![Best Free Software for Graphic Designers](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOL4Joic60x_T8fjJ_ILFW3-UdOPJuFqB4MyfP4LpYQd9PR6A4XKtTpufAEm5WW7VvJ2YL8YCK5qZFSmr1cf1NBh7OI2GbH_FH-TFn5oDQgzCsaU3t2v_5PrOlop3hj-InqEkflmASClo/w700/maxresdefault.jpg)
Free Downloads
Photography
Softwares
Top Articles
Best Free Software for Graphic Designers
ග්‍රැෆික් නිර්මාණ කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඔවුන්ට වැඩ කිරීමට භාවිතා කරන මෘදුකාංග ප්‍රමාණය සීමිත වීම සහ තිබෙන මෘදුකාංග ඉතා ලොකු මුදලක් දී ලබාගැනීමට සිදුවීම. බොහෝ දෙනෙක් ග්‍රැෆික් නිර්මාණ කිරීමට යොදාගන්නේ Adobe සමාගමේ නිෂ්පාදන වන Photoshop, Illustrator, After Effects වැනි මෘදුකාංගයි. මෙම Adobe සමාගමේ නිෂ්පාදන ඉතා මිල අධිකයි. බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ එම මෘදුකාංග වල Trial හෝ වැරදි ආකාරයෙන් active කරගෙනයි. එවිට එම මෘදුකාංග වලින් ලැබෙන සේවාවන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ ග්‍රැෆික් නිර්මාණ කරන අයට නොමිලේම ලබාගන්න පුළුවන් හොඳ මෘදුකාංග කිහිපයක් ගැනයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOL4Joic60x_T8fjJ_ILFW3-UdOPJuFqB4MyfP4LpYQd9PR6A4XKtTpufAEm5WW7VvJ2YL8YCK5qZFSmr1cf1NBh7OI2GbH_FH-TFn5oDQgzCsaU3t2v_5PrOlop3hj-InqEkflmASClo/s640/maxresdefault.jpg)
ඔබට එම එක් එක් මෘදුකාංගයන් භාගත කිරීමට අවශ්‍ය නම් පහත සඳහන් එම නම් මත click කරන්න.
1. Inkscape
Adobe Illustrator වෙනුවට භාවිතා කල හැකි Vector ග්‍රැෆික් නිර්මාණය කිරීමට යොදාගන්නා මෘදුකාංගයකි. මෙය Open Source එකක් වන අතර Windows මෙන්ම Mac සහ Linux මෙහෙයුම් පද්ධති වලද ක්‍රියාත්මක කල හැකිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYlwQ37n_xAm3pSMpfmG6hqcDDSzJyj6DpNgUv226OkHCVEg0ILavAmkCuYPRUh7XL72IfqakQSmkXUoq9pR5ZZLyDGbCnd_ZXNLMEE-q2rBUmb4d16BDUAKctAvbtT-eJ4EBQZXaBuxk/s200/zpoPduZityu2qgqKoBfMnT-320-80.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicMIKCa7LRV7T6tVUVaGoPtOf87RoXOKoZSJkPdfGzTVeBnLdAibY9R8tsdEWpMQvf7_ABCwRGRpiX9KrPnbfXa7tLtoQB5EN4cTIg9Ge7dEVuvcBg0SQsNdpCP-2Q_rg1JJnqmTlAUq8/s400/q9Jf2A3Xw5ymWmYuyVi9VU-650-80.jpg)
2. Krita
මෙයද Adobe Illustrator වෙනුවට යොදාගත හැකි Open Source මෘදුකාංගයකි. Vector, Illustrations සහ Comics වැනි ග්‍රැෆික් නිර්මාණයට භාවිතා කල හැකිය.
3. Gimp
Open Source මෘදුකාංගයක් වන මෙය Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි ජනප්‍රිය ඡායාරූප සංස්කරණ මෘදුකාංගයකි.
4. Blender
Open Source මෘදුකාංග ගණයට අයත්වන මෙය සාමාන්‍යය 2D ග්‍රැෆික් නිර්මාණයට එහා ගිය 3D නිර්මාණ සඳහා යොදාගත හැකි මෘදුකාංගයකි. Windows, Mac සහ Linux මෙහෙයුම් පද්ධති සඳහා මෙහි වෙන් වෙන් වශයෙන් වූ සංස්කරණ ඉදිරිපත් කර ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRxPwy279blkCKZEIxaCMAFDJhaFbIFew59_EwW9bZM03S78jUvXDX-psmmCP87HoJd4sy-Mq2J0zumDzExPo7h5O8Z5ztH4odrV79IJDI0JjYYlI5CwaSfZ0vGtE4lsosNn-u_IR0-1k/s200/BlenderDesktopLogo.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKWD4YDNEZRLvM_fWhLeGYze4pa47A5_QCXXrGrv4eqthdaWHmycksji1ff-u1ziLbcu8ZUHStKNswtzLAFVKK9C6G2f31z_WTsBlcH8XUUjTmv8MX9jNaX7s15Hdpzh6TulzzTK6y53M/s400/BvsC5P94AeLYSBvJL7a2za-650-80.jpg)
5. Easel.ly
මෙයත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවක් වුනත් මෙහි වැඩ කරන්න වෙන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ගිණුමක් සාදාගෙනයි. එහි online සිටිමින් වැඩ කරන්න වෙනවා. මෙය වැඩිපුරම භාවිතා කරන්නේ infographic නිර්මාණය කිරීම සඳහායි. නිර්මාණයක් කිරීමෙන් පසුව එය image ලෙස හෝ pdf ලෙස save කරගන්නත් පුළුවන්.