PHP සිංහලෙන් - IV

PHP සිංහලෙන් - IV

PHP install කිරීම -

PHP install කිරීමට ඔබට අමුතුවෙන් මෘදුකාංග රැසක් අවශ්‍ය වන්නේ නැහැ. Windows පරිසරයක PHP යෙදීමට කිරීමට අවශ්‍ය වන්නේ WAMP හෝ XAMP install කිරීම පමණයි.

XAMPP install කිරීම -

XAMPP යන්නෙහි අර්ථය කුමක්ද බලමු. X යන්නෙන් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් යන්න අදහස් වේ. එනම් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුළ XAMPP ක්‍රියාත්මක වේ.

A මඟින් Apache යන්නද,M මඟින් MySQL යන්නද,P යනු PHPද, අනිත් P යන්නෙන් Perl නම් වැඩසටහන්කරණ භාෂාවද අදහස් කෙරේ.

1. පළමුව XAMPP ඔබේ පරිඝනකයට download කරගන්න.



2. පහත උපදෙස් අනුගමනය කරමින් එය install කරගන්න.








3. මෙය install කිරීමෙන් පසුව ඔබට control panel එක පෙන්නුම් කරාවි. එහි Apache ඒකකය ක්‍රියාත්මක වීමට Apache සහ MySQL කොටස් start කරගන්න.


4. ඔබේ web browser එක විවෘත කර local host ලෙඅ type කර XAMPP හි ආරම්භක පිටුව ලබාගන්න.

5.XAMPP මගින් PHP නිවැරදිව ක්‍රියාත්මක වේද යන්න බැලීමට notepad එක ගෙන පහත කේතය සටහන් කර ඔබ කැමති නමක් යොදා .php extension යටතේ save කරගන්න. එය ඔබේ පරිඝනකයේ C partition එකේ XAMPP folder එකේ htdocs හි save කරගන්න.

<?php echo "Welcome to pTutorial group"; ?>

6. ඉන්පසුව web browser එකේ පහත address එක සඳහන් කර පහත ප්‍රතිදානය ලැබේද බලන්න. එසේ වේ නම් XAMPP server එක නිවැරදිව ක්‍රියාත්මක වේ.



Related Articles

  • PHP2017-07-26PHP සිංහලෙන් - I වැඩසටහන්කරණ භාෂා අතර ප්‍රමුඛව භාවිතා වන භාෂාවක් වන PHP ගැන සරලව මුල සිට තේරෙන ස… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - XIII PHP Function function එකක් යනු කිසියම් කේත කොටසකින් ලබාගන්නා ආදානයකට අනුකූල වට… Read More
  • English Tutorials2016-07-12PHP Scope of Variables•The scope of a variable is the range of statements in which the variable can be… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - II PHP Install කිරීම - PHP සමඟ වැඩ කිරීමට නම් ඒ සමඟ වැඩ කිරීමට මෘදුකාංග කිහිප… Read More
  • PHP2017-07-26PHP සිංහලෙන් - V Basic Syntax (මූලික කාරක රීති) PHP කාරක රීති යනු PHP කොටසක් නිවැරදිව ධාවන කරන්… Read More
  • English Tutorials2016-07-12PHP Functions# Functions Will make your code easy to read and reuse. # Large projects wo… Read More