
පැරණි කතාවක් තියෙනවා අහලා ඇති මිනිසා අඟහරු ග්‍රහයා ගෙනුත්, කාන්තාව සිකුරු ග්‍රහයාගෙනුත් පැමිණි බව. කොහොම ආවත් කවුරු මැව්වත් මිනිසා සහ කාන්තාව අතර පවතින්නේ වෙනස් ගති ලක්ෂණයි. අපි මේ කියන්න යන්නේ ලොව පුරා සිටින බොහොමයක් ගැහැණුන් සහ පිරිමින් යොදාගෙන කරපු එක්තරා සමීක්ෂණයක ප්‍රතිඵල ගැනයි.
වැඩිපුරම online ඉන්නේ කවුද? මේ කියන්න හදන්නේ වැඩිපුරම අන්තර්ජාලය සහ සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ කවුද කියන එකයි. ඔබ facebook එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න චැට් එකේ කවුද වැඩිපුරම online ඉන්නේ කියලා. ගොඩක් අය කියාවි පිරිමි අය කියලා. ඒත් ඒකද ඇත්ත? ගොඩක් ගෑණු ළමයි online ඉන්නේ නෑ. offline දාගෙන ඉන්නේ චැට් එකේ. ඉතින් ඒක බොරු එහෙම නෑ කියලා ගෑණු ළමයින්ට කියන්නත් බැහැ. මොකද පහත ප්‍රතිඵල වලින්ම පෙන්නනවා ඇත්ත මොකක්ද කියලා.

ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන කාන්තාවන් සහ පිරිමින් යොදාගෙන තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. අන්තර්ජාලය භාවිතා කරන්නන් ගෙන් 74% ක් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනවා. මින් 72% ක් පිරිමින් වන අතර 76% ක් ගැහැණුන් වෙනවා.

ඒ අතරින් online සිටිමින් සමාජ ජාල හරහා මිතුරන් ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ද කාන්තාවන්ය. තවද ජංගම දුරකතනයෙන් සමාජ ජාල වලට පැමිණෙන ගණන අතින් බැලුවත් කාන්තාවන් තමයි වැඩිපුර ප්‍රමාණයක් සිටින්නේ.

අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් 71% ක් facebook භාවිතා කරනවා. මින් 66% ක් පිරිමින් වන අතර 76% ක් කාන්තාවන් වෙනවා.

facebook හි පිරිමි අයට වඩා කාන්තාවන් post යොදන අතර සිටින මිතුරන් ගණනද වැඩි බවයි සොයාගෙන තියෙන්නේ.

facebook හි තිබෙන games වලට වැඩිපුර ඇල්මක් ඇබ්බැහි වීමක් දක්වන්නේද කාන්තාවන් බව ඔබට විශ්වාස කරන්න පුලුවන්ද? පිරිමින්ගේ එම ප්‍රතිශතය 31% ක් වනවිට ගැහැණුන්ගේ එම ප්‍රතිශතය 69% ක් වෙනවා.

අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් twitter භාවිතා කරන ප්‍රමාණය facebook භාවිතා කරන අයට වඩා සාපේක්ෂව අඩුය. එම ගණන 18.5% ක් වෙනවා. මින් 15% ක් පිරිමින් වනවිට කාන්තාවන් 22% ක් twitter භාවිතා කරනවා.

අන්තර්ජාල භාවිතා කරන්නන් අතරින් 17% ක් instagram භාවිතා කරනවා. මේ අතුරින් වැඩිපුර සිටින්නේද කාන්තාවන් වන අතර එම ගණන 20% ක් වෙනවා.අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 15% ක් පිරිමින් ගණනක් තමයි instagram භාවිතා කරන්නේ.
සමාජ ජාල වෙබ් අඩවි තුළ ජනප්‍රිය විවිධ නිෂ්පාදන වලට පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ තිබෙන කැමැත්ත ද මෙම සමීක්ෂණයේදී සොයා බලා තිබෙනවා. ඒ අනුව තමයි පහත ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ.


තවත් සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් වන LinkedIn, Pinterest සහ Google+ වැනි ඒවාට කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ තිබෙන නැඹුරුතාවය පහත පරිදි සඳහන් වෙනවා.



මෙහිදී පෙනෙන දෙයක් තමයි LinkedIn සහ Google+ කියන සමාජ ජාල වෙබ අඩවි වලට වැඩිපුර කාන්තාවන්ගේ ආකර්ශනයක් නොමැති බව. එම වෙබ් අඩවි දෙකෙහිම පිරිමින් වැඩි ප්‍රමාණයක් සිටිනවා.
එමෙන්ම වීඩියෝ නැරඹීමට ලොව ජනප්‍රියම Youtube තුළත් කාන්තාවන්ගේ නියෝජනය අඩුවී තිබෙන බව පේනවා.

ලොවපුරා ක්‍රියාකාරී තත්වයේ තිබෙන Youtube ගිණුම් වලින් 54% පිරිමින් වන අතර 46% ක් කාන්තාවන් වෙනවා. නමුත් මේ අතුරින්ද දිනපතා Youtube වීඩියෝ බැලීමට එන පිරිමින් ගණන 25% ක් වන අතර කාන්තාවන් ගණන 17% ක් වෙනවා. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකු Youtube වීඩියෝ නැරඹීමට සතියකට පැයක කාලයක් ගත කරනවිට කාන්තාවන් සතියකට විනාඩි 35ක් පමණ ගත කරන බවයි සොයාගෙන තියෙන්නේ.
එසේ නම් මේ සෑම සමාජ ජාල වෙබ් අඩවියකම භාවිතය අනුව කාන්තාවන් ගැන සහ පිරිමින් ගැන පහත ආකාරයේ නිගමනයකට එළඹිය හැකි බව පෙනී යනවා.

එනම් කාන්තාවන් Facebook, Twitter, Instagram, Pinterest වැනි සමාජ ජාල වලට වැඩි ප්‍රියතාවක් දක්වන විට පිරිමින් Google+,LinkedIn,Youtube වැනි සමාජ ජාල වලට කැමති බවයි පෙනී යන්නේ.
එම නිසා සමීක්ෂණය කල අය පවසන්නේ කාන්තාවන් සෑමවිටම පිරිමින්ට වඩා කතාවට දක්ෂ නිසාත් තම අදහස් තොරතුරු අන් අය සමඟ බෙදාගැනීමට කැමති නිසාත් මෙසේ වී ඇති බවයි.