මාර්ක් ගැන ඔබ දැන සිටියාද?

මාර්ක් ගැන ඔබ දැන සිටියාද?

Mark Zuckerberg කිව්වම කවුද නොදන්නේ? හැමෝම දන්නවා Mark Zuckerberg කියලා කියන්නේ ලොව සිටින ලාබාලතම බිලියනපතියා කියලා. ඔහු කොහොමද එහෙම වුනෙත් කියලා ඔබ දන්නවා ඇති නේ. ඔව්, ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන facebook හි හිමිකරු ඔහුයි. ඉතින් මේ හැම දෙයක්ම අපි හැමෝම දන්න කරුණු. හැබැයි ඔබ Mark Zuckerberg ගැන නොදන්නා කරුණු ගොඩක් තිබෙනවා. අපි ඔබට කියන්න හදන්නේ අන්න එම දේවල් ගැනයි.



1. Mark Zuckerberg හැමදාම අදින්නේ එකම විදියේ අළු පාට t-shirt එකක්. එසේ කරන්නේ ඔහුගේ තිබෙන චාම් බව නිසා සහ උදේට විවිධ ඇඳුම් තෝර තෝරා කාලය නාස්ති කරන්න අවශ්‍ය නැති නිසා.


2. Mark Zuckerberg වර්ණ අන්ධතාවයෙන් පෙළෙනවා. ඔහුට රතු සහ කොළ වර්ණ ඉතා පැහැදිලිව දර්ශනය වන්නේ නැහැ. ඔහුට හොදටම දර්ශනය වන්නේ නිල් පාට විතරයි. අන්න ඒ නිසා තමයි ඔහු facebook එකේ වර්ණය විදියට නිල් පාට තෝරාගත්තේ.

3. Mark Zuckerberg උසස් අධ්‍යාපනය ලබන කාලේ කෘතීම බුද්ධිය යොදාගෙන Synapse නම් media player එකක් නිපදවනවා. එහි තිබෙන විශේෂත්වය වන්නේ එම උපකරණය භාවිතා කරන පුද්ගලයාගේ ස්වභාවය සහ ආශාව අනුව ගීත නාද වී ක්‍රියාත්මකවීම සිදු වෙනවා. ඉතින්  Microsoft සහ AOL සමාගම් වලට මාර්ක්ව තම සමාගමට බඳවා ගැනීමට අවශ්‍යය වුනා.

4. Mark Zuckerberg ට Twitter වල 290,000 ක followers ලා සිටියත් ඔහු අවුරුදු හතරකටම tweets යොදා ඇත්තේ 19 වතාවක් පමණයි.

5. Mark Zuckerberg ට හංගේරියානු sheepdog වර්ගයට අයත් Beast නම් සුරතල් බලු පැටියෙක් සිටිනවා. ඔහු මෙම බලු පැටියා වෙනුවෙන් facebook page එකක් නිර්මාණය කර තිබෙන අතර එයට ලොව පුරා සිටින මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් like කර තිබෙනවා.


6. Mark Zuckerberg Harward විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ facemash නම් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. එය සාදා ඇත්තේ විශ්ව විද්‍යාලයේ සිටින අයගෙන් ආකර්ශනීයම පුද්ගලයා තේරීමටයි. 2010 දී මෙම facemash.com domain නාමය ඇමරිකානු ඩොලර් 30,000 කට අලෙවි වුනා.

7. Mark Zuckerberg ගේ අත ගත වාසනාවන්තිය වුනේ චීන ජාතික Priscilla Chan වන අතර ඇයගේ පවුලේ අය සමඟ කතා බහ කිරීමට අවශ්‍ය නිසා මාර්ක් 2010 දී චීන භාෂාව ඉගෙන ගැනීමට පටන් ගන්නවා. 2012 මැයි 19 මාර්ක් ඇය සමඟ අතිනත ගත අතර ඔහු බිලියනපතියෙක් වුනත් ඇයට පැළඳු මගුල් මුදුවේ වටිනාකම වුනේ ඇමරිකානු ඩොලර් 25,000 ක් පමණයි. මාර්ක් මෙම මුදුව තම අභිමතය පරිදි නිර්මාණය කරන ලද්දක් බවත් පැවසෙනවා.


8. Mark Zuckerberg ව ඔබට කවදාවත්ම facebook තුල block කල නොහැකිය. ඔබට එය උත්සාහ කිරීමට අවශ්‍ය නම් ගිහින් බලන්න ඔහුගේ facebook ගිණුමට.

9. Mark Zuckerberg කිසි දිනක මස් මාංශ ආහාරයට ගන්නේ නැහැ. ඔහු එක වරක් පවසා සිටියේ මම මස් ආහාරයට ගන්නේ එම සතා මම විසින්ම මැරුවොත් පමණයි කියල.

10. Mark Zuckerberg 2011 වසරේදී Google සමාගමේ සමාජ ජාල වෙබ් අඩවිය වන Google Plus හි වැඩිම followers සිටින හිමිකරු වෙනවා. Google සමාගමේ හිමිකරුවන් වන Larry Page සහ Sergey Brin දෙදෙනාටත් ඒ වනවිට එතරම් followers ලා සිටියේ නැහැ.

Mark Zuckerberg තම ධනයෙන් විශාල ප්‍රමානයක් සමාජයේ යහපත වෙනුවෙන් පූජා කරන පුද්ගලයෙක්. ඒ වගේම ඔහු ඉතා සරල චාම් ජීවිතයක් ගත කරනවා.

Related Articles