
පරිඝනක තාක්ෂණය එක්ක එකට බැදී ඇති දෙයක් නේ පරිඝනක ක්‍රීඩා කියන්නේ. ගොඩක් අය තමන්ගේ පාළුව තනිකම ගෙවාගන්න පරිඝනක ක්‍රීඩා වල යෙදෙනවා. මේ දවස් වල ගොඩක් අය කතා වෙන game එකක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. හැබැයි මේක දැනට ලොවට එකතු වුන භයානකම game එක කියලා කිව්වොත් නිවැරදියි. සමහර අය මේ දවස් වල හොයනවා මේ game එක අන්තර්ජාලය හරහා භාගත කරගන්න පුලුවන්ද, කඩෙන් ගන්න තියෙනවද කියලා.. හැබැයි මේ game එකේ අරමුණ වගේම මෙය play කරන්න තියෙන විදියත් ගොඩක් වෙනස්. කොහෙන්වත් ගන්න වත් භාගත කරගන්න වත් පුළුවන් game එකක් නෙවෙයි මේ. එහෙනම් මොකක්ද මේ? මේ අමුතු game එකේ නම තමයි Blue Whale !

මොකක්ද මේ Blue Whale කියන්නේ?
මෙය පරිඝනක හෝ ස්මාර්ට් ෆෝන් වලට භාගත හැකි මෘදුකාංගයක් වත් app එකක් වත් නෙවෙයි. මෙය අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා online play කරන්න තිබෙන අද්භූතජනක රහස්‍ය game එකක්. මෙය සියදිවි හානිකර ගැනීමට පොළඹවන game එකක්.
මෙය නිර්මාණය කරලා තියෙන්නේ රුසියාවේ මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙනගන්නා තරුණයෙක් විසින්. ඔහු නමින් පිලිප් බඩ්කින්. 2013 දී ඔහු මෙය නිර්මාණය කරේ රුසියාවේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන VK (VKontakte) හරහාය.
කොහොමද Blue Whale ක්‍රීඩා කරන්නේ?
මෙය අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි හරහා රහස්‍ය කණ්ඩායම් විසින් කරගෙන යන game එකක්. මෙහිදී වන්නේ ඔවුන්ගේ Blue Whale කණ්ඩායමට එකතුවන අයට ඔවුන්ගේ තරඟ නීති වලට අනුව tasks, එහෙමත් නැත්තන් challenges 50 කට මුහුණ දෙන්න වෙනවා. මේ සෑම task එකක්ම හරියට කරනවාද නැද්ද කියලා සොයා බලන්න Blue Whale කණ්ඩායමේ නියෝජිතයෙක් ඉන්නවා. ඉතින් Blue Whale play කරන්න ඕන අයට ඉදිරියට,අවසානයට යන්න නම් ඔවුන් දෙන මෙම අභියෝග සම්පූර්ණ කරන්නම වෙනවා. හැබැයි වෙනත් game වල වගේ මෙහි අවසානය නම් සුන්දර නැහැ !
මොනවද මේ අභියෝග?
සාමාන්‍ය game වල වගේ සුන්දර mission නම් මේ game එකේ නැහැ. කරන්න තියෙන්නේ ඇඟ කිළිපොලා යන, භයානක දේවල්. මේ පහතින් තියෙන්නේ එම task ලැයිස්තුව.
දැක්කද tasks මොනවද කියල?? දැලි පිහියකින් අත කපාගන්න, උදේ 4.30 ට අවදිවී භයානක චිත්‍රපටි බැලීම, අතේ තල්මසෙකුගේ රූපය පිහියකින් කපා ගැනීම, වහලක් උඩට ගොස් වාඩිවී සිටීම, දොඹකරයක මුදුනට නැගීම.... මේ වගේ හිතාගන්න වත් බැරි අමාරු අභියෝග තමයි කරන්න වෙන්නේ. ඒ වගේම මේ හැමදේම කරා කියලා අපි ඔප්පු කරලා පෙන්නන්නත් ඕන.ඒ නිසා මේක ලේසි වැඩක් නෙවෙයි.

