
දැන් මේ කියන්න හදන්නේ දැන්වීම් මඟින් මුදල් උපයන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැනයි. ලොව පුරා ඉතා ජනප්‍රිය දැන්වීම ප්‍රචාරණ සමාගමක් තමයි මේ BidVertiser කියලා කියන්නේ. ඔවුන්ගේ දැන්වීමක් click කරන සෑම විටම ඔවුන් ඒ සඳහා ගෙවීමක් කරනවා. දිනකට visits 100ක් පමණ තිබුනත් ඔබට 0.5 $ ක් පමණ උපයන්න පුළුවන්. ඔවුන් නවකයන් දිරිමත් කිරීම සඳහා අඩු මුදල් ලබාගැනීමේ සීමාවක් ලබාදී තිබෙනවා. 10 $ ක් ඉපයීමට හැකි වුනොත් ඔබට එම මුදල් ලබාගන්න පුළුවන්.මුදල් ලබාගැනීමට පහත ක්‍රම යොදාගන්න පුළුවනි.

* Paypal – අවමය $10
* Western Union – අවමය $100
* Check – අවමය $100
* Wire Transfer – අවමය $10
BidVertiser භාවිතයේ තිබෙන වාසි -
- පහසුවෙන් ලියාපදිංචි වීමේ හැකියාව
- ඔබේ වෙබ් අඩවිය දැන්වීම ප්‍රසිද්ධ කිරීමට අනුමත කරගත යුතු නොවීම
- දැන්වීම පලකල හැකි විවිධ ක්‍රමවේද තිබීම (Pay Per Click Ads, Conversions, Toolbar, XML Feeds, Pop Unders and Slider Ads)
- Referral වැඩසටහනක් තිබෙන නිසා ඒ හරහාද මුදල් සෙවිය හැකිවීම
- Google Adsense වෙනුවට හොඳ විකල්පයක් වීම
- ඕනෑම භාෂාවක වෙබ් අඩවියකට සහය ලබාදීම
BidVertiser භාවිතයේ තිබෙන අවාසි -
- BidVertiser වෙබ් අඩවියේ ආකර්ශනීය බවක් නොතිබීම
- නොගැලපෙන දැන්වීම් පවා ප්‍රචාරණය විය හැකිවීම
- scam වැනි හානිදායක දැන්වීම් අඩංගු වීම
- මුදල් ලබාගැනීමට Paypal ක්‍රමය විතරක් භාවිතා වීම.
Bidvertiser මඟින් මුදල් ඉපයීම

ඉහතින් දැක්වෙන්නේ Bidvertiser මුල් පිටුවයි. එහි තිබෙන Sign up link එක භාවිතා කර ඔබට පහසුවෙන්ම ලියාපදිංචි වීමේ හැකියාව ලැබේ.

ඔබගේ නම, දුරකථන අංකය, email ලිපිනය සහ password එක යොදා ලියාපදිංචි වන්න. ඔබගේ email එකට එවන confirm link එක භාවිතා කර ගිණුම සක්‍රීය කරගන්න.
දැන් ඔබට ඔබගේ Bidvertiser ගිණුමට ඇතුල් විය හැකිය. ඉන්පසුව Add New Bidvertiser යටතේ ඔබගේ වෙබ් අඩවියේ විස්තර ඇතුලත් කර දැන්වීම පලකිරීමේ ප්‍රවේශය ලබාගත යුතුය.

ඔබ Bidvertiser වැඩසටහනට අලුත් නිසා අලුතෙන්ම වෙබ් අඩවියක් ඇතුලත් කිරීම සිදු කල යුතුය. එසේ කල පසුව ඔබගේ වෙබ් අඩවි ඇතලත් කොටස හෙවත් dashboard එකේ පහත ලෙස පෙන්නාවි.

1. Choose Template මඟින් ඔබගේ වෙබ් අඩවියේ ඇතුලත් කරන දැන්වීම් වල ප්‍රමාණය සහ ආකාරය සකස් කිරීම කල හැකිය.

ඔබට අවශ්‍ය දැන්වීම් ප්‍රමාණ සකස් කර update කල විට එය code එකට ඇතුලත් වේ. අන්තර්ජාතික සම්මත වෙබ් දැන්වීම් වල ප්‍රමාණයන් ඔබට පහතින් තේරුම් ගත හැකිය.

2. Get Ad Code මඟින් ඔබගේ සකස් කරන ලද දැන්වීමට අදාළ code එක ලබාගත හැකිය.

මෙම code එක copy කර ඔබගේ වෙබ් පිටුවේ <body> ... </body> කොටස අතර paste කරන්න. ඉන්පසුව ඔබගේ වෙබ් පිටුව Bidvertiser සඳහා verify කරගන්න. එසේ කිරීමෙන් පසුව මෙම ad code එකම ඔබට දැන්වීම පලකල යුතු ස්ථානයේ යෙදීම මඟින් අදාළ දැන්වීම් නිරූපණය කෙරේ.