Breaking
Loading...
බූලියන් වීජ ගණිතය සහ තාර්කික ද්වාර

බූලියන් වීජ ගණිතය සහ තාර්කික ද්වාර

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ICT විෂය නිර්දේශයේ අත්‍යාවශ්‍ය පාඩම් මාලාවක් වන බූලීය වීජ ගණිතය සහ තාර්කික ද්වාර වල මූලික සංකල්ප ලෙස මෙම කොටස් හැඳින්විය හැකිය.

19 වැනි සියවසේදී ජෝර්ජ් බූල් විසින් නිර්මාණය කරන ලද Logic gates යනු ඩිජිටල් පද්ධතියක ඇති මූලික තැනුම් ඒකකයයි. එය ඉලෙක්ට්‍රොනික පරිපථයක් වන අතර ඊට ආදාන (input) එකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය හැකි අතර ප්‍රතිදාන (output) තිබෙන්නේ එකක් පමණි. ආදාන සන ප්‍රතිදාන නිර්මාණය වන්නේ කිසියම් තර්කන ශාස්ත්‍රයකට අනුවය.මෙහිදී ඇත හෙවත් true යන්න සඳහා 1 ද, නැත හෙවත් false සඳහා 0 ද භාවිතා කෙරේ. ද්වාර සටහන් ඇඳීමේදී ආදාන ලෙස A,B,C... ආදිය යොදාගන්නා අතර ප්‍රතිදානය සඳහා P,Q..X,Y ආදී සංකේත යොදාගනී.


බොහොමයක් ඉලෙක්ට්‍රොනික පරිපථ වල මෙම Logic gates දැකිය හැකි අතර ඒවායින් සිදුවන්නේ කිසියම් කොන්දේසියකට අනුකූලව ප්‍රතිපල ලැබීමයි.

Logic gates ප්‍රධාන වශයෙන් Basic Logic gates සහ Combinational Logic gates, එනම් මූලික තාර්කික ද්වාර සහ සංයුක්ත තාර්කික ද්වාර ලෙස කොටස් දෙකකට වර්ග කල හැකිය.

1. මූලික තාර්කික ද්වාර - AND Gate, OR Gate, NOT Gate


2. සංයුක්ත තාර්කික ද්වාර - NAND Gate, NOR Gate, XOR Gate, XNOR Gate


1. මූලික තාර්කික ද්වාර -


AND Gate

සියලුම ආදාන (ආදාන දෙකම) සත්‍ය (1) විට පමණක් ප්‍රතිදානය සත්‍ය (1) වන අවස්ථාව මෙය වේ. Q=A.B ලෙස මෙහි ප්‍රකාශනය ලැබේ.


OR Gate

ආදාන දෙකෙන් එකක් හෝ සත්‍යවිට ප්‍රතිදානය සත්‍යවීම මෙහිදී සිදුවේ. මෙය Q=A+B ප්‍රකාශනයෙන් ලැබේ.

NOT Gate

ආදානය සත්‍ය විට ප්‍රතිදානය අසත්‍යය වන, ආදානය අසත්‍ය විට ප්‍රතිදානය සත්‍ය වන අවස්ථාව මෙය වේ. එනම් ආදානයට විරුද්ධ වටිනාකම මෙහිදී ලැබේ. NOT ද්වාරය Inverter හෙවත් අපවර්තකය ලෙසද හැඳින්වේ.


2. සංයුක්ත තාර්කික ද්වාර -


NAND Gate

NOT සහ AND ද්වාර දෙකෙහි සංයුක්තය ලෙස NAND හැඳින්වේ. NAND=NOT+AND.AND වලදී ලැබෙන ප්‍රතිදාන ප්‍රතිපල වල  විරුද්ධ අගයන් මෙහිදී ලැබේ.


NOR Gate

NOT සහ OR ද්වාර දෙක එකතුවී NOR ද්වාරය නිර්මාණය වේ. NOR=NOT+OR. OR වලදී ලැබෙන ප්‍රතිදාන ප්‍රතිපල වල විරුද්ධ අගයන් මෙහිදී ලැබේ.


XOR Gate

XOR වල X යන්නෙන් සංකේතවත් වන්නේ Ex හෙවත් Exclusive යන්නයි.

XNOR Gate

Exclusive NOR යන්න මෙමඟින් අර්ථවත් කෙරේ.