Software-as–a-Service මඟින් කරනු ලබන්නේ cloud තාක්ෂණය හරහා පාරිභෝගිකයන්ට තම වැඩ කටයුතු සහ ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මෘදුකාංග ලබාගත හැකිවීමයි.
උදාහරණ ලෙස මිල සටහන් සහ බඩු ලේඛන පද්ධති (Billing and invoicing system), පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධති(Customer Relationship Management), මානව සම්පත් පද්ධති (Human Resource Solutions) සහ වෙනත් desktop මෘදුකාංග ආදි සේවා සැපයීමයි.

සමහර SaaS සේවාවන් අවශ්‍ය පරිදි වෙනස් කරගත නොහැකි අතර තවත් සමහර අවස්ථාවල පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි තම මෘදුකාංග වෙනස් කිරීමට සහ වැඩි දියුණු කිරීමට Application Programming Interface (API) පහසුකම් සපයා ඇත. උදාහර ලෙස Microsoft Office Suite ආදිය වෙනස් කිරීමේ හැකියාවක් නැත. නමුත් Billing and invoicing system ආදිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගැනීමට හැකියාව තිබේ.

වාසි - 

1. අවශ්‍ය තරම් මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගත හැකිවීම.
2. සාමාන්‍ය වෙළඳපොලෙන් ලබාගන්නවාට වඩා අඩු මිළට cloud හරහා මෘදුකාංග ලබාගැනීම හැකියාව.
3. නිරන්තරයෙන් මෘදුකාංග යාවත්කාලීන වන නිසා නව්‍ය සේවා ලබාගැනීමට හැකිවීම.
4. සමහර මෘදුකාංග තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිවීම.


අවාසි - 

1. අන්තර්ජාලයට browser එකක් හරහා සම්බන්ධවී වැඩ කල යුතු නිසා සමහර මෘදුකාංග සහ සේවා browsers සමඟ නිවැරදිව ක්‍රියාත්මක නොවීම.
2. එක දිගට වැඩ කරන විට වේගවත් සහ සීමා රහිත අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍යවීම.
3. සමහර මෘදුකාංග සමඟ වැඩ කිරීමට හොඳ දැනුමක් තිබිය යුතුවීම.


Related Articles

  • A/L ICT2016-07-10Wireless Connection රැහැන් රහිත සම්බන්ධතා Wireless හෙවත් රැහැන් රහිත දත්ත සම්ප්‍රේෂණය යනු ගුව… Read More
  • A/L ICT2016-07-10Issues of Wireless Networks රැහැන් රහිත ජාල වල අවාසි  රැහැන් රහිත ජාල පද්ධති වල වාසි මෙන්ම අවාසි ස… Read More
  • A/L ICT2016-07-18eBusiness Models විද්‍යුත් වාණිජ්‍යයේ ප්‍රභේද විද්‍යුත් වාණිජ්‍යයේ ගණුදෙනුවකට සම්බන්ධ වන පාර්ෂ… Read More
  • A/L ICT2016-07-18E-Commerce Overview විද්‍යුත් වාණිජ්‍යය යනු අන්තර්ජාලය වැනි පරිගණක හා සබැදි සන්නිවේදන ජාල හරහා භාණ්… Read More
  • A/L ICT2016-07-18Advantages of eCommerce විද්‍යුත් වාණිජ්‍යයේ වාසි ව්‍යාපාර වලට ලැබෙන ප්‍රතිලාභ - ✔ ව්‍යාපාරිකයාට සිය… Read More
  • A/L ICT2016-07-18Disadvantages of eCommerce විද්‍යුත් වාණිජ්‍යයේ අවාසි විද්‍යුත් වාණිජ්‍ය ලොව පුරා ව්‍යාප්ත වුවද යම් ය… Read More