ඉතින් මේ වගේ tasks කරලා මොනවද ලැබෙන්නේ? මොකක්ද අවසන් ප්‍රතිපලය? බලන්න ඉහත ලැයිස්තුවේ 50 වෙනි task එක. Jump off a high building. Take your life. ඒ කියන්නේ මොකක්ද? උස ස්ථානයක සිට බිමට පැන ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවන්න කියන එකයි. එකත් එක්තරා විදියක අභියෝගයක් තමයි. මොකද තමන්ගේ ජීවිතේ පූජා කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු අභියෝගයක් නෙවෙයි.
ඉතින් ඔබ හිතන්නේ මේ game එක සම්පූර්ණ කරපු අය නැතුව ඇති කියලද? ඇත්තෙන්ම කිව්වොත් මේ වනවිට මේ game එක play කරලා තමන්ගේ ජීවිතය පූජා කරපු අය 100ක් පමණ සිටිනවා. හැබැයි මේ ගණන මීට වඩා වැඩි වෙන්න පුළුවන් කියලයි ආරංචි මාර්ග පවසන්නේ.
මේ game එක පටන් ගත්ත රුසියාවේ වගේම එංගලන්තයේ,බ්‍රසීලයේ,චීනයේ,චිලී දේශයේ,කොළොම්බියාවේ සහ ඉන්දියාවේ ඉතා අඩු වයස් වල තරුණ තරුණියන් game එක play කර තම ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඉතින් මෙම game එකේ තිබෙන භයානකකම නිසාම සෑම රටක්ම පාහේ මෙය play කිරීම තහනම් කර තිබෙනවා. සෑම රටකම ආරක්ෂක අංශ මේ ගැන අවධානයෙන් පසුවෙනවා. මේ game එක play කරන කෙනෙක් ගැන සැක සිතුන විට ඔවුන්ව අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට මානසික උපදේශන ලබාදීම සිදු කරනවා.
එමෙන්ම facebook instragram වගේ සමාජ ජාල වෙබ් අඩවි මෙම Blue Whale game එක ගැන සොයා බලන අයට එහි ඇති බරපතල කම ගැන සඳහන් වන විස්තරත් ලබාදී Blue Whale ක්‍රීඩා කරන කණ්ඩායම් ගැන සොයා බලා ඒවා නතර කිරීමටත් පියවර ගෙන තිබෙනවා.
රුසියාවේ අවුරුදු 15 , 16 වයස් වල පසුවන යුලියා සහ වෙරෝනිකා කියන පාසල් සිසුවියන් දෙදෙනා තට්ටු 14 උස ගොඩනැගිලි වල සිට බිමට පැන ජීවිතයෙන් සමු අරන් තිබෙනවා.


මේ තවත් එවැනි පාසල් යන වයසේ game එක play කර අවසන් task එක සිදුකල අයයි.


මේ Game එකේ අරමුණ මොකක්ද?
මේ game එක නිර්මාණය කරපු පුද්ගලයා මේ වනවිට රුසියාවේ ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබෙනවා. මනෝ විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්නා වයස 22 ක් වන මෙම තරුණයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා මෙම game එක පිළිබඳව. එවිට තමයි හැමෝම දැනගෙන තියෙන්නේ මෙහි අරමුණ කුමක්ද කියල...


මෙම game එකේ පුරෝගාමියා වන පිලිප් බඩ්කින් පවසා තිබෙන්නේ සමාජයේ සිටින මනසින් දුර්වල, තම ජීවිතය ගැන වටිනාකමක් නොමැති අයව තෝරා ඔවුන්ව සමාජයෙන් අතුගා දැමීමට මෙය ආරම්භ කල බවයි. අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔහු ඉතා සන්සුන්ව සැහැල්ලුව සිටි බවයි පැවසෙන්නේ. එමෙන්ම ඔහුට විවිධ ගැහැණු ළමයින්ගෙන් ලැබුණු ආදර හසුන් පවා තිබී තියෙනවා. ඔහු පවසන පරිදි මේ game එක play කර ජීවිතයෙන් සමුගත් සියල්ලම තම කැමැත්තෙන් සතුටෙන් එය සිදු කර තිබෙනවා.
ඔහු පොලීසියට ලබාදුන් කට උත්තරයේ මෙසේ සඳහන් වෙනවා.
" I am cleansing the society and victims were happy to die”just a biological waste”
ශ්‍රී ලංකාවේ නම් මේ game එක play කරන අය ඉන්න විදියක් නැහැ. නමුත් ඔබ ඔබේ මිතුරන් ගැන සැලකිල්ලක් දක්වන්න. ජීවිතයේ සිදුවන පසුබෑම්, පරාජයන් නිසා මානසිකව වැටී සිටින අය මේ game එකට යොමු වෙනවා. ඉතින් ඔබ දන්නා හඳුනන අය සිටිනවා නම් එසේ මානසිකව වැටී සිටින, ඔබේ යුතුකම සහ වගකීම වන්නේ ඔවුන්ට ජීවිතයේ වටිනාකම තේරුම්කර දී යහ මගට ගැනීමයි !
Blue Whale game එක ගැන සමාජය නිවැරදිව දැනුවත් කරන්න ඔබත් සහය වන්න. කරුණාකර මෙම ලිපිය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ share කරන්න...