Breaking
Loading...
අන්තර්ජාල ප්‍රවේශය ලබාගන්න නම් අපිට අන්තර්ජාල සේවා සම්පාදකයෙකුගේ සහාය ලබාගන්න වෙනවා. ඔවුන් විසින් අපට අවශ්‍යතාවය අනුව විවිධ ප්‍රමාණ වල විවිධ වේග වලින් අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙනවා. වර්තමානයේ නම් ගොඩක් අය භාවිතා කරන්නේ 3G සහ 4G තාක්ෂණයන්. 


ඔබට 3G සහ 4G වල වෙනස්කම් පහත සටහනින් බලාගන්න පුළුවන්.



වේගය අතින් ගත්තම 4G ඉතා වේගවත් කියලා පේනවා ඇති ඔබට. ඉතින් මේ 4G වලින් පස්සේ මොකක්ද එන්නේ? නිකන් හිතුවත් කියන්න පුළුවන් ඊළඟට එන්නේ 5G කියලා. ඔව්. 5G තමයි ඊළඟට එන්නේ. මේ වනවිට (2017) පරීක්ෂණ මට්ටමේ තිබෙන මෙය 2020 දී තමයි ලොවපුරා අන්තර්ජාල සේවාවට එකතු කරන්න බලාපොරොත්තුවෙන් සිටියේ. නමුත් දැන් තිබෙන සාර්ථකත්වය අනුව 2019 අග භාගය වනවිට 5G තාක්ෂණය කරලියට ගෙන්න පුළුවන් කියලයි මේ සම්බන්ධව කටයුතු කරන සමාගම් පවසන්නේ.


Verizon, T-Mobile, AT&T, Nokia සහ Ericsson වැනි සමාගම් තමයි මෙම 5G තාක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන්නේ. දැනට ඇති 4G වලට වඩා 10 ගුණයක් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 5G වලට තිබෙනවා. ඒ කියන්නේ තත්පරයට 1GB විතර වේගයක් තිබෙනවා. සමහරවිට එය ඊටත් වඩා වැඩිවිය හැකි බවටත් සියුම් ඉඟි,අනාවැකි පළවෙමින් පවතිනවා. 1990 දී ආරම්භ වූ 2G මඟින් text කිරීම පමණක්ද, 3G වලදී අන්තර්ජාලය හරහා ඡායාරූප යවන්නත්, 4G වලින් වීඩියෝ බැලීමේ හැකියාවත් ලැබුනා. 5G මඟින් ඊටත් එහා ගිය ඉතා අධිවේගී සේවාවන් ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදියට self-driving කාර් පාලනය කිරීමට සහ රොබෝ තාක්ෂණය සඳහා 5G යොදාගන්න පුළුවන් වෙනවා.

දැනට අන්තර්ජාල සේවා සැපයීමට යොදාගන්නා FiberOptic වැනි Cable වෙනුවට ස්මාර්ට් ෆෝන් සඳහා 5G සමඟ වැඩ කළහැකි විශේෂිත චිප් එකක් Qualcomm සමාගම විසින් නිර්මාණය කරනු ලබනවා.



5G ආගමනයත් සමඟ ලොවපුරා නව රැකියා අවස්ථා මිලියන 22ක් ද, ඒ ඔස්සේ ආර්ථිකයේ දියුණුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 12.3 ක් වනු ඇති බවද පැවසෙනවා.

නමුත් මෙම 5G තාක්ෂණය සමඟ මුසුවීමට නම් දැනට ඇති සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන සහ කුළුණු වල සැළකියයුතු මට්ටමකින් දෘඩාංග වල වෙනස්කම් රැසක් කල යුතු වෙනවා. ඒ සඳහා නම් මුලින් ලොකු වියදමක් දරන්න වෙනවා. නමුත් 5G හරහා ලැබෙන වාසි සහගත තත්වයන් බැලූවිට එසේ පළමුව ලොකු වියදමක් දැරීමට සිදුවීම අවාසියක්ම නෙවෙයි.

පැය 2ක් දිග Guardians of the Galaxy චිත්‍රපටය 3G, 4G සහ 5G මගින් බාගත කරගැනීමේදී ගතවන කාලය සහ, එම කාලය තුළදී ඔබට කළ හැකි දේවල් මොනවාද යන්න පහත සටහනින් දැක්වෙනවා. ඔබට එවිට තේරුම් ගන්න පුළුවන් වේවි 5G වලින් ලැබෙන ප්‍රතිලාබය ගැන.


එසේනම් අපිට කරන්න තියෙන්නේ මේ අධිවේගී 5G එනකන් මඟ බලාගෙන සිටීමයි.