ජංගම දුරකථන පරම්පරා

3G , 4G කියලා ඔයාලා අහලා ඇති නේද.. ඇත්තටම මොනවාද මේ.. ගොඩක් අයට අදහසක් ඇති මේ මොකක්ද කියලා. නමුත් හරියට මේ හැම දෙයක් ගැනම සවිස්තරව කතා කරන්න ඕන නිවැරදිව දැනගන්න නම්. ජංගම දුරකතනයක් ගන්න ගියාම අහන දෙයක් තමයි මේ ෆෝන් එක මොන ජෙනරේෂන් එකේද කියලා. මෙන්න මේ ජංගම දුරකථන තාක්ෂණයේ ජෙනරේෂන් එක හෙවත් පරම්පරාව තමයි G අකුරින් කියවෙන්නේ. මේ ජංගම දුරකථන පරම්පරා ආරම්භ වුනේ 0G/1G වලින්. 1970 දී තමයි 1G වලට අයත් ජංගම දුරකතන නිර්මාණය ආරම්භ වුනේ.



ඉන් පසු දෙවන පරම්පරාවේ සිට,එනම් 2G සිට ඩිජිටල් දුරකථන නිර්මාණය කිරීම ඇරඹුනා. 1971 දී  The Autoradiopuhelin (ARP) කියන ෆින්ලන්ත සමාගම විසින් එරට මුල්ම පොදු වාණිජමය දුරකතන ජාලය ආරම්භ කළා. ජර්මනියේ B-netz කියන සමාගම විසිනුත් ජංගම දුරකථන ජාලයක් ආරම්භ කරා. ඔන්න ඔහොමයි 0G ආරම්බය සිද්ධ වුනේ.

ඊට පස්සේ 1G පරම්පරාව නිර්මාණය සිදුවුනා. මේ පරම්පරාවට අයත් වුනේ ඇනලොග් හෙවත් ප්‍රතිසම දුරකථනයි. ඒ 1979-1980 වගේ කාල වලදී.ජපානයේ Nippon Telephone and Telegraph කියන සමාගම විසින් ආරම්භ කරපු මෙය යුරෝපයේ රටවල් වලත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඇමරිකාවේ එක්සත් රාජධානිය වගේ රටවල් වලත් මෙම පළමු පරම්පරාවේ දුරකථන ජාල ප්‍රචාරණය සිදුවුනා.
දෙවන් පරම්පරාව හෙවත් 2G, GSM කියන නාමය යටතේ තමයි වැඩ පටන් ගත්තේ. මෙය අඩු ඩිජිටල් සංඛ්‍යාත පරාසයන් ඔස්සේ තමයි නිර්මාණය වුනේ. GSM තාක්ෂණය අදටත් ලොව භාවිතා කරනු ලබනවා.
මේ පරම්පරාව තුල තමයි GPRS, CDMA, TDMA වගේ ජංගම දුරකථන තාක්ෂණයන් බිහි වුනේ.

ඊට පස්සේ ඔන්න එනවා තුන්වන පරම්පරාව, 3G කියන අපි අදටත් භාවිතා කරන තාක්ෂණය. ඇමරිකාවේ දී 2003 තමයි 3G ආරම්බය සිදු වුනේ. අන්තර්ජාල වේගය 144Kbps වගේ ප්‍රමාණයක් තමයි මෙහි තිබෙන්නේ. EDGE, High-Speed Packet Access (HSPA) වගේ සන්නිවේදන තාක්ෂණික ක්‍රම වල ආගමනය සිදුවුනෙත් මේ තුන්වන පරම්පරාවේදී. වර්තමානය වනවිට 3G සම්බන්ධතා වල අන්තර්ජාල වේගය 400Kbps වගේ දක්වා වැඩි වෙලා තිබෙනවා.

Future mobile generation networks (4G) කියන්නේ දැන් තිබෙන දියුණුම සහ වේගවත්ම දුරකථන සන්නිවේදන ජාල වර්ගයයි. මෙම සංකල්පය 2010 දී ඉදිරිපත් වුනා.4G සඳහා The International Telecommunications Union හෙවත්  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් සම්මතයන් ඉදිරිපත් කර තිබෙනවා. 4G සතුව LTE, HSPA+, Wi-Max වගේ නවතම තාක්ෂණයන් අඩංගු වී තිබෙනවා.

වර්තමානයේ බොහෝ ජංගම දුරකථන නිපදවනු ලබන්නේ 4G තාක්ෂණය මත රදා පවතින ලෙසයි. අපහසුවකින් තොරව අන්තර්ජාලය හරහා ක්‍රීඩා සඳහා, වීඩියෝ දර්ශන නැරඹීමට වැනි online සජීවී කටයුතු කිරීමේ හැකියාව 4G තාක්ෂණය නිසා ලැබී තිබෙනවා.


4G වලින් පසුව කුමක්ද?

ඊට පසුව තිබෙනවා 5G කියන විශ්මය ජනක තාක්ෂණය. එය තවම පරීක්ෂණ මට්ටමේ තමයි තිබෙන්නේ. මෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය... 10Gbps..! ඔවු ඇත්තෙන්ම ඒ තරම් විශාල අගයකින් යුක්ත වෙනවා. මෙම 5G සංකල්පයත් සමඟ මුළු ලෝකයම wifi කලාපයක් බවත් පත්වෙයි කියලා තමයි අනාවැකි ඉදිරිපත් කරලා තිබෙන්නේ. නමුත් 5G වල ආරම්භක මූලික පිරිවැය සහ නඩත්තු වියදම් තරමක් ඉහල අගයක් ගනිවී. 5G වල ඇති ලොකුම ගැටළුව වන්නේද එයයි.


Related Articles

  • A/L ICT2016-07-27Networking Models ජාල ආකෘති ජාලයක් පුරා පරිඝනක උපාංග සම්බන්ධ වන ආකාරය අනුව ජාල සැලසුම් කල හැකි ආ… Read More
  • A/L ICT2016-07-27Networking Hardware ජාලවලට අවශ්‍ය දෘඩාංග පරිඝනක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමට … Read More
  • A/L ICT2016-07-26Issues of Wireless Networks රැහැන් රහිත ජාල පද්ධති වල අවාසි රැහැන් රහිත ජාල පද්ධති වල වාසි මෙන්ම අවාසි සහ… Read More
  • A/L ICT2016-07-26Wireless Technologies Wireless Technologies වල ඒවායේ පරාසය අනුව වර්ග කල හැකි ආකාර කිහිපයක් පවතී. දුර,… Read More
  • Basic of Computer2016-11-07TV එකෙන් පරිඝනකය බලන්න පරිඝනක තිරයද විශාල? රූපවාහිනී තිරයද? සාපේක්ෂව බැලුවොත් පරිඝනක තිරයට වඩා රූපව… Read More
  • A/L ICT2016-07-26Mobile Communication Generations ජංගම දුරකථන පරම්පරා 3G , 4G කියලා ඔයාලා අහලා ඇති නේද.. ඇත්තටම මොනවාද මේ.. ගොඩ… Read More