
Windows කිව්වම අපි හැමෝම අතර ජනප්‍රියයි නේද. අපි හැමෝගෙම වගේ පරිඝනක වල තියෙන්නේ මේ Windows මෙහෙයුම් පද්ධති නේ. ඉතින් මේ Windows වල ඉතිහාසය ගැන තමයි කියන්න හදන්නේ.

Windows නිර්මාණය කරන ලද Microsoft සමාගමේ පළමු මෙහෙයුම් පද්ධතිය වුනේ DOS මෙහෙයුම් පද්ධතියයි. මෙය 1991 දී IBM PC සඳහා නිර්මාණය කරන ලද විධාන පේලි අතුරුමුහුණත් මෙහෙයුම් පද්ධතියක් (Command Line Interface) වේ.
ඉන්පසුව ඔන්න එනවා Microsoft Windows හි පළමු මෙහෙයුම් පද්ධතිය වන Microsoft Windows 1.0 1985 දී. මෙය තමයි පළමු ග්‍රාෆික අතුරුමුහුණත වුනේ.
නමුත් මෙම මෙහෙයුම් පද්ධතිය ජනප්‍රිය වුනේ නම් නැහැ. ඉන්පසුව Microsoft Windows 2.0 නිකුත් වුනා 1987 දෙසැම්බර් 09 වන දින. එයත් හිතපු තරම් ජනප්‍රිය වුනේ නම් නැහැ. ඔන්න ඉන් පසුව තමයි Windows 3.0 නිකුත් වුනේ. 1990 මැයි 22 නිකුත් වූ මෙම මෙහෙයුම් පද්ධතිය නම් කලින් ඒවාට වඩා ජනප්‍රිය වුනා.
ඉන්පසුව ඔවුන් මෙම Windows 3.0 වල අනුරූප ලෙස 1992 දී 3.1 ද, ඊටත් පසුව 3.11 ද නිකුත් කරනු ලැබුවා.
1995 වසර තමයි Microsoft Windows මෙහෙයුම් පද්ධති වල ජනප්‍රියත්වය වැඩි වෙන්න පටන් ගත්ත හොඳම මෙහෙයුම් පද්ධතිය වුනේ. ඒ තමයි 1995 අගෝස්තු 24 නිකුත්වූ Windows 95. මෙය බිටු 16 සහ FAT 16 ගොනු පද්ධති ක්‍රමයෙන් ක්‍රියාත්මක වුනා. Windows 95 වලට පසුව Windows 95A OSR1, Windows 95B OSR2, Windows 95B OSR2.1 සහ Windows 95C OSR2.5 ආදී නව සංස්කරණ රැසක් ඉදිරිපත් කළා.
Microsoft සමාගම විසින් 1998 දී ඔවුන්ගේ තවත් ඉතා ජනප්‍රිය වුන Windows 98 නිකුත් වුනේ. හැබැයි මෙම මෙහෙයුම් පද්ධතිය එකවර වැඩසටහන් කිහිපයක් සමඟ වැඩ කරද්දී මතකය කළමනාකරණය කිරීම පිළිබඳව ගැටළු ඇවිත් පරිඝනක සිරවීම් සිදු වුනා. මේ නිසා Microsoft සමාගම 2000 පෙබරවාරි 17 දින Windows 98 හි ඊළඟ සංස්කරණය ලෙස Windows 98 SE (Second Edition) නිකුත් වුනා.
2000 වසරේදීම සැප්තැම්බර් 14 දින ඔවුන් Windows Millennium නමින් Windows Me නම් අලුත්ම මෙහෙයුම් පද්ධතිය නිකුත් කරනු ලබනවා. මෙය නවතම මෘදුකාංග සහ බහු මාධ්‍ය තාක්ෂණයට සහාය දක්වන
මෙහෙයුම් පද්ධතියක් ලෙස ලොව පුරාම ජනප්‍රිය වුනා.
Microsoft සමාගම නිකුත් කල සෑම මෙහෙයුම් පද්ධතියක්ම සාමාන්‍යය පරිඝනක පාදක ඒවා වුනු අතර Server පරිඝනක වලට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියක් ලෙස Windows NT (New Technology) 1993 මැයි 24 නිකුත් කරා. මෙම Windows NT වලද විවිධ සංස්කරණ නිකුත් වුනා. ඒවා තමයි Windows NT 3.1,1994 සැප්තැම්බර් Windows වලදී NT 3.5 සහ 1995 ජුනි වලදී Windows 3.51.Windows NT 4.0 1996 අගෝස්තු 24 නිකුවීමත් සමඟ ඉතා ජනප්‍රිය වුනා.
1998 ජූලි මස Windows NT 4.0 TSE (Terminal Server Emulation) ලෙස වඩාත් දියුණු කාර්යක්ෂම server මෙහෙයුම් පද්ධතියක් ලෙස ජනප්‍රියත්වයට පත්වුනා.
2000 පෙබරවාරි 17 දින Windows 2000 මෙහෙයුම් පද්ධතිය නිකුත් වුනා. මෙයත් අලුත් අංග ගණනාවක් සමඟ නිර්මාණය වුන මෙහෙයුම් පද්ධතියක් නිසා ගොඩක් ජනප්‍රිය වුනා.
ඉන්පසුව 2001 අප්‍රේල් 25 Windows XP නිකුත් වුනා. මෙහෙයුම් පද්ධති අතරින් වැඩිම කාලයක් වැඩිම දෙනෙක් අතර ජනප්‍රිය වුන මෙහෙයුම් පද්ධතියක් ලෙස මෙම Windows XP වාර්තා තබනවා. 2003 අප්‍රේල් 24 Windows Server 2003 මෙහෙයුම් පද්ධතියද නිකුත් කරනවා.
ඉන්පසුව Microsoft සමාගම විසින් ඔවුන්ගේ Vista මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඉදිරිපත් කරනු ලබනවා. ඒ 2006 නොවෙම්බර් 30 වන දිනයි. මෙය ඔවුන් නිර්මාණය කරන ලද නිර්මාණශීලී මෙහෙයුම් පද්ධතියක් වෙනවා. හැබැයි මෙය හිතපු තරම් ගොඩක් අය අතර ජනප්‍රිය වුනේ නම් නැහැ.
වර්තමානයේත් බොහෝ දෙනෙක් භාවිතා කරන Windows 7 මෙහෙයුම් පද්ධතිය කරලියට එන්නේ 2009 ජුලි 22 දිනයි.
2012 ඔක්තෝබර් 26 Microsoft සමාගම විසින් Windows 8 නිකුත් කරනු ලබනවා. මෙය ඔවුන්ගේ වෙනස්ම ආරක මෙහෙයුම් පද්ධති අතුරු මුහුණතක් නිසා ගොඩක් පරිශීලකයන්ට වෙනස් සහ නවමු අත්දැකීමක් වුනා.
Windows 8 තරමක් වෙනසකට භාජනය කරමින් Microsoft සමාගම විසින් Windows 10 මෙහෙයුම් පද්ධතිය 2015 ජූලි 29 දින නිකුත් කරනු ලැබුවා. එයද Windows XP, Windows 7 මෙන්ම ලොව පුරා ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වුනේ Windows 10 හි තිබූ කාර්යක්ෂම සහ ආකර්ෂණීය භාවය නිසා මෙන්ම එය භාවිතා කිරීමේ ඇති පහසුව නිසාමයි.