Breaking
Loading...
දන්නේ නැති Numbers හොයාගන්න Truecaller

දන්නේ නැති Numbers හොයාගන්න Truecaller

ජංගම දුරකතනයක් කියන්නේ අද කාලේ අපිට නැතිවම බැරි උපකරණයක් නේ. මීට අවුරුදු 10කට වගේ පෙර සිට තමයි අපේ රටේ ජංගම දුරකථන ජනප්‍රිය වුනේ. එමෙන්ම ස්මාර්ට් ෆෝන් සැවොම අතර ප්‍රචලිත වුනේ පසුගිය වසර 5ක පමණ කාලයක් සිටයි.

මේ ජංගම දුරකථන භාවිතයේ හොඳ වගේම නරකත් තිබෙනවා.වර්තමානය වනවිට සමාජයේ සිදුවන ගොඩක් වැරදි අපරාධ වලට මෙම ජංගම දුරකථන බලපෑමක් එල්ලකර ඇති බව පෙනී යනවා.ගොඩක් අය නවීන තාක්ෂණය ගැන හොඳ දැනුමක් නොමැතිවීම සහ තාක්ෂණය අවභාවිතා කිරීම නිසා තමයි මෙවැනි ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නේ.


බොහෝ දෙනෙක් දුරකථන යොදාගෙන කරන දෙයක් තමයි වෙනත් කෙනෙක්ව රැවටීම බය කිරීම. සමහර අය විනෝදයට මෙය කරන අතර තවත් අය ඇත්තටම බය කිරීමට තර්ජනය කිරීමට මෙසේ සිදු කරනු ලබනවා. ගොඩක් අය අලුතෙන් සිම් එකක් ගත්ත ගමන් කරන දෙයක් තමයි තමන්ගේ පවුලේ අයව මිතුරන්ව බයිට් කරන එක. හැබැයි දැන් නම් e සෙල්ලම කරන්න ලැබෙන්නේ නැහැ. මේ කියන්න හදන්නේ කෝල් එක ගන්න අපිව බය කරවන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

ලොවපුරා තිබෙන ඕනෑම සමාගමකට අයිති ඕනෑම දුරකථන අංකයක් ගබඩා කරගෙන නිර්මාණය කර තිබෙන අරුම පුදුම මෘදුකාංගයක් ගැනයි මේ කියන්නේ අපි. ඒ තමයි Truecaller. සමහර අය නම් මේක දැනටමත් ජංගම දුරකතන වල භාවිතා කරනවා ඇති. Truecaller ගැන දන්නා නොදන්නා හැමෝටම දැනගන්න තමයි මේ Truecaller ගැන කියන්න හදන්නේ.

Truecaller කියන්නේ මොකක්ද?


* අපි මුල්ම කාලේ අපිට අවශ්‍ය සෑම දුරකථන අංකයක්ම save කරගන්නේ phone book භාවිතා කරගෙනයි. නමුත් අවාසනාවට හරි phone එකට මුකුත් වුනොත් තියෙන ලිස්ට් එක delete වුනොත් එහෙම ආපහු අංක සොයාගන්න බැහැ. calls,messages එන්නේ කාගෙන්ද කියලා හිතාගන්න බැහැ. ඉතින් මේ ප්‍රශ්නයට මුහුණ දුන්න තරුණයෙක් කල්පනා කරා මෙයට විසඳුමක් සොයන්න. ඒ අනුව තමයි 2001 දී Alan Mamedi සහ Nami Zarringhalam කියන යාළුවො දෙන්නා එකතු වෙලා නිර්මාණය කරන්නේ කුඩා මෘදුකාංගයක්. ඒ තමයි මේ Truecaller කියලා කියන්නේ. ඔවුන් මෙය සකස් කර Google Play Store දැමූවිට පළමු සතිය ඇතුළතම භාගත කරගැනීම් 10,000 ඉක්මවා ඇතිබව දැක්කා.

