Blogger I ( What is Blogger? )

Blogger I ( What is Blogger? )

blogger යනු කුමක්ද?

Google සමාගම විසින් තමන්ගේ gmail සේවාව සමඟ සම්බන්ධ වී සිටින පරිශීලකයන්ට නොමිලේ ලබාදෙන ඉතා අනර්ඝ සේවාවකි. මෙය මුල් වකවානුවේ භාවිතා කරේ තමන්ගේ පුද්ගලික තොරතුරු,පින්තූර,එදිනෙදා සිදුකල වැඩ කටයුතු තම මිතුරන්ට දැනගත හැකිවන ලෙස ප්‍රසිද්ධ කිරීමටය. හරියට facebook වගේ. සත්‍ය වශයෙන්ම කිවහොත් blogger අයත් වන්නේ social media networks නම් කාණ්ඩයට වේ. පසුකාලීනව google සමාගම විසින් මෙම blogger සේවාවට එක් කරන ලද විශේෂතා නිසා වර්තමානය වනවිට blogger යනු වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට යොදාගත හැකි මට්ටමේ මෙවලමකි. ලොව පුරා internet පරිශීලකයන් තම දැනුම අන් ඇය සමඟ බෙදාහදා ගැනීමටත්, විනෝදාස්වාද කටයුතු සඳහාත් blogger මඟින් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කර තිබේ. එමෙන්ම මෙහි ඇති විශිෂ්ටත්වය වන්නේ blogger එකක් මඟින් මුදල් ඉපැයීමේ හැකියාව ලැබීමයි.! ඔව්..ඇත්ත වශයෙන්ම එය සිදුකල හැකිය. මසකට $ 10 සිට 1000 දක්වා පමණ මුදල් ප්‍රමාණයන් සොයන blogger කරුවන් (blogger නිර්මාණය කරන පුද්ගලයන් හඳුන්වන්නේ එසේය) ලොව පුරා සිටී.
අප සමඟ රැඳී සිටිමින් අදාළ පාඩම් එකින් එක අනුගමනය කර අලංකාර blogger එකක් නිර්මාණය කරන්නේ කෙසේද, එයට posts යොදන්නේ කෙසේද, බ්ලොග් අඩවිය සඳහා බ්ලොග් කියවන්නන් ලබාගන්නේ කෙසේද, එය ජනප්‍රිය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම මුදල් උපයන්නේ කෙසේද යන්න පිළිබඳවද ඔබට පහසුවෙන්ම දැනගත හැකිය.

එහෙනම් අපි දැන් බලමු කොහොමද බ්ලොග් එකක් නිර්මාණය කිරීම පටන් ගන්නේ කියල. Google සමාගම විසින් බ්ලොග් නිර්මාණය කිරීමට අවසර දීලා තියෙන්නේ තමන්ගේ Gmail භාවිතා කරන අයට විතරයි. එහෙනම් මුලින්ම කරන්න ඕන තමන්ගේම කියලා Gmail ගිණුමක් නිර්මාණය කරගන්න එකයි.

පහත තියෙන්නේ Gmail ගිණුමක් ආරම්භ කරන්න තියෙන මුල් පිටුවයි.තමන්ගේ සම්පූර්ණ නියම නම,සුදුසු email නම, password එක,දුරකථන අංකය වගේ විස්තර තමයි දෙන්න ඕන. මේ දෙන සියලු විස්තර සත්‍ය වෙන තරමට හොදයි.මොකද ඔයා බ්ලොග් එක මඟින් මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න ඕන. ඒ වගේම දීර්ඝකාලීනව, ඒ කිව්වේ සදාකාලිකවම භාවිතා කරන තමන්ගේම දුරකථන අංකයක් දෙන්න. මොකද තමන්ගේ account සම්බන්ධව ප්‍රශ්නයක් ඇති උනොත් recovery කරගන්න එහෙමත් නැත්තන් වැරදි නිවැරදි කරගන්න ඒක ගොඩක් වැදගත් වෙන නිසා.



Gmail ගිණුමක් තියෙන කෙනෙක් නම් තමන්ගේ email address එකයි, password එකයි දීලා account එකට log වෙන්න. දැන් වැඩේ අවසන් කරාට පස්සේ ඔන්න තමන්ටම කියලා gmail එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් බ්ලොග් එකක් නිර්මාණය කරගන්න පුළුවන් කියන එකයි.


මෙන්න මේ වගේ  ලැබෙන අතුරු මුහුණතක් මඟින් දැන් ඔයාලට email එක සහ password එක දීලා www.blogger.com හරහා blogger එකට සම්බන්ධ වෙන්න පුළුවන්.


Related Articles

  • Blogger2016-07-05Blogger Template Layout කොටසින් පසුව අපිට ලැබෙන්නේ template කියන කොටසයි. බ්ලොග් එකේ පෙනුම සක… Read More
  • Basic of Computer2016-07-06Fundamentals of Computers මෙම කොටසේදී පරිඝනක ගැන මූලික විස්තර කතා කරනු ලැබේ. පරිඝනක මෘදුකාංග,දෘඩාංග මෙන… Read More
  • Basic of eMoney2017-01-01Youtube මඟින් මුදල් ඉපයීම Youtube ගැන අහලා නැති කෙනෙක් නැහැ නේද. මොකක් හරි video එකක් අපිට බලන්න අවශ්‍ය ව… Read More
  • Blogger2016-07-05Blogger Settings මෙමඟින් තමයි බ්ලොග් එකේ settings හදාගැනීම කල යුත්තේ. Title - ඔබ බ්ලොග් එ… Read More
  • A/L ICT2016-12-20Top Most Popular Search Engines Top Most Popular Search Engines, එහෙමත් නැතිනම් ලොව ඉතා ජනප්‍රිය වැඩිපුරම භාවිත… Read More
  • A/L ICT2016-07-18Google Overview නැතුවම බැරි Google මුලින් BackRub යන නමින් හැඳින්වූ Google යනු ලොව ඉතා ජන… Read More