
පරිඝනක ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉටුකළ පුද්ගලයෙකු
ගැනයි මේ කියන්න හදන්නේ. පරිඝනකයේ පියා යන විරුදාවලිය හිමිවන්නේ මොහුටයි. එසේ කියපු සැනින් ඔබ
දන්නවත් ඇති මේ කියන්නේ කවුරු ගැනද කියල. මේ ඔබට කියන්න යන්නේ චාර්ල්ස් බැබේජ්
නම් ඒ විශිෂ්ඨ පුද්ගලයා ගැනයි.

චාර්ල්ස්
බැබේජ් 1791 දෙසැම්බර් 26 දින එංගලන්තයේ සරේහි වල්වර්ත් නම් ප්‍රදේශයේදී උපත
ලැබීය. ඔහු බෙනජ්මින් බැබේජ් සහ එළිසබත් ටේප් යුවලට දාව ඉපදුනු දරුවන් සිවු
දෙනාගෙන් කෙනෙකු විය. උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් ට්‍රිනිටි විශ්ව විද්‍යාලයට
ඇතුලත්වී ගණිතය විෂය හදාරන චාර්ල්ස් පසුව
කේම්බ්‍රිජ් හි පීටර්හවුස් වලින් MA උපාධියක් 1817 දී ලබාගත්තේය.

අධ්‍යාපනයෙන්
ඉහළට යන අතරතුර තම සිත්ගත් තරුණියක් වන ජෝර්ජියානා වයිට්මෝ සමඟ විවාහ පත්විය.
දරුවන් අට දෙනෙකුට පියෙකු වූ චාර්ල්ස්ට ජීවිත කාලය පුරාම දරු සුරතල් බැලීමට
හැකියාව ලැබුනේ ඉන් තිදෙනෙකුගෙන් පමණි. අනික් සියලු දරුවන් කුඩා වයස් වලදීම අකල්
මරණ වලට ගොදුරු විය. 1871 දී මිය යන තුරුම ජීවත් වූ මෙරිල්බෝන්හි ඩොසර්ට් වීදියේ
නිවසට තරුණ චාර්ල්ස් පැමිණෙන්නේ 1828 දීය.
1816 දී
එංගලන්තයේ රාජකීය විද්‍යා සහ ගණිත සංගමය
සමඟ සම්බන්ධ වන චාර්ල්ස් 1828 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳව ඉහළම තනතුර වන ලුකෙසියන් (Lucasian) මුල් පුටුවට
හිමිකම් දැරීය. එම තනතුරෙහි ඔහු වසර එකොළහක් පුරා සිටිමින් විශිෂ්ඨ සේවාවක්
සැපයීය.
සිදුකල සේවාවන් -
* 1820 දී තාරකා විද්‍යා සංගමය පිහිටුවීමට මූලික වී කටයුතු කළේය.
* අක්ෂි සායන වලදී ඇස ඇතුලත නිරීක්ෂණය කරන චක්ෂුරීක්ෂය (ophthalmoscope) සොයාගනු ලැබීය.
* 1838 දී දුම්රිය වල ඉදිරිපස යට තිබෙන බාධක නිරවරකය හෙවත් cow-catcher කොටස නිර්මාණය කරන ලදී.

* උදම් රළ ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට හැකිබව යෝජනා කරන ලදී.
* 1822 ජුනි 14 දින පරිඝණකවල ආරම්භය සනිටුහන් කරමින් චාර්ල්ස් විසින් difference engine රාජකීය තාරකා විද්‍යා සංගමයට ඉදිරිපත් කරන ලදී. එම උපකරණය මඟින් බහු පද ප්‍රකාශන සහ ශ්‍රිත ස්වයංක්‍රීයව සකස් කිරීම සිදුවේ. මෙම යන්ත්‍රය සම්පූර්ණයෙන්ම නිවැරදිව සැකසීමට චාර්ල්ස්ට නොහැකිවූ අතර එය සොයාගෙන වසර 153 කට පසුව, 2002 ලන්ඩන් වලදී සම්පූර්ණයෙන් නිම කරන ලදී. එහි කොටස් 8000ක් පමණ තිබූ අතර ටොන් පහක බරකින් සහ අඩි එකොළහක් දිගින් පැවතුනි.
* 1833 – 1842 අතර කාලයේදී චාර්ල්ස් විසින් ස්වයංක්‍රීයව වැඩකළ හැකි වැඩසටහන් කරණය කරන ලද යන්ත්‍රයක් නිර්මාණය කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඔහු විසින් Analytical engine එක සොයාගන්නා ලදී.
මෙම උපකරණය පරිඝනක තාක්ෂණයේ ආරම්භක පියවරක් සෙ සලකන නිසා චාර්ල්ස් බැබේජ් පරිඝනකයේ පියා ලෙස හඳුන්වයි.


විවිධ ක්ෂේත්‍ර වල දස්කම් පෑ විශිෂ්ඨ විද්‍යාධරයෙක් වූ මේ මිනිසා පරිඝනක වල ආරම්භය සනිටුහන් කරමින් විවිධ නිර්මාණ රැසක් ලෝකයට ඉදිරිපත් කර 1871 ඔක්තෝබර් 18 දින මෙලොවින් සමුගත්තේය.