
Basic Syntax (මූලික කාරක රීති)
PHP කාරක රීති යනු PHP කොටසක් නිවැරදිව ධාවන කරන්නේ කෙසේද යන්නයි. PHP ලිවීම ආරම්භ කරන්න පහත ක්‍රම තුන භාවිතා වේ.
☑ <?php මඟින් ආරම්භ වී ?> මඟින් අවසන් වේ.
☑ <? යන කෙටි tag එකෙන් ආරම්භ වී ?> යන tag එකෙන් ද අවසන් කල හැකිය.
☑ තිත් කොමාව ; මඟින් සෑම php ප්‍රකාශයක්ම අවසන් වේ.
☑ PHP Echo සහ Print ලෙස ප්‍රකාශ දෙකකින් ප්‍රතිදානය නිරූපණය කරවයි.
PHP Print මඟින් එක string එකක් හෝ variable එකක් ප්‍රතිදානය කරයි. Print මඟින් arguments කිහිපයක් සමර්ථ කල නොහැකිය.
නමුත් Print යන්න Echo වලට වඩා සෙමින් සිදුවේ.
PHP Echo මඟින් string එකක්, variable එකක් හෝ string කිහිපයක් variable කිහිපයක් වුවද ප්‍රතිදානය කල හැකිය. එමෙන්ම arguments කිහිපයක් වුවද run කල හැකිය.
PHP Comments -
ඕනෑම වැඩසටහන්කරණ භාෂාවක හොඳ ක්‍රියාමාර්ගයක් (good practice) ලෙස comments දැමීම සඳහන් කළ හැකිය. මෙම comments web browser එක මඟින් ප්‍රතික්ෂේප කරන අතර comments දැමීමේ අරමුණ වන්නේ විශාල කේතයන් ප්‍රමාණයක් එකතු වීමේදී එම එක් එක් කේත කොටස් යොදාගෙන ඇත්තේ කුමක් සඳහාද යන්න සොයාගැනීම සඳහා වේ.
PHP වල comments යෙදෙන ආකාර දෙකක් ඇත.
1. Single line comments - single line comments යෙදිය හැකි ආකාර දෙකක් ඇත. ඒවා නම් # සහ // භාවිතා කිරීම.
// this is comment line
# this is comment line
2. Multi line comments - multi line comments යෙදීමට /* */ හෝ // හෝ # භාවිතා කල හැකිය.
/* this is a multiple line comment.
It will not execute.
*/
PHP Case Sensitivity
PHP classes,functions, keywords ආදිය case-insensitive වේ. එනම් ඔබට මේවා ඕනෑම ආකාරයකින්,simple හෝ capital ලෙස ලිවිය හැකිය.
උදාහරණයක් ලෙස echo යන්න Echo,ECHO,echo ලෙසද, date යන function එක date,Date,DaTe,DATE ලෙස ලිවිය හැකිය.
නමුත් PHP variables case-sensitive වේ. එනම් ඔබට $name ආකාරය $NAME ලෙස ලිවිය නොහැකිය.
එමෙන්ම PHP වලදී සුදු හිස් අවකාශයන් තිබුනද ඒවා ප්‍රතික්ෂේප කිරීමක් සිදුවේ. එම නිසා කේතයන් අතර කොපමණ හිස් අවකාශ තිබුණද ගැටළුවක් නොවේ. HTML තුලට PHP යෙදීම - ඔබට HTML කේතය තුලට ඕන තරම් PHP කේත කොටස් යෙදිය හැකිය. * head කොටස ඇතුලට title එකක් ලෙස PHP එකතු කල හැකිය. * එක් PHP ගොනුවක් තුලට අවශ්‍ය තරම් PHP කේතයන් යෙදිය හැක. * html පිටුවේ ඕනෑම ස්ථානයකට PHP කොටස් යෙදිය හැකිය.
<?php
$random_number
=rand();
echo
"<br>Random number = "
.
$random_number
;
$random_number1
=RAND();
echo
"<br>Random number = "
.
$random_number1
;
$random_number2
=Rand();
echo
"<br>Random number = "
.
$random_number2
;
?>
Random number = 733769702
Random number = 1613696998
Random number = 1811900848
Random number = 1613696998
Random number = 1811900848