පසුගිය දින ලොවටම තර්ජනයක් වූ WannaCry නම් Ransomeware එක ගැන අපි ඔබට කිවුවා මතක ඇතිනේ. ඔබ තවමත් ඒ ගැන දැනුවත් නැතිනම් මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න.
දැන් අපි ඔබට කියන්න යන්නේ රටවල් 150 කට අධික 300,000 දෙනෙක්ට තම පරිඝනක දත්ත නැතිකරවූ මෙම අවාසනාවන්ත ransomware එක සහමුලින්ම නැති කර දමා ඇති බවයි. ලොව ප්‍රබල Microsoft, Kaspersky, Sementec වැනි සමාගම් වලටත් අල්ලාගත නොහැකිවූ මෙය නවතා දැමීමට හැකිවුයේ වෙන කාටවත් නොව අවුරුදු 22 ක තරුණයකුටයි. ඔහු නමින් Marcus Hutchins වන අතර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරනවා. Malwaretech නම් ජනප්‍රිය බ්ලොග් අඩවිය පවත්වාගෙන යන මොහු පරිඝනක අංශයේ විශාල දැනුම් සම්භාරයක් සහිත කෙනෙක්. ඔහුගේ රැකියාව වන්නේ තනිවම හිඳිමින් විවිධ මෘදුකාංග ආදිය නිර්මාණය කිරීමයි. පරිඝනක සහ ජාල වල ක්‍රියාකාරීත්වය පිලිබඳ හසල දැනුමක් ඔහුට තිබෙනවා. වරක් ඔහු පාසලේ පරිඝනක පද්ධතිය hack කිරීම නිසා පාසලින් පවා නෙරපා හරිනු ලබනවා. හැබැයි ඔහු තම දක්ෂතාවය ඉන්පසුව වැරදි දේවල් වලට භාවිතා නොකර යහපත් කටයුතු වලට යොදනවා. මේ නිසා ඔහු White Hacker කෙනෙක් ලෙසයි ජනප්‍රිය වෙලා තිබෙන්නේ.
WannaCry නම් මෙම Ransomware එක පැතිරෙන්න පටන ගත විගසම ඔහු තම දැනුම යොදාගෙන එය පැතිරෙන වේගය අඩපණ කර තිබෙනවා. ඉන්පසුව ඔහු IP ලිපින සමඟ Domain නාමයක් මෙම Ransomware කේතය තුලට ඇතුළත් කර එහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමනවා. ඔහුගේ මෙම ක්‍රියාව නිසා බොහෝ දෙනෙක්ට නැවතත් බයක් නොමැතිව පරිඝනක සහ අන්තර්ජාලය සමඟ වැඩ කිරීමේ හැකියාව ලැබුනා. මේ නිසාම ඔහුට විවිධ සමාගම් සහ ආයතන විශාල වශයෙන් $ 10,000 ක මුදල් පරිත්‍යාග හිමි කර දී තිබෙනවා. නමුත් මේ ඇති දක්ෂ විශිෂ්ඨ Marcus Hutchins එම සෑම මුදලක්ම පුණ්‍යාධාර ලෙස යොදවන්න තීරණය කර තිබෙනවා. හැබැයි ඔහු එක පරිත්‍යාගයක් නම් ප්‍රතික්ෂේප කර නැහැ !
ඒ තමයි Pizza ! Marcus Hutchins ගේ ප්‍රියතම ආහාරය වන්නේ Pizza යි. ඔහු දිවා ආහාරයට තම වැඩ කරන ස්ථානයට Pizza order කරගන්නවා. ඔහු පවසනනේ ආහාර පිසීමට ගතවන කාලය ඉතුරු කරගෙන තම වැඩ කටයුතු කරගන්න මෙලෙස Pizza කෑමට හුරුවූ බවයි. ඉතින් මේ නිසා Just Eat නම් අවන්හලක් මඟින් මේ Marcus Hutchins ට අවුරුද්දක් පුරාවට නොමිලේ Pizza සැපයීමට කැමැත්ත පල කර තිබෙනවා ඔහු කල සේවය ඇගයීමක් විදියට.

ඔහු කොතරම් Pizza වලට කැමතිද කියනවා නම් ඔහුගේ පරිඝනක කාමරයේ එක පැත්තක සම්පූර්ණයෙන්ම පුරවා ඇත්තේ Pizza පෙට්ටි වලිනුයි.

කෙසේ නමුත් ලොවටම තර්ජනයක් වූ මෙම Ransomware එක මැඩපැවැත්වීම නිසා Marcus Hutchins ගේ ජීවිතයට තර්ජන එල්ලවෙමින් පවතින බවද වාර්තා වෙනවා. මේ නිසා ඔහු දැන් සිටින ස්ථානයෙන් ඉවත්වී යාමට කටයුතු කරන බව Marcus Hutchins පවසා තිබෙනවා.
ඔහු විසින් මෙම වික්‍රමය කිරීමට ප්‍රථම මෙම ransomware එකට හසුවූවන් විසින් මෙම cyber අපරාධකරුවන්ට $ 70,000 පමණ මුදල් ගෙවීමක් කර තිබෙනවා. නමුත් සොයාගෙන තිබෙන විදියට නිවැරදිව ගෙවීම් සිදුකරත් මෙම ransomware මඟින් encrypt වූ files නැවත යතා තත්වයට පත්වී නැහැ. එනම් ransomware එක මඟින් මිනිසුන් මුලාවේ දැමීමක් සිදුකර ඇති බව පෙනී යනවා. එම නිසා මේ වනවිට ඇමරිකාව රුසියාව සහ එංගලන්තය වැනි තර්ජනය ලක්වූ රටවල් මෙම cyber අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු යොදමින් සිටිනවා.