
A/L ICT
Higher Education
Internet
O/L ICT
Top Articles
World Top Most Popular Websites
ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී කොපමණ නම් වෙබ් අඩවි ප්‍රමාණයකට යනවද? ඒ අතුරින් ඔබ අනිවාර්යෙන්ම,දිනපතාම යන එන වෙබ් අඩවි කිහිපයක් ඇති නේද.. අන්න එහෙම ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන්නන් වැඩිපුර යන එන වෙබ් අඩවි ලොව ප්‍රසිද්ධම සහ ජනප්‍රියම වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීම අනුව කොහොමද පිහිටන්නේ කියලා තමයි මේ කියන්න යන්නේ.

1. Google
Google තමයි කොහේ ගියත් අංක එකට ඉන්නේ. එහෙම වෙන්නේ google සමාගම විසින් සපයන සේවාවන් විවිධ ප්‍රමානයක් තිබෙනවා. එම නිසා මාසිකව 1,600,000,000 ප්‍රමාණයක් භාවිතා කරන google තමයි පළමු ස්ථානයේ වෙබ් අඩවිය ලෙස සිටින්නේ.

2. Facebook
අපි කව්රුත් දන්නා හඳුනන facebook එක තමයි ලොව දෙවැනි ස්ථානය හිමිකර ගන්නේ. වර්තමානය වනවිට fb එකේ නැති කෙනෙක් නැහැනේ.ඔබත් උදේම නැගිට්ට ගමන් බලනවා ඇත්තේ facebook එක නේද. ඉතින් මෙහෙම දිනපතාම facebook ගියාම එය දෙවැනි ස්ථානයට එන එක අහන්න දෙයක් නැහැ නේද? සමාජ ජාල ගණයට අයත්වන මෙහි මාසිකව යන එන අය 1,100,000,000 ආසන්න ප්‍රමාණයක් සිටිනවා.

3. YouTube
වීඩියෝ එකක් බලන්න ඕන වුනාම අපි අනිවාර්යෙන්ම යන්නේ කොහෙද? youtube නේද? ඉතින් මේ වීඩියෝ නැරඹීමට තිබෙන youtube එක තමයි ලොව 3 වන ස්ථානය හිමිකරගන්නේ. Google සමාගමට හිමි මෙය මාසිකව 1,100,000,000 පමණ දෙනෙකු විසින් භාවිතා කරනවා.
4. Yahoo
Google එන්නත් කලින් ආරම්භ කරපු සමාගමක් තමයි Yahoo කියන්නේ. Yahoo සමාගම විසිනුත් email,search,news වගේ ගොඩක් සේවාවන් සපයනවා. ලොව ශ්‍රේණිගත කිරීම් වල 4 වන ස්ථානයේ සිටින මෙය මාසිකව 750,000,000 පමණ ප්‍රමාණයක් විසින් තව වැඩ කටයුතු සඳහා යොදාගනු ලබනවා.

5. Amazon
Amazon කියන්නේ online භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි ecommerce වෙබ් අඩවියකි. මාසිකව 500,000,000 පමණ දෙනා තම විකිණීම් සහ මිලදී ගැනීම සඳහා Amazon වෙබ් අඩවිය භාවිතා කරනු ලබනවා.
ලොව ඇති ජනප්‍රියම විශ්ව කෝෂය හෙවත් ඕනෑම දෙයක් ගැන,ඕනෑම පුද්ගලයෙක් ගැන,ඕනෑම ස්ථානයක් ගැන...ආදී නොයෙක් දේවල් ගැන තොරතුරු එක් රැස් කර ගබඩා කර තිබෙන අපිට තොරතුරු දැනගැනීමේ මූලාශ්‍රයක් ලෙස මෙය ඉතා ජනප්‍රියයි. මාසිකව 475,000,000 දෙනා මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනවා.

සමාජ ජාල වෙබ් අඩවි ගණයට අයත් වන මෙය ලොව ජනප්‍රිය හා ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් තම විස්තර,පින්තූර ආදිය පලකිරීමට මෙය යොදාගනු ලබනවා. මාසිකව 290,000,000 පමණ දෙනෙකු twitter භාවිතා කරන බව සොයාගෙන තිබෙනවා.

ලොව ප්‍රධාන පෙලේ පරිඝනක සම්බන්ධව වැඩ කරන Microsoft සමාගමේ සෙවුම් යන්ත්‍රය වන bing ලොව ජනප්‍රියම වෙබ් අඩවි අතර 8 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. 285,000,000 තරම් ප්‍රමාණයක් මාසිකව bing සමඟ එකතු වෙනවා.

9. eBay
ecommerce වෙබ් අඩවි ගණයට අයත් වන මෙයද ලොව පුරා 285,000,000 දෙනෙක් මාසිකව තම භාණ්ඩ හා සේවා විකිණීමටත් මිළදී ගැනීමටත් භාවිතා කරන නිසා ලොව ජනප්‍රියම වෙබ් අඩවි 10න් 9 වෙනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

10. Microsoft
ලොව ප්‍රසිද්ධම සමාගමක් වන මෙය මාසිකව 270,000,000 දෙනෙක් භාවිතා කරන්නේ තම පරිඝනක අවශ්‍යතා ඉටු කරගැනීමටයි.
