![Nokia 3310 ආයෙත් ඇවිත් !](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT9l6PGz6PlCSA6UKuzRIU9SsA55xNt4JpuDacnxY2Iw05nOHtKfcTBk03WBXqTLQceor1yzYbiKuiixGGgLSuqEC76b04qFtp6RP79FC1TJTrfTB27FVYX0TXVT1YNXVgl7DDNS307jQ/w700/noki+3310.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhT9l6PGz6PlCSA6UKuzRIU9SsA55xNt4JpuDacnxY2Iw05nOHtKfcTBk03WBXqTLQceor1yzYbiKuiixGGgLSuqEC76b04qFtp6RP79FC1TJTrfTB27FVYX0TXVT1YNXVgl7DDNS307jQ/s640/noki+3310.jpg)
Nokia 3310 phone එක පාවිච්චි කරලා තියෙන්නේ කව්ද කියල ඇහුවොත් 1990 ට පෙර ඉපදුන අය බොහෝ දෙනෙක් අත් උස්සාවී. මොකද ඒ පරම්පරාවේ අය තමයි මේ phone එක භාවිතා කරේ. එයාලා මේකට කිව්වේ ගඩොල් භාගය කියල. මොකද ප්‍රමාණයෙන් විශාල බර phone එකක් තමයි මේ Nokia 3310 කියලා කියන්නේ. දැන් නම් මේ phone එක භාවිතා කරන්නේ reload දාන කඩවල් වල විතරයි.
ඉතින් මේ Nokia 3310 phone එක ගැන කතා කරොත් Nokia සමාගම 2000 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙය හඳුන්වා දීමෙන් අනතුරුව මිලියන 126 ක තරම් phones ලොවපුරා විකුනලා තියෙනවා. මේ phone එකේ තමයි snake කියන ජනප්‍රිය game එකත් මුලින් කරලියට ආවේ. ඉතින් මේ පැරණි phone එක පොඩ්ඩක් විතර mod කරලා හඳුන්වා දෙන්න Nokia වෙනුවෙන් phones නිෂ්පාදනය කරන HMD සමාගම පියවර අරන් තියෙනවා. Nokia phones සඳහා භාවිතා කරන Series 30+ මෘදුකාංගය, අඟල් 2.4 තිරය, මෙගා පික්සල් 2 කැමරාව මෙන්ම SD කාර්ඩ් සම්බන්ධ කිරීමේ හැකියාවත් මේ සතුව තියෙනවා. මුල්ම 3310 වගේ බරසාර,මහත phone එකක් ලෙස නොව වර්තමානයේ තිබෙන අනිත් phones වගේ සැහැල්ලු,සරල සුමට නිමාවකින් මේ phone එක නිර්මාණය කර තිබීමත් තවත් විශේෂත්වයක්. එමෙන්ම mod කරපු snake game එකත්, පැය 22ක කතා කාලයක් සහිත දීර්ඝ ආයු කාලයක් මෙම Nokia 3310 phone එකේ තියෙනවා. කහ, රතු, නිල් සහ අළු පැහැයන්ගෙන් මෙම phones නිකුත් කිරීමට HMD සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවයි අපට වාර්තා වන්නේ. ඉතින් ඔබට මෙම phone එක $52 ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් නම් 8000 ක් වගේ මිලකට මෙය මිළදී ගන්න පුළුවන්.