
Hypertex කියලා කියන්නේ එකිනෙක සම්බන්ධ වුන html ගොනු(documents) වල එකතුවක්. වෙබ් browser එකකට වෙබ් පිටු තිබෙන වෙබ් අඩවියක්ස කස් වෙන්න ඕන කොහොමද කියන එක තමයි Markup Language එකකින් අදහස් වෙන්නේ. ඔයාල මුලින්ම කරන්න ඕන notepad එක විවෘත කරගෙන එහි හිස් අවකාශයේ ලියන්න පටන් ගන්න එකයි. HTML වල තියෙන ලොකුම වාසියක් වන්නේ එය simple හෝ capital ඕනෑම විදියකට ලියන්න පුළුවන් වීම. ඒ කියන්නේ html යනු case insensitive භාෂාවක්. ලොකු පොඩි මොන විදියට ලිව්වත් ප්‍රශ්නයක් නෑ..ඒත් ගොඩක් අය simple විදියට තමයි html code ලියන්නේ.

HYPERTEXT MARKUP LANGUAGE
HyperText Markup Language
hypertext markup language
මේ කුමන විදියට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැකපු ගමන් කියවන්න පහසු simple,ඒ කියන්නේ අවසානයට තියෙන විදිය නේද.. ඕනෑම programming භාෂාවක් බොහෝවිට ලියන්නේ simple වලින්. එමනිසා අපිත් simple වලින්ම වැඩේ පටන් ගමු. මුලින්ම එහෙනම් පහත තියෙන පොඩි code කොටස type කරලා ඉන්න. මේ තියෙන්නේ html වල මූලික කොටසක්.සාමාන්‍ය වෙබ් පිටුවක html අඩංගු වෙන්නේ මේ පිළිවෙලට. මේ හැම දෙයක් ගැනම වෙන වෙනම අපි කතා කරමු.
<!DOCTYPE htm l>
<html>
<head>
<title>This is document title</title>
</head>
<body>
<h1>This is a heading</h1>
<p> Document content goes here..... </p>
</body>
</html>
ඊට පස්සේ කරන්න ඕන notepad එකේ ඉහල කෙළවරේ තියෙන file කොටසට ගිහින් save as කියන එක click කරන්න. ඊට පසුව ඔයාගේ code කොටස තියෙන මේ notepad file එක අපි වෙබ් browser එකක විවෘත වන විදියට save කරගන්න ඕන. ඔයාගේ file එකේ නම කැමති විදියකට තියලා .txt කොටස වෙනුවට .html කියලා වෙනස් කරන්න. save කරගන්න.ඔයාගේ සෑම html වැඩක්ම කරන files save කරගන්න වෙනම folder එකක් නිර්මාණය කරලා තියාගන්න. ඒක තව ගොඩක් වැඩ කරද්දී අවශ්‍ය වෙනවා. දැන් ඔය code කොටස වෙබ් පිටුවක් ආකාරයට save වෙලා ඇති. ඒක save කරපු ස්ථානයට ගිහින් බලන්න.ඔයාගේ web browser එකෙන් විවෘත වන ලෙස තමයි අදාළ file එක ඇත්තේ. ඒක web browser එකෙන් විවෘත කරාම ඔන්න ඔයාගේ මුල්ම වෙබ් පිටුව පෙන්නාවි.