 

                                              Alan Mamedi                          Nami Zarringhalam

2010 වනවිට ඔවුන්ට Truecaller app එක සඳහා ලැබුන ඉල්ලුම වැඩි නිසා ඔවුන්ගේ රැකියාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී Truecaller app එක නිර්මාණය කර වැඩි දියුණු කිරීම සඳහා යොමුවිය. ලොව පුරා සියලු රටවල් වල දුරකථන සමාගම්, yellow pages ආදිය සමග එකතුවී ඔවුන්  වර්තමානය වන විට මෙම Truecaller app එක වැඩි දියුණු කර තිබෙනවා. මෙය ඉතා විශාල database එකක් නිසා Truecaller සමාගම මේ වනවිට විශාල සේවක සංඛ්‍යාවකින් සමන්විත බහුජාතික සමාගමක් වී තිබෙනවා. මෙහි ප්‍රධාන ශාඛාව ඇමරිකාවේ ඇති අතර අනිත් ශාඛා ස්වීඩන් සහ ඉන්දියා ආශ්‍රිතව පැතිරී පවතිනවා.

ඉතින් කොහොමද මේ Truecaller වැඩ කරන්නේ.. මෙය apple සහ android දුරකථන සඳහා app එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. එමෙන්ම Truecaller වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඕනෑම රටක ඕනෑම සමාගමක දුරකථන අංකයක් ඇතුලත් කිරීමෙන් එය කාගේද යන්න සොයාගත හැකිය.

https://www.truecaller.com/


හැබැයි ඔබට එම අංකයේ හිමිකරුගේ සියලු විස්තර නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. මෙහිදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.

උදාහරණයක් විදියට මෙහෙම හිතමු. A,B සහ C කියලා පුද්ගලයින් 3ක් ඉන්නවා. A සහ B කියන දෙන්නා මිතුරන්. A පුද්ගලයාගේ දුරකතනයේ B පුද්ගලයාගේ දුරකථන අංකය save කර තිබෙනවා. A සහ B දෙන්නම Truecaller app එක භාවිතා කරනවා. A සහ C දෙන්නත් මිතුරන්. නමුත් B සහ C මිතුරන් නෙවෙයි. B පුද්ගලයා C ට ඇමතුමක් ගන්නවා. C ළඟ B ගේ අංකය නොමැති නිසා සාමාන්‍යයෙන් වෙන්න ඕන C ගේ දුරකතනයේ එම නොදන්නා අංකය පමණක් පෙන්වීමයි. නමුත් A කියන පුද්ගලයා තම මිතුරු B ගේ දුරකථන අංකය save කර තිබෙන නිසාත් ඔවුන් Truecaller භාවිතා කරන නිසාත් Truecaller දත්ත ගබඩාව තුල B ගේ නම save වී තිබෙනවා. ඉතින් C ට Truecaller හරහා ඇමතුම එනවිට අර නාමය පෙන්නුම් කරනවා. එවිට තමන්ට පැමිණෙන දුරකථන අංක ගැන දළ අදහසක් වත් ලබාගන්න පුළුවන්.


ඉතින් මේ සේවාව ලබාගන්න නම් තමන්ගේ දුරකතනයේ Truecaller app එක තිබිය යුතුයි. ඔබගේ දුරකතනයේ වර්ගය අනුව ඔබට එය නොමිලේම ලබාගන්න පුළුවන්. ඉන්පසුව ඔබේ දුරකථන අංකයට පැමිණෙන ඇමතුම් Truecaller හරහා එන විදියට සාදාගත යුතුයි.

Truecaller ගැන වැදගත් කරුණු


* එකම අංක වලින් පටන් ගන්නා සියලුම දුරකථන අංක block කිරීමේ හැකියාව ඇත. උදාහරණයක් ලෙස +94 777 5***** වලින් පටන් ගන්නා සියලුම අංක block කිරීමේ හැකියාව ඇත.




* සැබෑ දුරකථන අංක තහවුරු කර ව්‍යාජ දුරකථන අංක spam ලෙස වර්ග කිරීමේ හැකියාව ඇත. මේ නිසා ව්‍යාජ අංක පහසුවෙන් report කර අන් අයට විය හැකි කරදර නැතිකළ හැකිය.



* අන්තර්ජාල පහසුකම් නොමැති වෙලාවටත් Truecaller පහසුකම් ලබාගත හැකිය.

ඉතින් එහෙනම් මීට පස්සේ වෙන කෙනෙක්ව දුරකථන ඇමතුමක් හරහා රවට්ටන්න කලින් දෙපාරක්ම සිතන්න වෙයි. නැත්තන් ඉතින් අන්තිමේදී byte වෙන්නේ ඔයාම තමයි !