
PHP Install කිරීම -
PHP සමඟ වැඩ කිරීමට නම් ඒ සමඟ වැඩ කිරීමට මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වෙනවා. මෙහි ඇති වාසිය නම් ඔබට මෙම මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාගත හැකිවීමයි.
✔ Dreamweaver - PHP ලිවීමට යොදාගත හැකි මෘදුකාංගයක්. මෙහි ඇති වාසිය නම් ඔබට කේතයන් ලිවීමට මෙම මෘදුකාංගයෙන් සහාය වෙනවා. නමුත් ඔබ PHP වලට අලුත් නම් ඔබ විසින් ලියන සියලුම කේතයන් Notepad එකක තනිවම ලිවිය යුතුයි. එම නිසා notepad එකක් භාවිතා කරන්න.
✔ WAMP හෝ XAMP Server - client පරිඝනකය තුළ PHP ධාවනය කිරීම සඳහා අවශ්‍ය වන server පහසුකම ලබාදෙන්නේ මේ මෘදුකාංග දෙකෙන් ඕනෑම එකක් භාවිතයෙනි.
WAMP හෝ XAMP Server එකක් භාවිතා කිරීමේ හේතුව වන්නේ අපි මුලින් සඳහන් කරා PHP කියන්නේ server පසුබිමින් ක්‍රියාත්මක වන භාෂාවක් කියලා. ඉතින් එවැනි භාෂාවකින් ලියූ කේතයන් සාමාන්‍ය පරිඝණකයක ධාවන වන්නේ නැහැ. එම නිසා server එකක් ලෙස ඔබේ පරිඝනකය පත් කිරීමට මේවා අවශ්‍ය වෙනවා.
✔ Web Browser - PHP මඟින් ලියූ කේතයන් නිවැරදිව දර්ශනය කිරීමට අවශ්‍ය වේ.
PHP install කිරීමට ඔබට අමුතුවෙන් මෘදුකාංග රැසක් අවශ්‍ය වන්නේ නැහැ. Windows පරිසරයක PHP යෙදීමට කිරීමට අවශ්‍ය වන්නේ WAMP හෝ XAMP install කිරීම පමණයි.
