තොරතුරු පද්ධති වර්ග (Types of Information Systems)

ආයතනික කළමනාකරුවන් ගේ තොරතුරු අවශ්‍යතාවලට අනුව තොරතුරු පද්ධති නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. මේ අනුව එක් එක් තොරතුරු පද්ධති වර්ගයෙන් ආයතන විසින් බලාපොරොත්තු වන්නා වූ තොරතුරු අවශ්‍යතා වෙනස් වේ. නමුත් යම් ආයතනයක් තුළ ස්ථාපිත කොට ඇති වෙනස් වෙනස් තොරතුරු පද්ධතීන් අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ ආයතනය සමස්ත වශයෙන් ගත්විට, එහි මූලික පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීම උදෙසා මේ සෑම තොරතුරු පද්ධතියක්ම සහාය වීමයි. ප්‍රායෝගිකව බලන විට, වර්තමාන සංවිධාන තුළ පහත දැක්වෙන තොරතුරු පද්ධති වර්ග හදුනාගත හැකිය.

i. ගනුදෙනු සැකසුම් පද්ධතිය

ii. කළමනාකරණ තොරතුරු පද්ධතිය

iii. තීරණ ආධාරක පද්ධතිය

iv. විධායක තොරතුරු පද්ධතිය

v. නිපුණ පද්ධතිය

vi. කාර්යාල ස්වයංකරණ පද්ධතිය


හොඳ කළමනාකරණ තොරතුරු පද්ධතියක ගුණාංග (Characteristics of a good MIS)


කළමනාකරණ තොරතුරු පද්ධතියක් තුළ ඉහත සඳහන් කරන ලද උපාංගයන් අවශ්‍යයෙන් ම පැවතිය යුතුය. මීට අමතරව සාර්ථක කළමනාකරණ තොරතුරු පද්ධතියක් තුළ පැවතිය යුතු ගුණාංගයන් හෙවත් ලක්ෂණයන් කිහිපයක් පහත දැක් වේ.

☑️ පද්ධතිය මඟින් ආයතනයෙහි සෑම කළමනාකරුවෙකුටම අවශ්‍ය වන්නාවූ තොරතුරු අවශ්‍ය වේලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන්, අවශ්‍ය ස්ථානයේදී ලබා දිය යුතුය.

☑️ කළමනාකරණ තොරතුරු පද්ධතිය ආයතනයේ අධිකාරිත්ව ධූරාවලිය සහ ව්‍යූහයට ගැළපෙන පරිදි නිර්මාණය කිරීම වැදගත් වේ.

☑️ පද්ධතිය මඟින් කරුණුවලට (Facts) වඩා තොරතුරු දියුණු කිරීමට උත්සාහ දැරිය යුතුය.

☑️ ආයතනයෙහි සෑම මට්ටමකම සිටින කළමනාකරුවන් අතර සම්බන්ධීකරණයක් කළ හැකි පරිදි ඔවුන් ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීමට පද්ධතිය විසින් වග බලා ගත යුතුය.

☑️ එක් එක් කළමනාකරණ කාර්යයන් වලට අවශ්‍ය වන්නාවූ විශේෂිත තොරතුරු ලබාදීමේ හැකියාව පද්ධතිය සතු විය යුතුය. උදාහරණ ලෙස සැලසුම්කරණ තොරතුරු අවශ්‍යතා වෙනම ම හඳුනාගෙන ඒවා සපුරාලිය යුතුය.

☑️ ආයතනයට අභ්‍යන්තරව සහ බාහිරව විය හැකි සෑම මූලාශ්‍රයකින්ම පාහේ සැලකිය යුතු තොරතුරු ලබා ගෙන, ඒවා අවශ්‍ය පාර්ශවයන් වෙත බෙදා හැරීමේ හැකියාව පද්ධතිය සතු විය යුතුය.

☑️ ආයතනයේ එක් එක් කළමනාකරණ මට්ටම්වලට පහසුවෙන් අවබෝධකර ගත හැකි වන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීමේ (Presentation) හැකියාව පද්ධතියට තිබිය යුතුය. උදාහරණ ලෙස ප්‍රස්ථාර, වගු, රූප සටහන්, සංඛ්‍යා ලේඛන, සංකේත යනාදී විවිධාකාරයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම දැක්විය හැකිය.

☑️ පද්ධතිය තුළ ප්‍රමාණවත් සහ ගුණාත්මක ලෙස පරිගණක,පරිගණක ආශ්‍රිත සම්පත් සහ පුද්ගලයන් ලබා ගත හැකි විය යුතුය.


Related Articles

  • A/L ICT2016-07-26Issues of Wireless Networks රැහැන් රහිත ජාල පද්ධති වල අවාසි රැහැන් රහිත ජාල පද්ධති වල වාසි මෙන්ම අවාසි සහ… Read More
  • A/L ICT2016-07-27Information Systems - Part I තොරතුරු පද්ධති පිළිබඳ චින්තනය 1980 දශකය පමණ වන තෙක්ම කළමනාකරුවන් විසින් … Read More
  • A/L ICT2016-07-27Networking Models ජාල ආකෘති ජාලයක් පුරා පරිඝනක උපාංග සම්බන්ධ වන ආකාරය අනුව ජාල සැලසුම් කල හැකි ආ… Read More
  • A/L ICT2016-07-26Mobile Communication Generations ජංගම දුරකථන පරම්පරා 3G , 4G කියලා ඔයාලා අහලා ඇති නේද.. ඇත්තටම මොනවාද මේ.. ගොඩ… Read More
  • A/L ICT2016-07-27Networking Hardware ජාලවලට අවශ්‍ය දෘඩාංග පරිඝනක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමට … Read More
  • A/L ICT2016-07-26Wireless Technologies Wireless Technologies වල ඒවායේ පරාසය අනුව වර්ග කල හැකි ආකාර කිහිපයක් පවතී. දුර,… Read More