
Basic of Computer
Basic of IT
How to
Networking
Top Articles
TV එකෙන් පරිඝනකය බලන්න

පරිඝනක තිරයද විශාල? රූපවාහිනී තිරයද? සාපේක්ෂව බැලුවොත් පරිඝනක තිරයට වඩා රූපවාහිනී තිරය තරමක් හෝ විශාල වෙනවා. හිතන්න මෙහෙම.. ඔබට අවශ්‍යයි වීඩියෝ දර්ශනයක් හෝ පින්තූර slide show එකක් පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමඟ බලන්න. එහෙම නම් ඔබට වඩාත් සුදුසු පරිඝනක තිරයක්ද, රූපවාහිනී තිරයක්ද? අනිවාර්යෙන්ම රූපවාහිනී තිරයක් තමයි ගැලපෙන්නේ. පරිඝනකයේ තිබෙන වීඩියෝ දර්ශනයක් හෝ පින්තූර රූපවාහිනියෙන් පහසුවෙන් නරබන්න පුළුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නේ.
පරිඝනකය සහ රූපවාහිනිය එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් ආකාර ගණනාවක් තිබෙනවා. දෘඩාංග සහ තාක්ෂණය අනුව විවිධ ක්‍රමවේද වලට තමයි මේ කටයුත්ත සිදු කරන්න වෙන්නේ.
මේ කටයුත්ත කරන්න කලින් පරිඝනකයේ සහ රූපවාහිනියේ තිබෙන විවිධ ports සහ cables ගැන දැනගැනීම අවශ්‍ය වෙනවා.
1) RCA/Composite -
පැරණිතම සහ ගුණාත්මකබවෙන් අඩුම සම්බන්ධක port එකක් / රැහැනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙම port එක කහ, රතු සහ සුදු වර්ණ වලින් යුක්ත වෙනවා. කහ වර්ණය වීඩියෝ සඳහාත්, සුදු වර්ණය වම ප්‍රතිසම (analog) audio සඳහාත් රතු වර්ණය දකුණු ප්‍රතිසම audio සඳහාත් යොදාගනු ලබනවා.
2) S-Video -
S - Video හෙවත් Super video හරහා RCA වලට වඩා ගුණාත්මක බවෙන් යුක්ත video දර්ශන ලබාගන්න පුළුවන්. ගොඩක් පරිඝනක සහ රූපවාහිනී වල මෙය භාවිතා වෙනවා. S - Video වල ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. එකක pins හෙවත් කූරු 4ක් තිබෙන අතර අනිත් එකේ pins 7ක් තිබෙනවා. Video සඳහා තමයි මෙයා භාවිතා කරන්නේ. ඉතින් ඔබට නාදයන් (audio) අහන්න ඕන නම් පරිඝනකයේ headphone jack එකේ සිට රුපවාහිනියේ අදාළ සුදු සහ රතු පාට ආදානයන් සඳහා සම්බන්ධ කල යුතුය.
3) VGA(Video Graphics Array) -
ගොඩක් පරිඝනක සහ රුපවාහිනි වල මෙම VGA port එක තියෙනවා. අනිත් සියලු ports වලට වඩා මින් ලැබෙන දර්ශන වල ගුණාත්මකභාවය වැඩියි. VGA එක හරහා audio සඳහා සහාය නොදක්වන අතර නාදය ලබාගැනීම සඳහා අමතර රැහැනක් යොදාගන්න වෙනවා.
Digital Video Interface හරහා VGA වලටත් වඩා ඉතා හොඳ දර්ශන ලබාගන්න පුළුවන්. Digital රූපවාහිනී සඳහා පමණයි මෙය භාවිතා කල හැක්කේ.
දැනට තිබෙන උපරිම ගුණාත්මකභාවයෙන් යුක්ත සම්බන්ධතාවය වන්නේ මෙයයි. බොහොමයක් HD Tv වල මෙය තිබෙනවා. නමුත් සමහර පරිඝනක වල මෙය නොතිබෙන්න පුළුවන්. එහෙම වුනොත් HDMI , DVI බවට හැරවීම සඳහා HDMI , DVI බවට හරවන අනුවර්තකයක් (adapter) අවශ්‍ය වෙනවා.
දැන් එහෙනම් ඔබට අවබෝධයක් ඇති මේ ports සහ රැහැන් ගැන. එහෙනම් ඔබට දැන් කරන්න තිබෙන්නේ පරිඝනකයේ සහ රූපවාහිනියේ දෙකේම ports තිබෙන ආකාරය අනුව ඊට ගැලපෙන රැහැන් භාවිතා කර පරිඝනකය සන රූපවාහිනිය සම්බන්ධ කිරීමයි. ඉන් පසුව රූපවාහිනී තිරයේ settings සුදුසු පරිදි සකස් කරගන්න ඕන. පහත වීඩියෝ එක මඟින් ඔබට මෙය කරන ආකාරය ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.