දරුවා භාවිතා කරන උපාංග මෙන්ම ඔහු/ඇය ගැනද සැලකිලිමත් වන්න. ඔහුගේ ජීවන රටාවේ වෙනසක් දුටුවහොත් වහාම ඒ ගැන සැලකිලිමත්වෙන්න.
ඔබට දරුවාගේ අන්තර්ජාල භාවිතය පාලනය කල හැකි මෘදුකාංග කිහිපයක් ගැන තමයි දැන් මේ කියන්න සූදානම් වන්නේ. මෙම මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාගන්න පුළුවන් ඒවා. ඔබත් ඒවා ලබාගෙන දරුවා භාවිතා කරන උපාංග වලට යොදා ආරක්ෂාව තහවුරු කරන්න.
1. OpenDNS
මෙම මෘදුකාංගය මඟින් දෙමවුපියන්ට අන්තර්ජාලය තුල ඇති අනවශ්‍ය වෙබ් අඩවි යාමට නොහැකි ලෙස block කල හැකිය. එමෙන්ම මෙහි ඇති monitor mode එක මඟින් ඔබේ දරුවාට පළමුව අන්තර්ජාලය භාවිතා කරන්නට ලබාදී ඔවුන් ගිය වෙබ් අඩවි පරීක්ෂා කර ඒවා නුසුදුසු නම් block කිරීමේ හැකියාව තිබෙනවා.
Click below image to download
2. ContentWatch Net Nanny 7
මෙම මෘදුකාංගය මඟින්ද ඔබට අන්තර්ජාලය තුල සැරිසැරීම පාලනය කල හැකිය. එමෙන්ම මෙමඟින් අන්තර්ජාල පරිශීලන කාලය සීමා කල හැකිය. තවද වෙබ් පිටුවල, විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වල සහ chat rooms වල ඇති අසභ්‍ය වචන block කිරීමේ හැකියාව මෙයට තිබෙනවා.
Click below image to download
3. Qustodio Parental Control 2015
මෙයත් ඔබට නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි. අන්තර්ජාලය තුල ඇති වෙබ් අඩවි block කිරීමට මෙන්ම අන්තර්ජාල කාලය පාලනය කිරීමට මෙය භාවිතා කල හැකිය. එමෙන්ම ඔබගේ දරුවා සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය කරන්නේ නම් ඒවාට එන පණිවිඩ ඔබට ලබාගත හැකි පහසුකමද මෙහි තිබෙනවා.
Click below image to download
මෙම මෘදුකාංග යොදාගෙන සහ ඔබට යෙදිය හැකි වෙනත් උපක්‍රම මඟින් ඔබේ හය හතර නොදත් අහිංසක දරුවාව අන්තර්ජාලයේ අවභාවිතයෙන් ඈත් කරගන්න.